තනිකඩ දිවියක අරුමය
හීත කඳුළු බිඳු නෙතු අග තෙමුවා
ඈත ඈත සිට මරු මුව දුටුවා
රෑන රෑන එන සමනළ් දැකලා
ගේන නිදහසේ හිත මුර කෙරුවා
පාළුව නිදහස නිති පටලාගෙන
හීතල උණුසුම ගුලි කරවාගෙන
ආලය කළ හද සඟවා ගනිමින
තනිකම අළුයම අරඹමි නැවුම්ව
මීවිත නොඑනා කිසිදින තොලගට
ගී පද ගලනා හැටි මේ ලෙසකට
විරහව අයදිනමුත් තනි තරුවක
ඈ එන හුළඟට හසුවෙද සිහිනෙන
- මාලන් විදානපතිරණ
හීත කඳුළු බිඳු නෙතු අග තෙමුවා
ඈත ඈත සිට මරු මුව දුටුවා
රෑන රෑන එන සමනළ් දැකලා
ගේන නිදහසේ හිත මුර කෙරුවා
පාළුව නිදහස නිති පටලාගෙන
හීතල උණුසුම ගුලි කරවාගෙන
ආලය කළ හද සඟවා ගනිමින
තනිකම අළුයම අරඹමි නැවුම්ව
මීවිත නොඑනා කිසිදින තොලගට
ගී පද ගලනා හැටි මේ ලෙසකට
විරහව අයදිනමුත් තනි තරුවක
ඈ එන හුළඟට හසුවෙද සිහිනෙන
- මාලන් විදානපතිරණ