තනි වෙන්නම් මා සදහට...!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනි වෙන්නම් මා සදහට...!

    පසලොස්වක පෝය අහස..
    බබලන සදවතිය හැඩට....
    කිසි දොස් නැති ඔබෙ මුහුණේ
    ගැලපුම් තව කුමට එයට....
    හිත අස්සක නිසලව ගිය
    අපි දෙන්න‍ගෙ පෙම් ගීයට....
    නව පදවැල් ලියනු එපා....
    නොදනිමි තාලයක් එයට.......

    කහ මල් පිපි ගුරු පාරේ...
    සුදු ඔසරිය සුදු පිරුවට..
    ඔය සුදු මුදු ඉග දවටා...
    නෑඹුල් වන මලක් ලෙසට.....
    අන්දර වැට පසුකරමින්...
    උදෑසනින් ඔබ එනකොට...
    දහසක් ගී පද ලියවුනි....
    ආදර බර තාලයකට.......


    නිදහස් නිවහල් සිතුවිලි
    මනස පුරා නැගුනු යසට...
    සුවබර කාලක් ගෙවී..
    ගිය බව දැනුනේ පසුවට.......
    ආයාසය දිරි දල්වා
    තැවුනු හිතක් නැගිටිනකොට....
    නැවතුම් නැති මතක එපා‍...
    තනි වෙන්නම් මා සදහට...!


    images



     
    Last edited:
    • Like
    Reactions: thilihare

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙසක් කාලෙට ඕවා ගැන හිතන්නේ නැතුව පිනක් දහමක් කරගෙන හිටපන් මචන්.........:baffled::)