තරගාවලියේ ජයග්‍රහණය පකිස්ථානයට, ශ්‍රී ලං

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    තරගාවලියේ ජයග්‍රහණය පකිස්ථානයට, ශ්‍රී ලං

    නොසිතු විරූ ලෙස පකිස්ථාන කණ්ඩායම ක්‍රීඩා පිටිය තුල දැක්වූ පෙරළිකාර ක්‍රීඩා විලාශය හේතුවෙන් ශ්‍රී ලංකාවත් සමග පැවති සිව්වන එක්දින තරගයේ ජයග්‍රහණයත් සමග සමස්ත තරගාවලියේම ජය හිමි කරගැනීමට පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමත් විය. වරෙක ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වික්‍ෂිප්ත කරමින් පෙරළිකාර ජයක් ලබන්නට පකිස්තානු පිල සමත් විය. මෙම ජයග්‍රහණයේ නියමුවා වෙමින් පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දක්වමින් තරගයේ විරයා සම්මානය හිමිකර ගැනීමට හිටපු පකිස්තානු ක්‍රිකට් නායක සහියිඩ් අෆ්රිඩි සමත් විය.

    කාසියේ වාසිය දිනාගත් නායක මිස්බා-උල්-හක් මුලින්ම පන්දුවට පහර දීමට තිරණය කල අතර එ අනුව පිටියට පිවිසි පකිස්තානු ආරම්භක පිතිකරුවන් ඉක්මනින්ම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්විය. ඒ අනුව 120/7 ලෙස ලකුණු පුවරුවේ දිස්වෙද්දී ක්‍රියාත්මක වූ පකිස්තානු කණ්ඩායමේ හිටපු නායක සහියිඩ් අෆ්රිඩි පන්දු 64 මුහුණ දෙමින් 6 පහර 3 ක් සහ 4 පහර 4ක් සමගින් වේගවත් ලකුණු 74 ක් රැස්කරමින් පකිස්තානු කණ්ඩායම ලකුණු 200 සිමාව කරා රැගෙන යාමට සමත් විය.

    ඒ අනුව ලකුණු 200 හබායමට යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන් නැවතත් අසාර්ථක කරමින් උපුල් තරංග නායක තිලකරත්න ඩිල්ෂාන් සහ දිනේෂ් චන්දිමාල් මුළු ලකුණුපුවරුව ලකුණු 53 ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට පකිස්තානු පන්දු යවන්නන් සමත් විය. ඉන් අනතුරුව පිටියට එක්වූ මහේල ජයවර්ධන, කුමාර සංගක්කාර හා එක්වී සිව්වන කඩුල්ල සදහා ගොඩනැගු සබදතාවය ලකුණු 102 ක් විය. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 155 ක් වෙද්දී සහියිඩ් අෆ්රිඩි විසින් ලකුණු 58 රැස්කර සිටි කුමාර සංගක්කාර දවා ගැනීමත් සමග නැවත කඩුලු දඩයම ‌‍ආරම්භ කල පකිස්තානු පන්දු යවන්නන් ලකුණු 19ක් තුලදී කඩුලු 7 ක් බිදහෙළීමට සමත් විය. ඒ සමග ම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 174 කට සීමා කරමින් ලකුණු 26 ක ජයග්‍රහණයක් හිමි කරගැනීමට පකිස්තානු කණ්ඩායම සමත් විය. එහි දී අතිදක්ෂ පන්දු යැවීමක නිරත වූ සහියිඩ් අෆ්රිඩි ලකුණු 35 කට කඩුලු 5 ක් දවාලීමට සමත් විය.

    මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නැවත නැවතත් තම අසාර්ථක ක්‍රීඩා විලාශය පෙන්නුම් කල අතර මෙම තරගාවලි පරාජයත් සමගම එක්දින ශ්‍රේණි ගතකිරීම වල දෙවන ස්ථානයේ සිට සිව්වන ස්ථානය දක්වා පහලට වැටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අස්ථාවර ක්‍රීඩා විලාසය මෙම තරගාවලිය පුරාම දක්නට ලැබුණු අතර එම හේතුවෙන් ජයග්‍රණය කිරීමට පහසු තරග පවා අවසානයේ පකිස්තානු කණ්ඩායමේ ජයග්‍රහණයට නතු විය. කෙසේ වෙතත් දිගින් දිගටම අසාර්ථක වූ නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ අසාර්ථකත්වය මෙම තරගය තුලදී ද දක්නට ලැබුණි. එකපිට දෙවරක් ලෝක ක්‍රිකට් අනුශුරතාවය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන ක්‍රීඩා විලාසය පිලිබදව ක්‍රිකට් ක්‍රීඩා විචාරකයින් ද දක්වන්නේ අප්‍රසාදයකි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් බහුතරයගේගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව පිළිබද නැවත සිතීමට කාලය පැමිණ ඇති බවකි.

    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ayeth ahala bn.. wedak ne katha karala..:no::no::no:

    lost to England (Tests and one-day)
    lost to Australia (Tests and one-day)
    now
    lost to Pakistan (Tests and one-day)

    :angry::angry::angry::angry:

    And what happen Next
    in South Africa ??????

    white wash eken berunoth loku deyak :frown:
     
    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    එකෙක් out වුනාම කට්ටිය ලස්සනට පෝලිමට යනවා .... :sorry:

    Match එක ගොඩ දාන්න එකෙක්වත් නැ .... :(
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මැච් කියන්නේ ඔහොම තමයි මචන්ලා. ඔය සීරීස් පැරදුනාට ලෝක කුසලාන වගේ තරඟ වලදි අපේ උන් හොඳට සෙල්ලම් කරනවා. ඔය පකිස් කොට්ටෝරුවන්ට ඔයවගේ පොඩි ආතල් එකක් වත් ගන්න දෙන්න ඔනේ. නැත්නම් උන් මේන්න මේ වගේ ලෝකෙ හිනස්සලා කුජීතම වෙලා යනවා :rofl:.

    http://www.elakiri.com/forum/showthread.php?t=1251745
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    මැච් කියන්නේ ඔහොම තමයි මචන්ලා. ඔය සීරීස් පැරදුනාට ලෝක කුසලාන වගේ තරඟ වලදි අපේ උන් හොඳට සෙල්ලම් කරනවා. ඔය පකිස් කොට්ටෝරුවන්ට ඔයවගේ පොඩි ආතල් එකක් වත් ගන්න දෙන්න ඔනේ. නැත්නම් උන් මේන්න මේ වගේ ලෝකෙ හිනස්සලා කුජීතම වෙලා යනවා :rofl:.

    http://www.elakiri.com/forum/showthread.php?t=1251745
    :eek::eek::eek:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    ayeth ahala bn.. wedak ne katha karala..:no::no::no:

    lost to England (Tests and one-day)
    lost to Australia (Tests and one-day)
    now
    lost to Pakistan (Tests and one-day)

    :angry::angry::angry::angry:

    And what happen Next
    in South Africa ??????

    appo ayeth ahanawa.ekak wath draw karagattot athi me yana widihata SA waladi :sorry:
     
    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    Sangatai Mahelatai wandala hari captaincy baaraganna kiyanna wenawa machanla. do u agreee with me??? matanam andenna enawa bun. E 2nage ekkenekge yatathe mathewswa train karanna ona captaincy walata. Sangai Maiyai 2nama team1 final genawa wrldcp. Sanga captaincy karanakotat Mahela patta sup1k dunna. Mahela kiyanne arjuna captaicy walatama hadapu bullet1k. Dilshan e 2nagenma advce ganne nah.

    :( :( :( :(

    lakunu 19kata wickt 7k!!!!! pixxu hadenawa.

    :( :( :(
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    Sangatai Mahelatai wandala hari captaincy baaraganna kiyanna wenawa machanla. do u agreee with me??? matanam andenna enawa bun. E 2nage ekkenekge yatathe mathewswa train karanna ona captaincy walata. Sangai Maiyai 2nama team1 final genawa wrldcp. Sanga captaincy karanakotat Mahela patta sup1k dunna. Mahela kiyanne arjuna captaicy walatama hadapu bullet1k. Dilshan e 2nagenma advce ganne nah.

    :( :( :( :(

    lakunu 19kata wickt 7k!!!!! pixxu hadenawa.

    :( :( :(

    sanga captaincy eka baraganna sudanm godak watinawa ath macho.:yes::yes:. dunna deyak ayeth ganna kenek kamathi wenne ne..:no::no::no: a nisa sanga captaincy eka aye baragani kiyala hithanna amarui :(:(:(:(
     
    nimb

    Banned
    Nov 23, 2011
    19
    3
    0
    මැච් කියන්නේ ඔහොම තමයි මචන්ලා. ඔය සීරීස් පැරදුනාට ලෝක කුසලාන වගේ තරඟ වලදි අපේ උන් හොඳට සෙල්ලම් කරනවා. ඔය පකිස් කොට්ටෝරුවන්ට ඔයවගේ පොඩි ආතල් එකක් වත් ගන්න දෙන්න ඔනේ. නැත්නම් උන් මේන්න මේ වගේ ලෝකෙ හිනස්සලා කුජීතම වෙලා යනවා :rofl:.

    http://www.elakiri.com/forum/showthread.php?t=1251745

    paraduna dukata ohomawath kiyala hitha hada ganain