තනිව සිටි 25 හැවිරිදි කාන්තාව ඝාතනය කර වෙලක මඩේ ඔබලා..😧

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    නිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක ඝාතනය කර නිවස අසල වෙල් යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී අද (11දා) ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබේ.
    මහනුවර අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව විවාහක කාන්තාවක් වන බවත් දරුවන් නොමැති බවත් සැමියා සමඟ නිවසේ තනිව ජීවත්ව ඇති බවත් පොලිසිය කියයි.

    ඊයේ 10 වනදා රාත්‍රීයේදී සැමියා ගමේ මළ ගෙදරකට ගොස් ඇති අතර මළ ගෙදර සිට පැමිණ බලද්දී බිරිඳ නිවසේ නොසිටි බව සැමියා පොලීසියට ප්‍රකාශ කර තිබේ. අද 11 අළුයම සිට මෙම කාන්තාව සොයා ප්‍රදේශවාසීන් අවට ප්‍රදේශ පීරා ඇති අතර අළුයම් කාලයේදී ඇයගේ මළ සිරුර නිවසේ සිට මීටර් 100ක් පමණ දුරකින් පිහිටි වෙල් යායේ මඩ ගොහොරුවක ඔබා තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබේ.

    ප්‍රදේශවාසින් ප්‍රකාශ කරන්නේ රාත්‍රී 9.30 ට පමණ යටි ගිරියෙන් කෑ ගහන ශබ්දයක් ඇසුන බවත් දොරවල් ඇර බැලූ විට එම ශබ්දය නොඇසී ගිය බවයි.

    මෙම මළ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද 11 වනදා සිදු කිරිමට නියමිතව තිබිණ.

    මෙසේ මිය ගොස් ඇත්තේ අලවතුගොඩ විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුකා මධුවන්ති ජයතිලක නැමැති 25 හැවිරිදි විවාහක කාන්තාවකි.

    මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී ඇති අතර අලවතුගොඩ පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.

    a1OykCG.jpeg

    CVBsphu.jpeg



    https://m.facebook.com/story.php?st...l&id=100083422961517&sfnsn=mo&mibextid=6aamW6
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    වටේ යන්න ඇති ඉතින්..මරන්න හිතෙනවානෙ එතකොට..ලංකාවේ මේ දවස්වල පුදුම kari wada godak වෙන්නේ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,029
    113
    Colombo
    ප්‍රදේශවාසින් ප්‍රකාශ කරන්නේ රාත්‍රී 9.30 ට පමණ යටි ගිරියෙන් කෑ ගහන ශබ්දයක් ඇසුන බවත් දොරවල් ඇර බැලූ විට එම ශබ්දය නොඇසී ගිය බවයි.

    :eek:
     
    • Sad
    • Haha
    Reactions: NRTG and Xi Jinping