තනියම සෞදියට යන්න පුළුවන්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    තනියම සෞදියට යන්න පුළුවන්

    තනියම සෞදියට යන්න පුළුවන්

    image_0e77ba8932.jpg

    සෞදි අරාබියේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් වයස අවුරුදු 25ට වැඩි කාන්තාවන්ට සංචාරක විසා ලබාගෙන තනියම සෞදි අරාබිය තුළ සංචාරය කළ හැකි බව සෞදි සංචාරක හා ජාතික උරුමයන් පිළිබඳ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.
    25ට අඩු කාන්තාවන් සෞදි අරාබියට පැමිණ විට පවුලේ සාමාජිකයෙක් සමඟ පැමිණිය යුතු බව නිවේදනයේ සඳහන් කර ඇත.
    තනි-පුද්ගල සංචාරක වීසා දින 30ක උපරිමකාලසීමාවකට යටත්ව ලබා දෙන අතර දැනට සෞදි අරාබියේ සංචාරයන්වල යෙදී සිටින පුද්ගලයින්ටද ඉල්ලුම් කළ හැකි බවත් 2018 මුල් කාර්තුවේ සිට වීසා නිකුත් කරන බව සෞදි සංචාරක හා ජාතික උරුමයන් පිළිබඳ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ඕමාර් අල්-මුබාරක් ප්‍රකාශ කළේය.
    ජානක ප්‍රියදර්ශන ජයතිලක
    (ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    තෙල් ඉවර වීගෙන යද්දී Visa වලින් නඩත්තු වෙන්නද කොහෙද යන්නේ හම්බ රැල
     

    Similar threads