තම්බියාද.?නානාද..?
අනෙක් අතට මුස්ලිම් වරුන් ආවාහ වුයේද අපේම සිංහල කාන්තාවන්ය. ඒ නිසා අපේ සිංහල මුතුන් මිත්තන්ට ඔවුන් නෑකමින්ද අයියා හෝ මල්ලී වන්නට ඇත. අතීත අපේ ගම්වල මුස්ලිම් කඩ හැඳින්වුයේ නානාගේ කඩය හෝ තම්බිගේ කඩය යනුවෙනි. පසුකාලීණව මෙය මුස්ලිම් අයවළුන් පමණක් හැඳින්වීමට තම්බි යන වචනය යොදාගෙන ඇති බැව් පෙනේ. අද අපේ මුස්ලිම් සහෝදරයෙක්ට කවුරුන් හෝ තම්බියා කියා ආමන්ත්‍රණය කරනවා නම් ඔහු විසින් කළ යුත්තේ තමන්ට තම්බියා කියන පුද්ගලයාට කටපුරා ඇයි නානා? යැයි ඇසීමයි. මන්ද ඔහු තම්බි නම් එසේ ආමන්ත්‍රණය කරන්නා අනිවාර්යයෙන්ම නානා වන බැවිනි.
අද බොහෝ දෙනෙක් මුස්ලිම්වරුන්ට උපහාසයට තම්බියා කියනවා. ඇත්තටම තම්බි කියන්නේ උපහාසාත්මක වචනයක් නොවේ. අතීතයේ එම නාමය භාවිතා කළේ සහෝදරත්වය පිළිබිඹු කිරීමටයි. තම්බි යන දෙමළ වචනයෙහි සිංහල අරුත මල්ලි යනුයි. අතීතයේ අපේ ගම් වලට වෙලඳාම පිණිස පැමිණි යවනයින් හෙවත් යෝනකයන් භාවිතා කළ බස දෙමළ නිසා අපේ සිංහල මුතුන්මිත්තන් ඔවුන්ව ද්‍රවිඩ බසින්ම ආමන්ත්‍රණය කළේ තම්බි (මල්ලි) හෝ නානා (අයියා) යනුවෙනි. තමන්ට වඩා බාල කෙනෙකු නම් තම්බි යනුවෙන්ද තමන්ට වඩා වැඩිමහල් නම් නානා යනුවෙන්ද ආමන්ත්‍රණය කරන ලද්දේ සහෝදර කමටය. එවිට මුස්ලිම් වෙලඳුන්ද තමන්ට වඩා බාල සිංහල වැසියන්ට තම්බි යනුවෙන්ද තමන්ට වඩා වැඩිමහල් අයට නානා යනුවෙන්ද පවසා ඇත.