යකෝ දෙයක් දන්නේ නැත්නම්, නොදන්නා ලබ්බවල් කියවන්න එපා පොන්නයෙක් වගේ,
උඹේ දෙමවුපියන්ට පුංචි පව්ල රත්තරං කියලා හිතුනා නම් තෝ වගේ දෙපැත්තටම නැති පොන්නයෙක් හැදෙන්නේ නෑ
JR , ප්‍රේමදාස කාලේ වැරදි උනා තමයි නමුත් හැම මගුලකටම උන්ට බැනලා වැඩක් නෑ
1970 දශකය ගෙවී ගියේ ලාංකේය සමාජය වෙත නැවුම් සටන් පාඨයක් ගෙන හැර පාමිනි. ඒ “සැලසුම් කළ පවුලක්” කියාය. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය නමින් ආයතනයක් ස්ථාපිත වූයේ මෙකී මෙහෙවර සාර්ථක කොට ගැනීම සඳහාය. ඒ අනුව එක් පවුලක් සඳහා දරුවන් දෙදෙනෙකු පමණක් යන සීමා රේඛාවක් සමාජගත කරන ලද්දේ පවුල් සැලසුමට දායක වී රටේ අනාගතය සුරක්‍ෂිත කිරීමට උරදෙනු ! යන තහවුරුව කොටය. ලාංකේය දේශපාලන ඉතිහාසය තුළ “සත් අවුරුදු ශාපය” නමින් අපකීර්තිමත් සත් වසක් (1970 - 77) ගෙවී ගොස් ඇත. ඒ දිළිඳු ජනයාගේ ජීවන කොන්දේසි බරපතල ලෙස උල්ලංඝනය වී තිබූ බැවිනි. ජීවත්වීමේ කොන්දේසි වඩ වඩාත් නරක් වූ අතර දේශපාලන අධිකාරිය කියා සිටියේ ප්‍රශ්නය තිබෙනුයේ සීමාවක් නොමැතිව දරුවන් හැදීමේ ක්‍රියාවලිය තුළ බැවින් වහාම දරුවන් හැදීම පාලනය කළ යුතු බවයි. හිස ඔසවා තිබූ දුප්පත්කම නිසාවෙන්, වඳ සැත්කමක් සඳහා ගෙවන්නා වූ රු. 500/- ක මුදල වෙනුවෙන් සිය දරුවන් හැදීමේ හැකියාව පාවා දෙනු ලැබුයේ “පුංචි පවුල රත්තරන්” යන තේමාව යටතේය. ඒ, එදා සමාජයේ බහුතරයක් දිළිඳු ජනයාට කරන්නට අන් යමක් ඉතිරිව නොතිබූ නිසාය. මේ මහා “වන්ධ්‍යාකරණ මෙහෙයුම” හරහා ලාංකේය සිංහල සමාජයට බරපතල බලපෑමක් එල්ලවූ නමුත් මේ මෙහෙයුමට මෙරට මුස්ලිම් සමාජය එකඟ වූයේ නැත. ඒ ඉස්ලාම් ආගමට අනුව අඹු - සැමි යුවළක් වෙත දරුවන් ලබා දෙනුයේ අල්ලා දෙවියන්ගේ කැමැත්තට අනුව බැවින්, එයට එරෙහි වීම අල්ලා දෙවියන්ට එරෙහි වීමක් ලෙස පිළිගැනෙනා නිසාය. ඒ හා සමාන ලෙසම දෙමළ සමාජයද මේ මෙහෙයුම සඳහා උනන්දු නොවුණේ දෙමළ දේශපාලකයන් විසින් සිය අනාගත ඡන්ද පදනම් රැකගැනීම සඳහා මතවාදී මෙහෙයුමක් දියත් කළ නිසාය. ඒ අනුව ලාංකේය සිංහලයා වඳ කිරීමේ මූලික අඩිතාලම දැමුණේ 1970 - 77 සමගි පෙරමුණු පාලන සමයේදීය. නමුත් එදා සිට අද දක්වා බලයට පත්වූ කිසිදු සිංහල ආණ්ඩුවක් එදා ඇරඹි මෙහෙයුම ප්‍රවර්ධනය කළා මිස විවේචනය කොට නැත.