තනියම දෙව්ලොව ගියා නම්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
තනියම දෙව්ලොව ගියා නම්

තනියම දෙව්ලොව ගියා නම්

කෝච්චියක් වගේ කියව කියව
ඉන්ඳැද්දී මා හා හිනැහීගෙන
අසා සිටි හිමිසඳ අද...

සැතපිලා මා නොමැතිව
තනිවම නිවන් සුව ලබමින


දූ දරුවන් හදා වඩා
දරු මුණුබුරන්ද ලබ ලබා
සතුටු සෙනෙහින් උතුරාලා
හිටියා මතකද යුග දිවි සුව විඳිමිනා


ඒ නමුත් යන්නටම
මට කලින් හිතුණේම
ඇයිද හිමියනි අද
එක්වරම එසැණින නිදුකින්ම හිටි නුඹ


අතරමං විය අද මම
එසැණින එක්වරම විරහින
මැළවිලා කඳුළත්
හඬන්නට නොහැකිවම


ජීවිතය අනියතයි
එනමුදු යන්න හිටියේ මමයි
නුඹ අද ගියේ ඇයි
මමත් හෙට සිට අතරමං වෙයි


දෙව්ලොව සොයා නුඹ
ගියා නම් අද මා හැර
සොයා දෙනු මටත් මග
එතෙක් පෙරමග බලන් ඉමි මම


කාව්‍ය සංකල්පනාව - මාලන් විදානපතිරණ

(මහප්පා නොමැති සොවින්,පාළුවෙන් වෙසෙන සුදු අම්මා මතක් වී පබැඳුණු වචන කීපයකි. )
 
  • Like
Reactions: crazybuddy