තමන්ගෙ පරිස්සම තම අතේමයි❤

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    තමන්ගෙ පරිස්සම තම අතේමයි
    ❤

    හොදින් කියවන්න.! අතිශයින්ම වැදගත්.
    දැන් තියෙන වයිරසය නාසයේ ,උගුරේ රැදීමට ඇති හැකියාව අඩුයි. එය ශරීර ගත වූ වහාම පෙනහලු කරා ඇදී යන බව වෛද්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂකයෝ පෙන්වා දී තිබෙනවා. එසේම නාසයෙත් උගුරෙත් වයිරසය රැඳෙන කාලය අඩු නිසා PCR පරීක්ෂණ වුණත් සමහරවිට නෙගටිව් වෙනවා. පෙනහැල්ලට ගිය වෛරසය අධි වේගයෙන් පෙනහැල්ල විනාශ කරගෙන යනවා . මුල් අවස්තාවේ තදබල ලෙස රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ . රෝග ලක්ෂණ පෙන්වන්නේ විනාශය බොහෝදුරට සිදු වූ විටයි. ඒ නිසා හොඳම දේ හැකිතාක් වෛරසය ශරීර ගත නොවීමට වගබලා ගැනීමයි . මේ අතිදරුණු නව වෛරස් ප්‍රභේදය ශරීරගත වුවද ඉතාමත්ම හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇති අයෙකුට හානියක් නොකළද වසා ගැටිති තුළ සිර කර තබා ගන්නා මෙම දරුණු වයිරසය කෙදිනක හෝ ශරීරය දුර්වල වූ විටකදී නිශ්චල ව ක්‍රියාකාරී වී මොලයේ සෛල විනාශ කරන බව සෞඛ්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති. එවිට පසුකලක අංශභාග ,පාකින්සන් වැනි දරුනු රෝග තත්ත්ව ඇතිවිය හැක .වාෂ්ප ඇල්ලීම , හොද ආහාර ගැනීමෙන්,හොඳ ඇවතුම් පැවතුම් මගින්, ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කර ගැනීම , සෞඛ්‍යය නීතිරීති අනුව ක්‍රියා තිබීම , අත්‍යවශයෙන්ම කල යුතු අතර , ඔබ හැකිතාක් වෛරසය ශරීරගත නොකර ගැනීමට වගබලා ගැනීම ඉතාමත්ම බුද්ධිමත් ක්‍රියාවකි . එහෙත් මා නැවත නැවතත් මතක් කර සිටින්නේ ඉක්මනින් මරු කැදවන මේ දරුනු කොරෝනා වයිරසයෙන් ඈත් වී සිටින ලෙසයි. සංචරනය හැකිතාක් අවම කර ගන්නා ලෙසයි. මේ දින වල රෝහල් වල ඇති තද බදය ඉදිරි කාලයේදී තවත් බොහෝ වැඩි වනු ඇත.රෝගය වැලදී රෝහල් ගතවන සියලුම දෙනා අප කාර්‍ය මන්ඩලය විසින් ජීවිත පරදුවට තබා සුව කිරීමට ඇප කැප වී සිටිමු. එහෙත් මෙහි ඇති මාරාන්තික බව නිසා රෝහල් ගතවන සියලු දෙනා ඉතාමත්ම තද බල අයුරින් මානසිකව වැටීම සිදුවේ. . පන අදින ලෙඩුන් දකින ,යුහුසුලුව ප්‍රතිකාර දෙන වෛද්‍යවරුන් දකින, සිනා පොදක් නොමැති මුහුනු දකින රෝහල් ගත වන්නන් ශාරීරිකව වඩා මානසික ව ඇද වැටී ඇත. දුර්වල මනසක් සමග ශක්තිමත් ශරීරයක් තිබිය නොහැක. දුර්වල වූ සිත රෝගය තව තවත් උත්සන්න කරයි. රෝහල් තුලින් රෝගය ව්‍යාප්ත වීමට ඇති හැකියාව බොහෝ වැඩිය . එහෙයින් වයිරසය ශරීර ගත කර ගැනීමෙන් වලකින්න. වයිරසය ශරීර ගත වූ බව දැන ගත් වෙලේ සිට නිරෝධායනය කිරීම සදහා,තත්වය බරපතල වුවහොත් ප්‍රතිකාර සදහා රජටට විශාල මුදලක් දැරීමට සිදුවේ. මෙසේ වියදම් කලද , ඔක්සිජන් මැශින් කරා යන රෝගීන් වැඩි ප්‍රමානයක් මෙලොව හැර යයි. පව්ලේ අයට හිතවතුන්ට ඇතිවන ශෝකය සදාකාලිකවේ. එබැවින් Cure is better than treatment . වයිරසය ශරීර ගත නොවීමට වග බලා ගන්න. හැකිතාක් (100%) සංචරනය සීමා කරන්න.නිවසටම වී සිටින්න. *මෙම පණිවිඩය හැකිතාක් අනිත් අයට යවන්න . මේ දරුණු ව්‍යසනයෙන් ශ්‍රී ලාංකිකයන් බේරාගැනීමට මෙසේ හෝ දායක වීම පින් සිදුවන කරුණකි* . මා කොරෝනා ලෙඩුන් බේරා ගැනීමට පොර බදන වෛද්‍යවරයෙක් .
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    කොච්චර කිව්වත් මිනිස්සු තේරුම් ගන්නේ නෑ බං... ඒක පාර කඩේ ගිහින් ගේන්න පුලුවන් බඩු ටික 10 පාරක් විතර ගිහින් තැන් තැන් වලින් ගේන්නේ.. රුපියල දෙක ගණන් අඩුයි කිය කියා අර කඩේට, මේ කඩේට යන්නේ. පිස්සු හරක්. හදන්න බෑ බං මුන්.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මහ උන් පරිස්සම් උනා කියමු පොඩි උන්?මේ කාලකන්නි ඉක්මනට ඉස්කෝ‍ල අැරියොත් කෙලවෙනවා ලොවෙත් අවුරුදු වලින්‍ පස්සෙ දඩි බිඩියෙ ඉස්කෝ‍ල අැරිල කෙලවුනා වගේ‍.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    කොච්චර කිව්වත් මිනිස්සු තේරුම් ගන්නේ නෑ බං... ඒක පාර කඩේ ගිහින් ගේන්න පුලුවන් බඩු ටික 10 පාරක් විතර ගිහින් තැන් තැන් වලින් ගේන්නේ.. රුපියල දෙක ගණන් අඩුයි කිය කියා අර කඩේට, මේ කඩේට යන්නේ. පිස්සු හරක්. හදන්න බෑ බං මුන්.
    පෝලිමේ මීටරෙ ඉඩ තිබ්බම මැද්දෙන් ඇවිත් හිටගන්නව
    කවුන්ටර් ලග අත් දික් කරගෙන කෑ ගහනව
    අදුරන එකෙක් දැක්කම ලගටම ඇවිත් කතාව
    අත් හෝදන්න ඇත්තෙම නෑ ගොඩක් තැන වල
     
    • Sad
    • Like
    Reactions: NRTG and Gamer1

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Parissam veneka Boru.... Me panividaya danne maximum 10% vage thama , aduma gane mask danne Mona hethuvata kiyala awabodhayak nethi kattiya innava... Meke eththa thathvaya minissunta pehedhili karanna one meka Bo venne kohmada kiyala dhenuvat karanna one... Meke sampoorna vagakeema rajaya ganna one , otha basic Ekama raja FAIL .. dhen minissunta meka EPA Karla hirakarala dhen minissunta me gena bayak nethi ganata genalla ekat me Gon palanaya Thama hethuva 🤢
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    පෝලිමේ මීටරෙ ඉඩ තිබ්බම මැද්දෙන් ඇවිත් හිටගන්නව
    කවුන්ටර් ලග අත් දික් කරගෙන කෑ ගහනව
    අදුරන එකෙක් දැක්කම ලගටම ඇවිත් කතාව
    අත් හෝදන්න ඇත්තෙම නෑ ගොඩක් තැන වල
    වැඩිය ඕනි නෑ බන් කොවිඩ් vaccine පෝලිමේ ඉන්නේ එක එකාගේ කර උඩ. සෙන්ටිමිටරේක දුරක් නෑ.