මම කලිනුත් කිව්වා වගේ මේ ගොල්ලන්ට තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට සාමාන්‍යයෙන් තියෙන ටූ අග්‍රියබල් පර්සනෑලිටි ට්‍රේට් එක. වැඩි බලයක් එක්ක රැල්ලට වගේ අදහසක් ඉස්සිලා ආවොත් ඒකට එකඟවෙන විදිහටයි චරිතය හැදිලා තියෙන්නේ. ඒ වගේම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මේ ගානට හරි තියෙන්නෙත් හරියකට දෘශ්ටිවාදගතවීමට නොහැකි කම නිසා ඇතිවී තිබෙන ඒ කැරැක්ට ට්‍රේට් ඒක නිසායි. ලංකාවේ හිට්ලර්ලා ස්ටාලින්ලා බිහිවෙන්නෙ නැහැ කියලා මම හිතන්නෙත් ඒකයි. ඒ වගේ චරිතයක් බිහිවෙන්න ලංකාවේ සාමාන්‍ය ගැමි මනසට වැඩිය හයිලි ලොජිකල් නූතන මනසක් අවශ්‍යයි. ලංකාවේ ඒක නැහැ. ලංකාවේ ගැමි එකේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා, යන්න පුලුවං උපරිම ප්‍රමාණෙට තමයි අපි ඇවිල්ල ඉන්නේ.