අලුතින් බිහිවන නිර්මානකරුවෙක් වසයෙන් මුලිකවම ඇතිවන්නේ නිර්මානයක් කරන්න සිතේ ඇතිවෙන ආශාවයි...කුතුහලයයි....ඔය දෙක ඔය නවක නිර්මානකරුවාව ඇදගෙන යනවා එයා හීනෙනෙවත් නොසිතූ විශාල හැඟීම් හා සිතුවිලි පිරුනු ලෝකයකට....අන්න එතනදී ඉබේම නිර්මාන බිහිවෙන්න පටන් ගන්නවා..
නමුත් මෙතනදී අලුත් නවකයින්ට හරි මග පෙන්වීම අපි නිරන්තරයෙන් කල යුත්තක්.. ඒවගේම නවකයින් හොඳ සාහිත්‍යය කෘති...හැම සාම්ප්රදායකම නිර්මාන නිතර පරිශීලනය කල යුතුයි ඒ තුලින් තමන්ගේ දැනුම ඉහලට ඔසවා ගන්න...
මෙතනම පලවෙන විවිධ නිර්මාන තෝරා බේරා ගැනීමක් නොකොට කියවීමෙන් හා ඒවාට තමන්ට හැඟෙන දේ අවංකව ප්‍රකාශ කිරීමෙන් තව තවත් කවි රසය මුවහත් කර ගන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා...
නවක නිර්මානකරුවන් සිතෙහි තබා ගත යුතු අනිත් වැදගත් කරුන තමයි සමාජය හා සමාජ අසාධාරණය දිහා පියාගත්ත ඇහකින් ඉන්නේ නැතුව ඒවා තමන්ගේ නිර්මානවලින් ජනතාව ඉදිරියට ගෙන එන්න..එවිටයි අපි යමක් කලා කියල හද පුරා සතුටු විය හැක්කේ...
මල්ලිගෙ මේ නිර්මානය අපුරුයි...පාසැල් වියේදී බහුතරයක් තරුන තරුනියන් මුහුන දෙන ඛේදවාචකයක් ඉතා සරලව ඉදිරිපත් කරන්නට ඔබ දරා තිබෙන වෑයම සාර්ථකයි..
ජීවිතයට... ජීවිතයම අභියෝග කරන අවස්ථා එමට තියෙනවා..ඒවා හොඳට පදම් වූ මනසකට ඇරෙන්න නොමේරු සිතකට දරන්න බැහැ..
එහිදී සමහරු විසදුම් වශයෙන් තෝරා ගන්නා දෙයට වඩා මෙහි කථා නායකයා බෞද්ධ දර්ශනයේ පිහිට හා සිසිලස පැතීම ආදර්ශවත් කියලයි මං හිතන්නේ...
මල්ලි තව දිගටම ලියන්න...මල්ලි රූප පසුබිම ගැන ටිකක් අවධානය යොමු කරල නිවැරදිව post කරන්න..
මල්ලිට ජය!!
*post කල යුතු විදිහ පහත සැකෙවින් දක්වා ඇත*...
හදපු රූප පසුබිම save කරගෙන මෙම පහත මා විසින් දී ඇති site ekata ගොස් එය upload කරගන්න..ඉන්පසු එහි link එක copy කරගෙන මෙම thread එකේ(කවිය සහ නිසදැස්) insert image එක click කරල එතන paste කරන්න..
http://imageshack.us/