තමන්ගේ ප්‍රතිපත්ති

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    තමන්ගේ ප්‍රතිපත්ති

    මේ වෙන කොට සෑම ජනාධිපති අපේක්ෂකයෙක්ම තම:yes::yes::yes: ප්‍රකාශ නිකුත් කරලා ඉවරයි....හරිම නියමයි...සුන්දරයි...ආකර්ශනියයි...අවුරුදු ගණනක් කතා නොකරපු හැබැයි එත් මේ මහ පොළොවේ යථාර්තයක් වෙලා අනාදිමත් කාලයක් පැවතුන දේවල් වලට සුපිරි යෝජනා සහ විසදුම් තමයි තියෙන්නේ...හොඳයි, හරිම හොඳයි...මේ දේශපාලුවෝ සියල්ලම බලයේ ඉදිද්දී කතාකරපු නැති දේවල් එහෙත් කලින් කතා කල යුතුව තිබුන දේවල් , මේ මහපොළොවේ තිබුන දේවල් වලට නින්දෙන් ඇහැරිලා වගේ දැන් විසදුම් හොයනවනම් ඔහු බංකොලොත් දේශපාලුවෙක්,ඒවාට එන්නත් දෙන්න හදන එවන් දේශපාලුවෝ අසාර්ථකයි.සමස්තයක් වශයෙන් ගත්තහම ජාතියක් රටක් හැටියට අපි සියලු දෙනාම අසාර්ථකයි....අපි අවුරුදු 2500 ක අමිල ඉතිහාසය කබල් ගමින් ඉන්නවා....හැබැයි...ඒ අගනා ඉතිහාසය රැක ගන්න කිසිම දෙයක් කරන්නේ නැහැ.....

    ඒ වෙනුවට , සරලව අපි ක්‍රිකට් Match එකක් ගහල නැත්නම් කොහේ හරි හොටෙල් එකකට ගිහිල්ලා dinner හරි lunch හරි අරගෙන facebook එකේ photo ටික දාල සිඟිති අතල් එකක් අරගෙන ඉන්නවා....අපි හැමදාම දුප්පත් රටක් වශයෙන් ලෝකයේ වැජබෙනවා.

    අපි මොකද කරන්නේ.....දේශපාලුවන්ගේ සිහින පොරොන්දු මිලදී ගනිමින් ජීවත්වෙනවා....නායකයෝ තෝරාගන්නවා..ඔවුන්ව එලවනවා...Regime change කරනවා....හැබැයි වෙච්ච දෙයක් නැහැ....ලංකාවට බරපතල ප්‍රශ්නයක් තියනවා...ගොඩදාගන්න අමාරු තරමේ එකක්....ඒකට වෘර්තිමය මැදහත් වීමක් අවශ්‍යයි.තාවකාලිකව ඒ සංවාදය නවත්තමු...

    අපි සරල මතුපිටකට ගිහිල්ල....ඔය දේශපාලුවන්ගෙන්....අඩුම ගානේ මෙන්න මේ වගේ දෙයක් වත් බලපොරොතු වෙන්න බැරිද? නිකම්ම සිහින පොරොන්දු මිලට ගන්නවට වඩා (ජනාධිපති අපේක්ශකයින්ගෙන්)

    බොහෝදෙනෙක් කතා කරනවා පාර්ලිමේන්තුවේ 225 ම අයින් කරන්න...හැබැයි ඡන්දයකට යාමට පෙර ඔය එකම අපේක්ෂකයෙකුටවත් කියන්න පුලුවන්ද හොරුන්ට,දුෂකයින්ට,මහජන මුදල් කෝටි ගනනින් ගසා කාපු අමනයින්ට නාම යෝජනා දෙන්නේ නැහැ කියල? එක හොදයි...නේද ජනතාවගෙන් ඉල්ලීම් කරනවට වඩා හොද උන්ව තෝරාගන්න කියල.

    ඔය කිසිම කෙනෙකුට පොරොන්දු වෙන්න පුලුවන්ද සාමාන්‍ය ජනතාව අමාරුවෙන් බස්වල එල්ලිලා ,කෝච්චිවල එල්ලිලා තෙරපිලා යනකොට ඇමති අමනයින්ට,මන්ත්‍රී හොරුන්ට සැප වාහන ගෙනත් දෙන්නේ නැහැ කියල....

    ඔය කිසිම කෙනෙකුට පොරොන්දු වෙන්න පුලුවන්ද මහා මැතිවරණයේදී මේක අරාබි කොලනියක් කරන්න හදන උන්ගේ සහයෝගය ගන්නේ නැහැ කියල....(ජනාධිපතිවරණය වගේ නෙමෙයි මහා මැතිවරණය)

    ඔය කිසිම කෙනෙකුට පොරොන්දු වෙන්න පුලුවන්ද අන්තවාදය වපුරන මුස්ලිම් පල්ලි,මද්ද්‍රසා පාසල් තහනම් කරනවා කියල,ලෝකයටම ප්‍රශ්නයක් වුන සම්ප්‍රදායික ප්‍රබල මුස්ලිම් රටවල පවා නැති...බුර්කාව තහනම් කරනවා කියල,

    ඔය කිසිම කෙනෙකුට පොරොන්දු වෙන්න පුලුවන්ද බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයට පරිභාහිරව දේවල් දේශනා කරන පන්සල්වලට සහ එහි නායක උන්නන්සේල යැයි කියාගන්න චිවරධාරීන්ට දේශපාලන වරදාන වරප්‍රසාද දෙන්නේ නැහැ කියල...මොකද එවැනි අයට බෙන්සේ Bens car ,Prado Jeep දීල VIP Bord දැම්මට බුදුධහමට සිදුවෙලා තියන හානිය නවත්වන්න බැහැ ,එයට තර්ජනය කරන NGO සහ INGO නඩය නවත්වන්න බැහැ

    ඔය කිසිම කෙනෙකුට පොරොන්දු වෙන්න පුලුවන්ද ජනතාව ඡන්දෙන් ප්‍රතික්ෂේප කරපු අමනයින්ව ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ නැහැ කියල?

    තව ගොඩක් දේවල් තියනවා මේ ටිකයි ලියන්නට යෙදුනේ....

    මතක තබා ගන්න....අපි දේශපාලන සිහින පොරොන්දු මත දේශපාලනයේ නියැලිය යුතු නැහැ....දේශපාලන සිහින මිලදී ගෙන ජිවත් වියයුතු නැහැ.අපි එයට තවදුරටත් කල යුතු නැහැ....

    වැදගත්ම දෙය තමයි....මේ දේශපාලන පොරොන්දු දීල ඒවා කඩ කරන අපේක්ෂකයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අපට හැකියාවක් තිබිය යුතුයි.

    නැතිනම් තරුණ,ප්‍රතිපත්ති,සෞක්‍ය ප්‍රතිපත්ති,කෘෂිකර්ම ප්‍රතිපත්ති එකී මෙකි නොකී හැම දෙකටම ප්‍රතිපත්ති හදයි....ඒවා කඩ කලාම උන්ට දෙන දඩුවම මොකද්ද?තව අවුරුදු 5ක් බලල ඉදල උන්ව එලවන එකද?

    ඔය කිසිම කෙනෙකුට පොරොන්දු වෙන්න බැහැ නීති හදනවා කියල දේශපාලන පොරුන්දු කඩන්නන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අපට ඉඩ හදල දෙනවා කියල...එකයි යථාර්තය....