තනමල්විල කොල්ලා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,275
    26,752
    113
    Kandy
    මට මතක හැටියට 2008 වගේ කාලෙ.
    මගේ දුරකථනයට ඇමතුමක් ලැබුණා. ඔහුගේ නම කිව්වා.
    ''සර්. තණමල්විල ඉඳලා කතා කරන්නෙ.''
    ''කියන්න පුතා.''
    ''සර්. මම කොම්පියුටර් ගැන ඉගෙන ගන්න හුඟක් ආසයි. ඒත් මෙහේ පහසුකම් නෑ. සර්ගෙ පොත්වලින් සෑහෙන්න ඉගෙනගත්තා.''
    ඒ කාලේ ගම්බද ප්‍රදේශයක දරුවෙකුට
    පරිගණක ගැන ඉගෙනගන්න පහසුකම් තිබුණේ ම නෑ
    මට අහුවෙලා ඉන්නෙ කුතුහලය පිරුණු දරුවෙක්.
    ළමයින්ට උගන්වන චේතනාවෙන් තමයි මම පරිගණක පොත් ලිව්වෙ.
    මේ දරුවාට හැකි උපරිමයෙන් උදව් කළොත් කොල්ලා ඉහළ තැනකට යාවි.
    ඔහු සති දෙකකට තුනකට විතර සැරයක් මට දුරකථනයෙන් සම්බන්ධ වුණා.
    ''සර්ට මම කරදරයක් ද දන්නෙ නෑ.''
    ''නෑ පුතා, කියන්න.''
    ඔහු නිතර ම ප්‍රශ්න අහන්නේ දෘඪාංග (Hardware) පැත්තෙන්.
    ඒ කාලේ වැල්ලවත්තෙ තිබුණා Neat Lanka ආයතනය. සිංගප්පූරුවෙන් පරිගණක කොටස් ගෙන්නලා එකලස් කරලා විකුණන තැනක්.
    ඒ ආයතනයේ මට බෙහෙවින් සමීප කෙනෙක් සේවය කළා.
    Sanjaya Dolamulla
    ඔහු තරුණ හාදයෙක්.
    ''පුතා,'' මං සංජයට දවසක් කථා කළා. තණමල්විල පැත්තේ දක්ෂ කොල්ලෙක් ඉන්නවා. දවසක් දෙකක් පුහුණු කරන්න පුළුවන් ද?''
    ''අපොයි, සතියක ට්‍රේනිං එකක් දෙන්නම්. එන්න කියන්න.''
    දවසක් මම තණමල්විල කොල්ලාගෙන් මෙහෙම ඇහුවා.
    ''පුතා, කොළඹ කිට්ටුව නවතින්න තැනක් තියෙනවා ද?''
    'මහන වෙච්ච අපේ අයිය කෙනෙක් ඉන්නවා මරදානෙ.''
    ''සතියක් විතර නවතින්න බලාගෙන කොළඹට ඇවිත් මට කෝල් එකක් දෙන්න.''
    තණමල්විල කොල්ලා කොළඹට ආවා. වැල්ලවත්තේ සතියක පුහුණුවකට සම්බන්ධ වුණා.
    බෝලයා වගේ පොඩි එකෙක් (සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්න) අයියලාට හම්බ වෙලා.
    සතියක පුහුණුවක් ලැබුණා. සමහර විට, කොල්ලාට කන්න බොන්න දෙන්නත් ඇති.
    සතියකට පස්සේ කොල්ලා එතැනින් ගියා.
    ''මල්ලි, විභාගය ඉවර වෙලා එන්න. සති දෙක තුනක පුහුණුවකට'' පරිගණක ආයතනයේ කොල්ලො කියලා තිබුණා..
    තණමල්විල කොල්ල ඊට පස්සෙ මගෙන් හාඩ්වෙයා ගැන ඇහුවේ නෑ.
    අවුරුදු කිහිපයකට පස්සේ ඔහු උසස් පෙළ ලියපු බව මට කිව්වා.
    ඊටත් කාලෙකට පස්සේ දවසක් කෝල් එකක් ආවා.
    ''සර්. මම තණමල්විල ළමයා.''
    මුල් දුරකථන ඇමතුමෙන් පස්සේ ඔහු හැමවිට ම මුලින් ම කිව්වෙ ඒ විදියට.
    ''මම කටුබැද්ද කැම්පස් එකේ.''
    ආපහු කථා කළේ උපාධි ප්‍රධාන උත්සවය දවස්වල.
    ''මම සර් බලන්න එනවා වෙලාවක පුංචි තෑග්ගකුත් අරගෙන. මට සර්ව නිතරම මතක් වෙනවා.''
    ''මට විශේෂ තෑගි අවශ්‍ය නෑ පුතා. තණමල්විල වගේ ප්‍රදේශයක ඉඳලා දුක් මහන්සියෙන් ඉගෙනගෙන, විවිධ සබඳතා හදානෙ ඒවායින් මාර්ගෝපදේශ ලබාගෙන පුතා ඉහළ තැනක ඉන්නවා දකින්නට ලැබෙනවා නම් මට ඒ තෑග්ග ඔක්කොටොම වඩා වටිනවා.
    තට්ටු ගොඩනැගිල්ලක උඩට නැගලා, මිහිරාන් චතුරංග සර් ඉන්නවද කියලා අහගෙන ලොකු මහත්තයාගේ කාමරේට ඇවිත් සුබ පතලා යන්නට අවස්ථාවක් දුන්නොත් ඒක ලොකු ම තෑග්ගක් වේවි.''
    ඒක තමයි මම දුන්න උත්තරය.
    ඊට පස්සේ ඔහු ආයතනයකට වැඩට ගියා. අපි දෙන්නා අවසන් වරට මැසෙන්ජර් සාකච්ඡා කර තියෙන්නේ 2022 ජූනි මාසෙ 27 වෙනිදා.
    මේ කතාව ලියන්නට හේතු වුණේ ඇයි?
    පෙබරවාරි 20 උදේ මගේ මැසෙන්ජරයට පණිවුඩයක් ලැබී තිබුණා.
    ''ඔබ මිහිරාන්ගේ යාළුවෙක් නම්, මගේ ආදරණීය මල්ලීට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මල්ලිගේ තුන් මාසෙ දානය මාර්තු 4,5 තියෙනවා. පුළුවන් නම් එන්න. (මිහිරාන්ගෙ අයියා)''
    දහසකුත් ප්‍රශ්න ඇතුළේ කඩා නොවැටෙන මම බිමට ම වැටුණා.
    දවස් හතරක් ගිහිල්ලත් අදත් උදේ නැගිටින කොට තණමල්විල කොල්ලා තමයි මතක් වුණේ.
    මට ඒ දරුවා Mihiran Chathuranga දකින්න ලැබුණෙත් නෑ.

    FB_IMG_1677383424187.jpg


    FB_IMG_1677383427251.jpg



    ඔව් මේ කියලා තියෙන්නේ Arimac එකේ තිරිසන්නු නිසා සියදිවි හානි කර ගත්ත ලමයා ගැන.


    ලින්ක්


    Code:
    https://m.facebook.com/story.php?story_fbid=pfbid04HMKjo3DH7QdaZz3GLsG46LgMwe33tPUWpbUmSkYrqTpvgk8SUUxiduUETpAbBfgl&id=100000956826413&mibextid=Nif5oz