සිය බිරියගේ පියාට කළ පහර දීමක් සම්බන්ධයෙන් සැකපිට මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් පෙරේදා (08) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පහර දීම සති දෙකකට පමණ පෙර සිදුව ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
උප පොලිස් පරීක්ෂකවරයා සිය බිරිය, බිරිඳගේ සහෝදරයා සහ පියා සමඟ ආරවුලක පැටලී මෙම පහර දීම සිදු කර ඇතැයි පොලීසිය කියයි. පොලිස් නිලධාරියා සිය බිරිය සමඟ පදිංචිව සිටින නිවසත් බිරිඳගේ පියා පදිංචිව සිටින නිවසත් එකම වත්තක පිහිටා ඇති බව පොලීසිය කියයි. එම නිවාස පිහිටි වත්ත ඇත්තේ මොරොන්තුඩුව නාන්දූවේ බව ද පොලීසිය සඳහන් කළේය.
මෙම පහර දීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් මොරොන්තුඩුව පොලිස් ස්ථානයටත් පාණදුර පොලිස් අධිකාරි කාර්යාලයටත් කර තිබේ.
ඒ අනුව පාණදුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙසින් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් පරීක්ෂණ පවත්වා පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව මොරොන්තුඩුව පොලිස් ස්ථානයට භාර කිරීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇත්තේ සමථ මණ්ඩලය වෙත පැමිණිල්ල විභාග කිරීමට දිනයක් ලබාදෙමිනි.
මේ සම්බන්ධයෙන් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා ඊයේ පියවර ගෙන තිබුණි.
@Don GasCan news site eke thibba comment ekak onna, penawa neda police ballige puthala policiya hallu karala thiyana tharama
පොලිස් කාරයෙක්ට දුවෙක් දෙනවද මොලේ යාන්තමින්වත් තියෙන එකෙක්