Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
තරහ පාලනය කිරීමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිස්සු විවිධාකාර ය. මේ විවිධාකාර මිනිසුන් අතර ජීවත්වන එක්තරා මිනිස් කොටසක් වන්නේ අනුන් නිසා තරහ ගන්නා අයයි. මොවුන් සමග සබඳතා පවත්වා ගැනීම පවා අපහසුය. අන්අයකුගේ හොඳ ක්රියාවක් වේවා නරක ක්රියාවක් වේවා ඔවුන් කිපෙයි. මේ බව දන්නා පිරිස ඒ පුද්ගලයා තරහ ගස්සා සතුටු වෙති. එය මා අනුමත නොකරමි. මදකට සිතා බලන්න. ඔබත් මෙවැනි අයෙක් ද? ඔබව තරහ ගැස්සීමට අන් අයට හැකියාව පවතිනවා ද? එසේ නම් ඔබ ප්රවේශම් විය යුතු බව මා කියමි.

ඔබත් මෙවැනි අයකු නම් ඉන් මිදීමට කටයුතු කරන්න. මන්දයත්, ඔබව පිච්චීමට අන් අයට හැකි නිසාවෙනි. පිච්චෙන විට සතුටක් හෝ සැපක් දැනේවි යැයි මා නොසිතමි.

තරහ නැති කර ගැනීමට හෝ පාලනය සඳහා හේතු විය හැකි කරුණු කීපයක් මා උගන්වමි. කැමැත්තෝ අසත්වා.

1. තරහව යනු අකුසලයකි. ද්වේශයේ එක් ආකාරයකි. ද්වේශය අකුසල මූලයක් බව බුද්ධ දේශනාවයි. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත්, අවෛරයෙන් ම වෛරය සන්සිඳෙන බවත් ය. සියළු බුදුවරයන් දේශනා කරන්නේ පවෙන් වැලකී කුසලයේ යෙදීමයි. ඉතින් ඔබට බුද්ධ වචනය අනුගමනය කිරීමට අවශ්ය නම් තරහව අතහැරීමට සිදු වේ.

2. තරහව පාලනය කිරීමේ හොඳම ක්රමයක් වන්නේ මෛත්රිය වැඩීමයි. ඔබට තරහ පාලනය කිරීමට හිතෙන්නේ නම් එනිසා බිය නැතිව මෛත්රිය පුහුණු කරන්න.

3. සිහිය පිහිටුවා ගැනීම නැත්නම් සතිමත් බව ද තරහ පාලනය කිරීමට හොඳ උපක්රමයකි. සිහිය ඇති විට තරහ ඇති වන අවස්ථාවේදී හිතේ තරහව ඇති වූ බව අවබෝධ වෙයි. බොහෝ අවස්ථාවල තරහව ආ බව අපිට අවබෝධ වෙන්නේ තරහව හේතුවෙන් යම් ක්රියාවක් කිරීමෙන් පසුව ය. ඉතින් එයට පෙර එනම් තරහ ඇති වූ විටම දැනගත් විට ඒ ඔස්සේ කටයුතු කිරීමෙන් වැලකීමට හැකියාව ලැබේ.

4. සමාව දීමේ ගතිය පුරදු කිරීම සමහරුන්ට අපහසු කාර්යයකි. වසර ගණනකට පෙර සිදු වූ ක්රියාවක් හේතුවෙන් තරහ බැඳ ගෙන සිටින්නෝ වෙති. නමුත් සමාව දීම පුරුදු කරන්නාට එවැනි තත්ත්වයක් උදාවන්නේ නැත. එනිසා සමාව දීම පුරුදු කිරීම ද තරහව පාලනයට උපක්රමයකි.

5. අනිත්යතාවය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ද තරහව පාලනය කිරීමට උපක්රමයකි.

6. බුදු දහමේ ඉගැන්වෙන කර්මය ගැන ඔබගේ අවබෝධය දියුණු වන විට තරහව ද ක්රමයෙන් දුර්වල වේ. මෙනිසා කර්මය ගැන හැදෑරීම ද තරහව පාලනය සඳහා ඇති උපක්රමයකි.

7. උපේක්ෂාව බ්රහ්ම විහාර ධර්ම වලින් එකකි. තමුන්ට ලැබෙන අත්දැකීම් දෙස උපේක්ෂාවෙන් බැලීමට පුරදු වන විට ද තරහව පාලනය කිරීමට හැකියාව ලැබේ.

මේ තරහව නැති කිරීම සඳහා හෝ පාලනය සඳහා උපක්රම කිහිපයක් පමණි. එය එක්වරම කල හැකි නොවේ. මේවා පුහුණු කරන විට ක්රමිකව ලැබිය හැකි ප්රතිඵලයකි. ඉතින් ඔබටත් තරහ යන්නේ නම් හා ඔබටත් තරවහ පාලනය කිරීමට හෝ නැති කිරීමට අවැසි යැයි හිතෙන්නේ නම් මේවා පුහුණු කර බලන්න.

[QUOTE="hpalpola, post: 30392084, member: 321413"] [SIZE=5]මිනිස්සු විවිධාකාර ය. මේ විවිධාකාර මිනිසුන් අතර ජීවත්වන එක්තරා මිනිස් කොටසක් වන්නේ අනුන් නිසා තරහ ගන්නා අයයි. මොවුන් සමග සබඳතා පවත්වා ගැනීම පවා අපහසුය. අන්අයකුගේ හොඳ ක්රියාවක් වේවා නරක ක්රියාවක් වේවා ඔවුන් කිපෙයි. මේ බව දන්නා පිරිස ඒ පුද්ගලයා තරහ ගස්සා සතුටු වෙති. එය මා අනුමත නොකරමි. මදකට සිතා බලන්න. ඔබත් මෙවැනි අයෙක් ද? ඔබව තරහ ගැස්සීමට අන් අයට හැකියාව පවතිනවා ද? එසේ නම් ඔබ ප්රවේශම් විය යුතු බව මා කියමි. ඔබත් මෙවැනි අයකු නම් ඉන් මිදීමට කටයුතු කරන්න. මන්දයත්, ඔබව පිච්චීමට අන් අයට හැකි නිසාවෙනි. පිච්චෙන විට සතුටක් හෝ සැපක් දැනේවි යැයි මා නොසිතමි. තරහ නැති කර ගැනීමට හෝ පාලනය සඳහා හේතු විය හැකි කරුණු කීපයක් මා උගන්වමි. කැමැත්තෝ අසත්වා. 1. තරහව යනු අකුසලයකි. ද්වේශයේ එක් ආකාරයකි. ද්වේශය අකුසල මූලයක් බව බුද්ධ දේශනාවයි. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත්, අවෛරයෙන් ම වෛරය සන්සිඳෙන බවත් ය. සියළු බුදුවරයන් දේශනා කරන්නේ පවෙන් වැලකී කුසලයේ යෙදීමයි. ඉතින් ඔබට බුද්ධ වචනය අනුගමනය කිරීමට අවශ්ය නම් තරහව අතහැරීමට සිදු වේ. 2. තරහව පාලනය කිරීමේ හොඳම ක්රමයක් වන්නේ මෛත්රිය වැඩීමයි. ඔබට තරහ පාලනය කිරීමට හිතෙන්නේ නම් එනිසා බිය නැතිව මෛත්රිය පුහුණු කරන්න. 3. සිහිය පිහිටුවා ගැනීම නැත්නම් සතිමත් බව ද තරහ පාලනය කිරීමට හොඳ උපක්රමයකි. සිහිය ඇති විට තරහ ඇති වන අවස්ථාවේදී හිතේ තරහව ඇති වූ බව අවබෝධ වෙයි. බොහෝ අවස්ථාවල තරහව ආ බව අපිට අවබෝධ වෙන්නේ තරහව හේතුවෙන් යම් ක්රියාවක් කිරීමෙන් පසුව ය. ඉතින් එයට පෙර එනම් තරහ ඇති වූ විටම දැනගත් විට ඒ ඔස්සේ කටයුතු කිරීමෙන් වැලකීමට හැකියාව ලැබේ. 4. සමාව දීමේ ගතිය පුරදු කිරීම සමහරුන්ට අපහසු කාර්යයකි. වසර ගණනකට පෙර සිදු වූ ක්රියාවක් හේතුවෙන් තරහ බැඳ ගෙන සිටින්නෝ වෙති. නමුත් සමාව දීම පුරුදු කරන්නාට එවැනි තත්ත්වයක් උදාවන්නේ නැත. එනිසා සමාව දීම පුරුදු කිරීම ද තරහව පාලනයට උපක්රමයකි. 5. අනිත්යතාවය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ද තරහව පාලනය කිරීමට උපක්රමයකි. 6. බුදු දහමේ ඉගැන්වෙන කර්මය ගැන ඔබගේ අවබෝධය දියුණු වන විට තරහව ද ක්රමයෙන් දුර්වල වේ. මෙනිසා කර්මය ගැන හැදෑරීම ද තරහව පාලනය සඳහා ඇති උපක්රමයකි. 7. උපේක්ෂාව බ්රහ්ම විහාර ධර්ම වලින් එකකි. තමුන්ට ලැබෙන අත්දැකීම් දෙස උපේක්ෂාවෙන් බැලීමට පුරදු වන විට ද තරහව පාලනය කිරීමට හැකියාව ලැබේ. මේ තරහව නැති කිරීම සඳහා හෝ පාලනය සඳහා උපක්රම කිහිපයක් පමණි. එය එක්වරම කල හැකි නොවේ. මේවා පුහුණු කරන විට ක්රමිකව ලැබිය හැකි ප්රතිඵලයකි. ඉතින් ඔබටත් තරහ යන්නේ නම් හා ඔබටත් තරවහ පාලනය කිරීමට හෝ නැති කිරීමට අවැසි යැයි හිතෙන්නේ නම් මේවා පුහුණු කර බලන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom