තන්හාව දුරුකිරීම සැපතක්ද?

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
තන්හාව කියන්නෙ තැනට හා වීම මචං... අපි සිතින් මොනම දේකට හා උනත් කෙසේ හෝ එයට භෞතිකව, මානසිකව හා වෙනව.. එතන අතහැරල යන්නෙ නෑ.. අපි මේ සංසාරෙ නොපෙනන දුරක ඉඳන් එන්නෙ මේ තන්හාවෙන අල්ලගත්තු නිසා..පුන පුනා පුනබ්බවොතී කියල හදා ගත්තු ගතිය (තන්හාව ) මතු වෙන නිසා තමයි පැවතෙන්නෙ..

රාග බව සිතේ පැවතෙන නිසා.. අපි දේවල් වලට ඇළුම් කරනව.. ඉතින් අපිවත් ඇලෙනව ධර්මතාවයෙන් ම.. ඒ සිතුවිල්ල නොනවත්වාම මැරෙන මොහොතෙදී පවා සිදුවෙන නිසා තව තැනකට හා වෙලා අලුත් ජාතියක ඉපදෙනව.. පෘතක්ජනක අපිට තන්හාව සැපයක්.. එහි ආමිස සැපයක් තියෙනව තමයි.. ඕක දිගටම තියේ ද, ඔය ආසයි කියල අල්ලගත්තු දේ එපා වෙනව නේද? අය්යෝ මම කරගත්තු මෝඩ කමක් කියල හිතන්ව නේද කල් යනකොට?? කවද හරි දාල යනව නේද ඔය අල්ල ගැනීම? දුක නේද? අපිට ඕන විදිහට අල්ලගන්න බෑ නේද>??? කවද හිතේද දැන් අල්ලගත්ත ඇති කියල?? මේ මුලු ලෝකෙම අල්ලගත්තත් මදි නේද?
ඇළුනෙ නැත්නම් එතන දෙයක් නෑ නේද මචං.. එතන තමයි නිවන තියෙන්නෙ.. පෘතක්ජනක මිනිස්සු ඉන්නව නිවනටත් බයයි.. අපරාදෙ නෙ මේ ලෝකෙ දාල යන්න වෙනව නේද. ආයිත් ඉපදෙන්න වෙන්නෙ නෑ නේද? මේක තමයි තන්හාව..
ඕක දවස් 7කින් කපල දාන්න පුළුවන්. ඒ කියන්නෙ ආයිත් තන්හාව, ඇල්ම එන්නෙ නැති වෙන්න ඛය කරල දාන්න පුලුවන් දවස් 7ක් රාග, ද්වේශ, මෝහ උත්පාද නොකරගෙන ඉන්නව නම්.. එක සැරයක් පැන්නොත් ආයිත් එනව. ඉස්සරහට දිගටම අධ්‍යනය කරන්න මචන් මෙන්න මේ වගේ..
 
Last edited:
  • Like
Reactions: ewmdyn

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
උදාහරණය කොල්ලෙක් කෙල්ලෙක්ව සෙට් කර ගන්න යනවා.

කෙල්ලව දැකලා තන්හාවක් ඇති වෙනවා, ඊට පස්සේ විනිශ්වය කරනවා (මෙයා අරයට වැඩිය හොදයි, මෙයාගේ මේවා හොදයි :P ) ඊට පස්සේ ඡන්දරාගයෙන් බැදෙනවා. ඒ කියන්නේ, කැමැත්තෙන් ඇලෙනවා/බැදෙනවා. ඊට පස්සේ ඒක පරිහරනය කරන්න ගන්නවා. ඊට පස්සේ බයක්, ඊර්ශාවක් ඇතිවෙනවා වෙන අය මේක පරිහරනය කරන්න ගනීද කියලා, ඊට පස්සේ ආරක්ශා කරන්න ගන්නවා. අරක්ශා කරන්න නිකන් බෑ, දඩු අතට ගන්නවා පොලු අතට ගන්නවා, කති, පිහි, තුවක්කු වගේ ඕන දෙයක් ගන්නවා. ඒව අරගෙන නොයෙකුත් අකුසල කර්ම කරනවා. කොරල ඉතින් අපයෙ පැහෙනවා.

අපයෙ පැහෙද්දි අපිට සැපක් නැහැ, දුකක් තියෙන්නෙ. අන්න ඒ දුක දැකල තම්යි බුදු හාමුදුරුවො. තන්හාව දුකට හේතුවයි කියල කිව්වේ

වැඩි විස්තර තන්හාමූලික සූත්‍රයේ ඇති

Ragaya paththen Oba hari (bududhamae ragaya sama karala thiyennae ginnata)

Atthatama api adaraya kiyala kiyannae mokatada, yam deyakata dakwana alimai. meya kenekugae rupaya, gathiguna wasayen wenas wiya hakei namuth apita notherima api yamakata asha/alim karanawa, eya wiggraha karanna adaraya kiyana wachanaya methanata amunanawa. Ethakota ashawa/alima thawakalikawa yatapath wenawa.

Aththatama mama meya noyek wara mathu karala athi, namuth kawuruth yatharthaya piliganna kamithi naha.

By the way basically attachments make your life sad
 
Last edited:

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
තන්හාව කියන්නෙ තැනට හා වීම මචං... අපි සිතින් මොනම දේකට හා උනත් කෙසේ හෝ එයට භෞතිකව, මානසිකව හා වෙනව.. එතන අතහැරල යන්නෙ නෑ.. අපි මේ සංසාරෙ නොපෙනන දුරක ඉඳන් එන්නෙ මේ තන්හාවෙන අල්ලගත්තු නිසා..පුන පුනා පුනබ්බවොතී කියල හදා ගත්තු ගතිය (තන්හාව ) මතු වෙන නිසා තමයි පැවතෙන්නෙ..

රාග බව සිතේ පැවතෙන නිසා.. අපි දේවල් වලට ඇළුම් කරනව.. ඉතින් අපිවත් ඇලෙනව ධර්මතාවයෙන් ම.. ඒ සිතුවිල්ල නොනවත්වාම මැරෙන මොහොතෙදී පවා සිදුවෙන නිසා තව තැනකට හා වෙලා අලුත් ජාතියක ඉපදෙනව.. පෘතක්ජනක අපිට තන්හාව සැපයක්.. එහි ආමිස සැපයක් තියෙනව තමයි.. ඕක දිගටම තියේ ද, ඔය ආසයි කියල අල්ලගත්තු දේ එපා වෙනව නේද? අය්යෝ මම කරගත්තු මෝඩ කමක් කියල හිතන්ව නේද කල් යනකොට?? කවද හරි දාල යනව නේද ඔය අල්ල ගැනීම? දුක නේද? අපිට ඕන විදිහට අල්ලගන්න බෑ නේද>??? කවද හිතේද දැන් අල්ලගත්ත ඇති කියල?? මේ මුලු ලෝකෙම අල්ලගත්තත් මදි නේද?
ඇළුනෙ නැත්නම් එතන දෙයක් නෑ නේද මචං.. එතන තමයි නිවන තියෙන්නෙ.. පෘතක්ජනක මිනිස්සු ඉන්නව නිවනටත් බයයි.. අපරාදෙ නෙ මේ ලෝකෙ දාල යන්න වෙනව නේද. ආයිත් ඉපදෙන්න වෙන්නෙ නෑ නේද? මේක තමයි තන්හාව..
ඕක දවස් 7කින් කපල දාන්න පුළුවන්. ඒ කියන්නෙ ආයිත් තන්හාව, ඇල්ම එන්නෙ නැති වෙන්න ඛය කරල දාන්න පුලුවන් දවස් 7ක් රාග, ද්වේශ, මෝහ උත්පාද නොකරගෙන ඉන්නව නම්.. එක සැරයක් පැන්නොත් ආයිත් එනව. ඉස්සරහට දිගටම අධ්‍යනය කරන්න මචන් මෙන්න මේ වගේ..

overall good explanation :yes:
 
  • Like
Reactions: jkdtharindu