තමා සිරබත් කෑ යුගය ජනපති සිහි කරයි
තමා සිරබත් කෑ යුගය ජනපති සිහි කරයි
සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම කිසිවිටෙකත් ඔහුට එරෙහිව සිදු කළ ක්‍රියාවක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හුදෙක්ම එය හමුදා විනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් බව හෙතෙම පැවසීය.
ජනාධිපතිතුම්න සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද(12) අරලියගහ මන්දිරයේදී සිදු වූ අතර එහිදී මෙම අදහස් පළ විය.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ ෆොන්සේකා මහතා පිළිබඳ විමර්ශන කටයුතු කඩිනමින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමන් එහිදී වික්‍රමසිංහ මහතාට පැවසූ බවත් ඔහු වරදක් කර නොමැති නම් නිදහස් කිරීමට කටයුතු කරන බවත්ය.
රඳවාගෙන් සිටින සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය ආහාර පාන ගෙනයාම අනෝමා ෆොන්සේකා මහත්මිය වෙනුවට වෙනත් අයෙකු යෙදවිය හැකිදැයි මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිතුමන්ගෙන් විමසා සිටියේය.
එයට සුහදශීලීව පිළිතුරු දුන් ජනාධිපතිතුමන් සඳහන් කර ඇත්තේ එය හමුදාපතිතුමන් විසින් තීරණය කළ යුතු බවය.
එහෙත් තම ස්වාමිපුරුෂයා බැලීමට අවස්ථාවක් සළසා දෙන්නැයි ෆොන්සේකා මහත්මිය නිරන්තරයෙන් මාධ්‍ය ඔස්සේ ඉල්ලා සිටිනවා තමා දුටු බව කී ජනාධිපතිතුමන් අනෝමා ෆොන්සේකා මහත්මියගේ අකමැත්තක් නොමැතිනම් ඇය අතින්ම ආහාර සැපයීම සිදු කිරීම වඩාත් සුදුසු බව සඳහන් කර තිබේ.
එදා තමා ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ගොස් සිරගත වූ අවස්ථාවේ දරුවෙකු ලැබීමට සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය උදේ සවස ආහාර රැගෙන තමා බැලීමට පැමිණි ආකාරය ද මෙහිදී ජනාධිපතිතුමන් සිහිපත් කළේය.
Reference
http://www.lankapuwath.lk/sinhala/i...-04-51&catid=41:2009-02-23-06-13-25&Itemid=61