තර්ජන හා අරක්කු නොතකා ජනතාව ඡන්ද දමති
යාපනය නගරය ආශ්‍රිතව ඡන්දය දැමීම සඳහා යන පිරිස් වෙත නාමල් රාජපක්ෂගේ ගෝලයෙක් වන සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී අන්ගජන් විසින් අරක්කු බෙදා හරින බව පැවසේ. මීට අමතරව නාවල්අඩි ප්‍රදේශයේ වෑන් රථයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් ඡන්ද මධ්‍යස්ථානය වෙත අලි ඩොන් ගසා පලා ගොස් ඇත. මෙය අන්ගජන් මන්ත්‍රීගේ ගෝලයන් විසින් සිදු කරන්නට ඇතැයි සැක කෙරේ.
පේදුරුතුඩුවේ අල්වායි ඡන්ද මධ්‍යස්ථානය වෙත හා ආරියලෙයි පොම්බුහල් ඡන්ද මධ්‍යස්ථාන වෙත ජනතාව බිය වැද්දීම සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇත. නමුත් උතුරේ ජනතාව කිසිදු බියකින් තොරව සිය ඡන්දය භාවිත කර ඇත. මේ වනවිටත් උතුරු හා නැගෙනහිර පළාත්වල 60% ක පමණ ජනතාවක් ඡන්දය ප්‍රකාශ කර අවසන් බව වාර්තා වේ.
මේ අතර අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා පවසන්නේ මධ්‍යාහ්න 12.00 වන විට දිවයින පුරාම ඡන්දය භාවිතා කිරීම 40% - 50%ක ප්‍රමාණයක පැවැති බවයි.