තමන්ගේම ඝාතන වාර්තා කළ මාධ්‍යවේදියා

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    තමන්ගේම ඝාතන වාර්තා කළ මාධ්‍යවේදියා

    තමන්ගේම ඝාතන වාර්තා කළ මාධ්‍යවේදියා- ව්ලැඩෝ ටැනෙස්කි

    මාධ්‍යවේදියෙකුගේ වගකීම තමන් විසින් නිරීක්ෂණය කරනු ලබන යම් දෙයක් නිවැරදිව හා අපක්ෂපාතීව ජනතාව වෙත වාර්තා කිරීම යි. මේ හේතුවෙන් පුවත් වාර්තාකරණය ඉතාමත් භාරධූර මෙන්ම වගකීම් සහගත වෘත්තියක් වෙනවා. මැසිඩෝනියානු පුවත් වාර්තාකරුවෙකු වූ ව්ලැඩෝ ටැනෙස්කි මේ වෘත්තිය සඳහා උපන් හපන්කම් සහිත අයෙකු සේ සැලකුණා. එරට සිදුවන අපරාධ ඔහු විසින් ඉතා නිවැරදිව හා සවිස්තරව වාර්තා කරන ලද අතර, ඒවා බොහෝ දෙනාගේ පැසසුමට ද භාජනය වුණා. කෙසේ නමුත්, වසර කිහිපයක ඇවෑමෙන් අනාවරණය වූයේ බොහෝ දෙනා කිසි ලෙසකින් බලාපොරොත්තු නොවූ කරුණක්. ඒ මෙලෙස වාර්තා කරන ලද සමහරක් ඝාතන ටැනෙස්කි විසින්ම සිදුකළ ඒවා බවට මැසිඩෝනියානු පොලිසිය විසින් අනාවරණය කර ගැනීම යි.

    පූර්විකාව

    1952 වසරේ යුගෝස්ලෝවියාවේ කිසෙවෝ හි උපන් ව්ලැඩෝ ටැනෙස්කි කුඩාකල සිට ම මාධ්‍යවේදියෙකු වීමේ පූර්ව ලකුණු පෙන්නුම් කළා. පසුකාලීනව දේශපාලනික පෙරලි සමග යුගෝස්ලෝවියාව බිඳී ගිය අතර, කිසෙවෝ නුවර අයත් පෙදෙස මැසිඩෝනියාව ලෙස ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණා. මේ කාලය වන විට ටැනෙස්කි තරුණයෙක් ව සිටි අතර, ඔහු කිසෙවෝ හි පුවත් මැසිඩොනියානු ජනයාට වාර්තා කරන්නට පටන්ගත්තේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස යි. කෙටි කලෙකින්ම ඔහුගේ පුවත් වාර්තාකරණය රට පුරා ජනප්‍රිය වූ අතර, පුරා වසර 15කටත් අධික කාලයක් ඔහු එය සාර්ථකව සිදුකළා. දක්ෂ මාධ්‍යවේදියෙකු ලෙස ඔහු ගෞරවයට පාත්‍ර වුණා.

    2005 වසරේ එක් දිනක කිසෙවෝ හි එක් කාන්තාවක් අතුරුදන් වුණා. ඇය ප්‍රදේශයේ සනීපාරක්ෂක සේවිකාවක් වූ අතර, කෙටි කලකට පසු ප්‍රාණය නිරුද්ධ ඇගේ සිරුර නගරයේ කොණක තිබී හමුවනවා. ඇය ලිංගික අඩන්තේට්ටම්වලට ලක්කොට, ඉන් අනතුරුව ඝාතනය කර තිබුණා. ඉන්පසු, සිරුර ප්ලාස්ටික උර කිහිපයකින් ඔතා දමා තිබුණා. මේ ඝාතනය පිළිබඳ සැල වූ සැණින් කිසෙවෝ හි ජනතාව කලබල වූ අතර, වහාම එහි තොරතුරු අනාවරණය කරගන්නා ලෙස පොලිසියට බලපෑම් එල්ල කරන්නට වුණා. මෙහි දී ඉදිරියට පැමිණි ටැනෙස්කි පොලිසිය හා එක්ව එම ඝාතනය හා සබැඳි 'අභිරහස' හෙළිකරගන්නට වෙහෙසුණු අතර, එහි සියලු තොරතුරු ඉතා නිවැරදි හා ව්‍යක්ත ලෙස ජනමාධ්‍යට වාර්තා කළා. මේ නිසා ඔහු කෙරෙහි වූ ජනප්‍රියතාව ඉතා වැඩි වූ අතර, බොහෝ දෙනා ඔහු කළ සේවයට කෘතවේදී වුණා.

    ඉන් අනතුරුව ගත වූ වසර කිහිපය කිසෙවෝ නුවර ජනතාවට ඒ තරම් සුභවාදී වසර කිහිපයක් වූයේ නැහැ. එම කාලය තුළ තවත් කාන්තාවන් තිදෙනෙකු පළමු කාන්තාව මෙන්ම අතුරුදන් වූ අතර, ඔවුන් සියලු දෙනාම ලිංගික අඩන්තේට්ටම්වලට ලක්කොට ඝාතනය කර තිබිය දී හමුවුණා. මේ සියලු දෙනාම 2005 වසරේ සිදු වූ ඝාතනයේ දී මෙන්ම ප්ලාස්ටික් බෑග්වලින් ආවරණය කර තිබූ අතර, පෙර සේම මේ ඝාතන හා ඒ සබැඳි පරීක්ෂණ කටයුතු ජනතාවට එළිපෙහෙලි කිරීමේ වගකීම භාරගත්තේ ටැනෙස්කි විසිනුයි. ඔහු මේ සෑම අවස්ථාවක දී ම පළමු වතාවේ දී මෙන්ම ඉතා නිවැරදි හා සවිස්තර අන්දමින් ප්‍රවෘත්ති වාර්තාකරණය සිදුකළ අතර, මේ පිළිබඳව වූ ඔහුගේ තීරු ලිපි සහිත පුවත්පත් වැනි දේ ජනතාව අතර උණු කැවුම් මෙන් අලෙවි වුණා.

    උක්ත ඝාතන වාර්තා කිරීමේ දී ටැනෙස්කි ප්‍රකට කළ 'ප්‍රතිභාව' සාමාන්‍ය ජනයාගේ පැසසීමට ලක් වූවත්, එහි යම් 'පමණ ඉක්මවූ අසාමාන්‍යතාවක්' ඇති බව පොලිස් නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන්නට වුණා. විශේෂයෙන් ඔහුගේ සමහර ලිපිවල, පර්යේෂණ කටයුතුවල පහසුතාව උදෙසා බාහිර පුද්ගලයින් කිසිවෙකුට අනාවරණය නොකරන ලද සමහරක් තොරතුරු ගැබ්ව තිබීම පොලිසියේ බලවත් අවධානයට ලක් වුණා. පොලිසිය මුලින් සැක කළේ ටැනෙස්කි ඇත්තෙන්ම ඝාතකයා පිළිබඳ දැනගෙන, තමන්ගේ ලිපිවල ප්‍රවර්ධනය උදෙසා එය රහසක්ව තබාගෙන, නිසි වේලාවේ දී ඒවා හෙළි කරන බව යි. මුලදී මෙය හුදු අහම්බයක් ලෙස බොහෝ දෙනා බැහැර කළත්, පසුකාලීනව හෙළි වූයේ පොලිසියේ නිගමනය අර්ධ වශයෙන් සත්‍යය බව යි. ඇත්තෙන්ම ටැනෙස්කි පොලිසියට පෙර ඝාතකයා හඳුනාගන තිබූ අතර, ඔහු එය පොලිසියෙන් වසන් කර තිබුණේ නම් ඔවුන් සිතූ හේතුව නිසා නොවේ.

    2005 වසරේ සිට ටැනෙස්කි ගත කර තිබුණේ දෙබිඩි ජීවිතයක්. තිස් එක් හැවිරිදි ඔහුගේ බිරිඳ කා හටත් පවසා තිබුණේ ඔහු නිහඬ එහෙත් යහපත් පුද්ගලයෙකු බව යි. එමෙන්ම ඔහුගේ ලිපි ලබාගත් පුවත්පත් ද ඔහු පිළිබඳ සඳහන් කළේ ටැනෙස්කි ඉතා යහපත් පුද්ගලයෙකු බව යි.

    කිසෙවෝ හි 2005 වසරේ හා ඉන්පසු තුන් අවුරුද්ද තුළ ඝාතනය වූ කාන්තාවන් සිවුදෙනාම ඉතා දරුණු වධ බන්ධනවලට ලක් කොට තිබුණා. අනතුරුව ගෙල මිරිකා ඝාතනය කර තිබුණා. ඝාතන සියල්ල ගෙල මිරිකීමෙන් සිදු වූ ඒවා බව පොලිසිය මුලදී ම හඳුනාගත්තත්, පරීක්ෂණවල පහසුව වෙනුවෙන් ඔවුන් එය ප්‍රසිද්ධ කළේ නැහැ. කෙසේ නමුත්, ටැනෙස්කි ඒවා සියල්ල ගෙල මිරිකා සිදුකළ ඒවා බවට වාර්තා කර තිබුණේ මෙවැනි පසුබිමක යි. කොටින්ම මේ ගෙල සිරකිරීම් දුරකථන රැහැනක් යොදාගෙන සිදුකළ බවටත් ඔහු ප්‍රකාශ කර තිබුණා. එයින් නොනැවතී ටැනෙස්කි විසින් එම රැහැනේ වර්ගය ද සඳහන් කර ඇති බැව් පසුකාලීනව පොලිසියට පෙනී ගියා. මේ අනුව මෙම ඝාතනවලට ඔහු සම්බන්ධ බැව් සැක හැර වටහා ගත් පොලිසිය, ඔහු අත්අඩංගුවට ගත්තා.

    පොලිස් භාරයට පත් ටැනෙස්කිගෙන් වහාම ප්‍රශ්න කිරීම් ඇරඹුණා. ඔහුගේ නිවස පරීක්ෂා කිරීමට නීතියෙන් අවසර ගත් පොලිසිය, එහි තිබී අසැබි වීඩියෝ පට රාශියක් සොයාගන්නවා. මීට අමතරව නගරයේ සිදු වී තිබූ ඝාතන, 'සිදුකීරීම' පිළිබඳව ඊට පෙර ලියූ සටහන් ද හමුවුණා. මේ අනුව ඝාතකයා ව්ලැඩෝ ටැනෙස්කි බැව් සැකයකින් තොරවම ඔප්පු වුණා.

    ඝාතකයා ටැනෙස්කි ලෙස හඳුනාගත්තත් ඒවා ඔහු විසින් සිදුකළේ ඇයි ද යන්න පිළිබඳව සොයාගන්නට පොලිසියට හැකි වූයේ නැහැ. මියගිය සියලු දෙනා පිරිසිදු කරන්නියන් වූ අතර එය ටැනෙස්කිගේ මව නියැළුණු වෘත්තිය වුණා. මීට අමතරව ඔවුන් සියලු දෙනා රුවෙන් ඔහුගේ මවට යම් සමානතාවක් දක්වන අය වුණා. ඉන් එහා විස්තරයක් සොයාගන්නට පොලිසිය සමත් වූයේ නැහැ.

    මියගිය අයගේ සිරුරුවලින් ගත් ඝාතකයාගේ තරල සාම්පල ඩී.එන්.ඒ පරීක්ෂණයකට බඳුන් කිරීමෙන් අනතුරුව මිනීමරුවා ටැනෙස්කි බැව් තහවුරු කරගත් පොලිසිය, ඔහුට එරෙහිව මිනීමැරුම් චෝදනා ගොනු කළා. කෙසේ නමුත්, නඩු තීන්දුව ලැබීමට පෙර 2008 වසරේ ජුනි මස 23 වන දා ටැනෙස්කි බන්ධනාගාරයේ තිබූ ජල භාජනයක ගිලී සියදිවි නසාගත්තා.


    https://roar.media/sinhala/main/identities/vlado-taneski-macedonian-killer
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    නෝටි බබා;24608925 said:
    තමන්ගේම ඝාතන වාර්තා කළ මාධ්‍යවේදියා- ව්ලැඩෝ ටැනෙස්කි



    1952 වසරේ යුගෝස්ලෝවියාවේ කිසෙවෝ හි උපන් ව්ලැඩෝ ටැනෙස්කි කුඩාකල සිට ම මාධ්‍යවේදියෙකු වීමේ පූර්ව ලකුණු පෙන්නුම් කළා. .


    https://roar.media/sinhala/main/identities/vlado-taneski-macedonian-killer
    meka liyapu gothayath podi kale uu diha balan hitiya wage liyala thiyenne