තර්කානුකූලත් නැහැ, නීත්‍යානුකූලත් නැහැ.
ඔන්න ඉතින් එක්තරා විශ්වවිද්‍යාලයක නීතිය හදාරන තරුණ ළමයෙක් හිටිය. මේ ළමයා එයාගේ අවසාන වසරේ අවසාන විභාගෙන් ෆේල් වෙලා. මේකට කොලුවගේ හිතට හරි අමාරුයි. ඉතින් මේ කොලුව තීරණය කළා ගිහින් තමන්ගේ ප්‍රොෆෙසර් ව හම්බවෙන්න.
ඔන්න ඉතින් අපේ කොලුව ගියා ප්‍රොෆෙසර් ගාවට. මේ ප්‍රොෆෙසර් තරමක් වයස, තමන්ගේ දැනුම ගැන හුඟක් ඉහලින් හිතන් ඉන්න කෙනෙක්.
අපේ කොලුවා : සර්, ඔබතුමාට මේ නීති විෂය ගැන තියන හැම කරුණක්ම තේරුම් ගන්න පුලුවන්ද ?
ප්‍රොෆෙසර් : අපොයි ඔව්. එහෙම නැත්නම් මම අද මෙතන ප්‍රොෆෙසර් කෙනෙක් විදියට ඉන්න එකෙන් වැඩක් නෑ නේද?
අපේ කොලුවා : හරි සර්, එහෙනම් මම සර් ගෙන් ප්‍රශ්නයක් අහන්නම්. සර් ට මේකට හරි උත්තරේ දෙන්න පුළුවන් නම් මම මගේ ලකුණු ඒ විදියටම පිලිගන්නවා. එත් සර් ට උත්තර දෙන්න බැරි උනොත් සර් මට පේපර් එකට “A” එකක් දෙන්න ඕන.
ප්‍රොෆෙසර් : මම එකඟයි. අහන්නකො බලන්න.
අපේ කොලුවා : මෙන්න මේකයි සර් මගේ ප්‍රශ්නේ. “”"නීත්‍යානුකූල නමුත් තර්කානුකූල නොවන දේ මොකක්ද, තර්කානුකූල නමුත් නීත්‍යානුකූල නොවන දේ මොකක්ද, තර්කානුකූල වත් නීත්‍යානුකූල වත් නොවන දේ මොකක්ද ?”"”
ප්‍රොෆෙසර් කල්පනා කලා, කල්පනා කලා, ම්ම්හ්ම්ම්… ….. හිතාගන්න බෑ……. …..
අපේ කොලුවට “A” එකක් දීල පිටත් කලා.
ප්‍රොෆෙසර් මුළු හවස් වරුවම ගත කලේ මේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න.
කොච්චර හිතුවත් හිතාගන්න බෑ. අන්තිමේ ප්‍රොෆෙසර් තමන්ගේ පන්තියේ ළමයින්ට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කලා.
ප්‍රොෆෙසර් : ළමයි, මට ඔයාලට ඉදිරිපත් කරන්න ගොඩක් අමාරු, ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා. හොඳට හිතල බලල දන්න කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. ප්‍රශ්නේ තමයි “”"නීත්‍යානුකූල නමුත් තර්කානුකූල නොවන දේ මොකක්ද, තර්කානුකූල නමුත් නීත්‍යානුකූල නොවන දේ මොකක්ද, තර්කානුකූල වත් නීත්‍යානුකූල වත් නොවන දේ මොකක්ද ?”"”
පුදුමයකට වගේ මුළු පංතියම එක පාර අත් ඉස්සුවා.
ප්‍රොෆෙසර්ට අදහගන්නත් අමාරුයි. ප්‍රොෆෙසර් එක ළමයෙක්ට අත දික් කරලා කිව්වා උත්තරේ කියන්න කියල.
අපේ ළමයා : හරිම ලේසියි සර්.
බලන්න දැන් ඔබතුමාට වයස අවුරුදු 75 ක් වෙනවා. ඔබතුමා විවාහ කරගත්තෙ වයස 30 ක කාන්තාවක්. ඒක නීත්‍යානුකූලයි, නමුත් තර්කානුකූල නැහැ.
ඔබතුමාගේ බිරිඳට අවුරුදු 22 ක ප්‍රේමවන්තයෙක් ඉන්නවා. ඒක තර්කානුකූලයි, නමුත් නීත්‍යානුකූල නැහැ.
ඔබතුමාගේ බිරිඳගේ ප්‍රේමවන්තයා විභාගයෙන් අසමත් වෙනවා. නමුත් ඔබතුමා එයාට නිකම්ම “A” පාස් එකක් දෙනවා. ඒක තර්කානුකූලත් නැහැ, නීත්‍යානුකූලත් නැහැ.

මට මේක ඊයකින් ලැබුනේ..හොඳනම් ඉතින් දන්නවනෙ

6+