තනතුර අහිමිවූ හිටපු කෘෂි ලේකම්ගෙන් සැර ප්‍රකාශයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තනතුර අහිමිවූ හිටපු කෘෂි ලේකම්ගෙන් සැර ප්‍රකාශයක්


    පසුගිය කොවිඩ් කාලය පුරා කාලය, ශ්‍රමය හා දැනුම කැපකරමින් තමා සිදුකළ සේවය වෙනුවෙන් වැටුපක් හෝ ලබානොගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසයි.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, එවැනි කැපකිරීමක් සිදුකරමින් ඉටුකළ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමාට දුකක් ඇති බවය.

    තමාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමට හේතුව මෙතෙක් සිතාගත නොහැකි බවද පැවසු ඒ මහතා, තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බව ද පැවසීය.

    මෙහිදී මාධ්‍යවේදියා විසින් වැඩිදුරටත් උදිත් ජයසිංහ මහතාගෙන් විමසා සිටියේ, "ආහාර හිඟයක් ඇති වෙනවා" යනුවෙන් පැවසීම මෙම තනතුර අහිමිවීමට බලපෑවේ ද යන්නය.

    එයට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, ආහාර හිඟයක් ඇති වෙනවා යන්න ආන්දෝලනාත්මක වන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති අයට බව ද පැවසීය.

    "ආහාර හිඟයක් මේ කියන තත්ත්වය යටතේ ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ නැත්තේ නෑ. මේ දැන් වවලා තියෙන කුඹුරු දැක්කහම එළවළු හා පළතුරු වගාව දැක්කහම, තේ පොල් රබල් වගාව දැක්කහම ආහාර හිඟයක් ඇති වෙනවා. ඇති වෙන්නේ නැත්නම් ප්‍රාතිහාරයක් වෙන්න ඕනේ. අපි මුල ඉඳලාම කියලා අපි ඒකට පෙළගැස්වීමයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව එකපාරට මාර්තු මාසයේ වී නෑ, පොල් නෑ. අරක නෑ. මේක නෑ අපි කිව්වේ නෑ කියලා කියන්න නෙමෙයි. අපි යම් විද්‍යාත්මක අනතුරු ඇඟවීමක් සහ පෙර සැකසුමක් ඇතිව දැන් කටයුතු කළොත් මාස දෙක තුනකින් හරි මේකෙන් ගොඩ එන්න පුළුවන් කියන එක පෙන්වීම සඳහා තමයි මම බොහොම සරලව ඒ කටයුත්ත කළේ. එහෙම නැතුව රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනයක් වෙන්නේ නෑනේ ආහාර හිඟයක් එනවා කිව්වා කියලා."

    ප්‍රශ්නය - ඔබතුමාට දත්ත තියෙනවා ද?

    "ආහාර සුරක්ෂිතතාවය තමා මගේ ප්‍රධාන අංශය මගේ පර්යේෂණවල. කෘෂි ආර්ථික විද්‍යාඥයෙක් විදියට මම තව 100ක් 200ක් එක්ක ඔය කටයුත්ත කරලා, පර්යේෂණ කරලා, විවිධ පත්‍රිකා ගහලා ඒවට සම්මාන ලැබිලා ඔක්කෝම වෙලා තියෙනවා. ඉතින් ඕක කියන්න බැරි නම්, යම්කිසි පුරෝකතනයක් සංඛ්‍යා ලේඛන එක්ක කියන්න බැරි නම් අපි අවුරුදු 30ක් විතර ඕක ඉගෙන ගන්න ඕනයැ. මේ වෙන දේ කින් ඊළඟට වෙනදේ කියන එක තමා විද්‍යාවේ තියන වැදගත්ම දේ. කාටහරි ඕක නොවැදගත් වෙන්න පුළුවන්. හිත රිදුනා වෙන්න පුළුවන්. කොළේ වහලා ඉන්න කෙනෙකුට කරදරයක් වෙන්න පුළුවන්. හැබැයි මේක තමා ඇත්ත තත්ත්වේ."

    ප්‍රශ්නය - ඔබතුමා මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට සහ ජනාධිපතිවරයාට දැනුම් දුන්නා ද ?

    "මෙහෙමයි ආහාර හිඟයකට දැනුම්දෙන එක එකපාර ලියුම් ලියලා දැනුම් දෙන්න අවශ්‍ය නෑ. අපි සාකච්ඡා කරනවා. අපි ආහාර සම්බන්ධයෙන් වැඩකරන කමිටුවල ඉන්නවා. ඒ වගෙත් කියන්නේ ඕක ගැන. අපි සාකච්ඡා කරනවා. තීරණ ගන්නවා. ඒවා ඔක්කෝම අහන් ඉඳලා ඇවිත් කෑ ගහන්නේ නෑ. නමුත් ජනතාව දැනුවත් කරන්න බැරි නම්, මට ජනාධිපතිතුමා කියලා තියෙනවා ඔයාගේ එක යුතුකමක් තමා ජනතාව දැනුවත් කරන එක කියලා. ඉතින් මං ඒක තමා කරේ."

    ප්‍රශ්නය - අන්තිමේ දී ජනතාව දැනුවත් කරන්න ගිහින් ඔබතුමාගේ රස්සාවත් නැතිකර ගත්තා.

    "කමක් නෑ. ජනතාව දැනුවත් වුණානම් මදැ. මගේ රස්සාව නැතිවුණා කිව්වහම නැති වුණේ මගේ සෙකට්රිකම. මම ඒකට දුක්වෙනවා. දුක් වෙනවා කියන්නේ ඒක නැතිවෙලා විලාප තියෙන එක නෙමෙයි. යමක් හරියට කරගෙන ගිහිල්ලා ඒක එතැනින් ඉවත් වෙනවා නම් ඒකට දුක හිතෙන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා නම් මං කියන්නේ පෘතඥනයෙක් වෙන්න බෑ. රහත්වෙලා තියෙන්න ඕනේ. මොකද අපේ කාලය, ශ්‍රමය, අපේ දැනුම පහුගිය මාස ගානම මුළු කොවිඩ් කාලෙම අපි වියදම් කළේ, සතපහක් අරගෙනවත් හම්බකරන්නවත් වංචා කරන්නවත් නෙමෙයි. මට අඩුම ගානේ සෙකට්රි විදියට හම්බවෙන රුපියල් 50,000වත් හම්බවුණේ නෑ. අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් මං කළේ. කමක් නෑ. ඒ නිසා දුකක් තියෙනවා. හැබැයි මට ගෙදර යන්න වෙද්දි කාටහරි ප්‍රයෝජනයක් වුණානම් ඒ ඇති."
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    @erozan මේ බෙට්ටත් දිවෙන් සුද්ද කරලා දාපන්.. :lol:
    ආහාර හිගයක් ආවට මූට අවුලක් නෑ ... රාජපක්ෂලාට කෑම ලැබෙනවනේ කොහොමත් ... මූට තියෙන්නෙ රෙනකොට කට අල්ලන්න විතරයි
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    පව් නේද. බල්ලොත් එක්ක ලැග්ගම මැක්කොත් එක්ක තමා ඇහැරෙන්න වෙන්නේේ. ඔයා allowances ඉදන් ගත්තේ නැද්ද බ්‍රෝ :rofl: අපරාදෙනේ අතින් කෙලෝගෙන ඔකේ හිටියේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    අම්මෝ දැන් දෙරනේ ඕක කතා කලා පාදෙණියට බැන්නා පලු යන්න. කේවට්ටයා කියල. 😂
     
    • Like
    Reactions: BadBlueGenius

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    First every tom dick and harry cannot be a secretary of a ministry which is more important than the Minister. So what is his qualifications and experience for the post. If he was appointed by committee headed by Viyathmag Dr. Godahewa , cannot expect much. So I wish him good retirement. Let a person who has got proper qualification and experience be appointed (not by fakes lot but on merits). I do not thing that any person is indispensable.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    අමාත්‍යාංශ ලේකම් කෙනෙක්ට ප්‍රාඩෝ එකක් හම්බ වෙනවා ඩ්‍රවර් කෙනෙක් හම්බ වෙනවා පොලිස් ගාර්ඩ් එක හම්බ වෙනව තව ගැහිලි
    අතින් කාලා හරක් බැලුවා කියන්නේ නම් බොරුවක්.
     
    • Like
    Reactions: AEG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    අමාත්‍යාංශ ලේකම් කෙනෙක්ට ප්‍රාඩෝ එකක් හම්බ වෙනවා ඩ්‍රවර් කෙනෙක් හම්බ වෙනවා පොලිස් ගාර්ඩ් එක හම්බ වෙනව තව ගැහිලි
    අතින් කාලා හරක් බැලුවා කියන්නේ නම් බොරුවක්.
    Eka atta ... Mun patta sapak widinne ... Ehema labilath thamange job eka karanne na hariyata ... Amathiya gahana gahana padeta natanawa thanathura reka ganna ...
     

    Similar threads