තමන්ගේම කියා වෙබ් අඩවි සාදා ගැනීමට
ෆේස්බුක්, මයිස්පේස් වැනි සමාජ ජාල වෙබ් අඩවි ආවාට පසු වෙබ් අඩවි සෑදිය හැකි ටූල්ස් මෘදුකාංග අභාවයට ගියේය. එහෙත් දැන් නැවතත් ඒවා අලුත් මුහුණුවරකින් පැමිණ තිබේ. සමාජ ජාල වෙබ් අඩවියක තිබෙන ප්‍රොෆයිල් පේජ් එකකට වඩා යම් දේවල් එකතු කරන්නට ඕනෑ නම් වෙළෙද දැන්වීම් කිසිවක් නැති වෙබොන් වෙබ් අඩවියක් නොමිලේ සාදා ගන්නට පුළුවන.