තරුණයන් දිනපතා කරන මේ වැරැද්ද නිසා ශුක්‍&#3515

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
තරුණයන් දිනපතා කරන මේ වැරැද්ද නිසා ශුක්‍&#3515

vv-3.png

දරු සම්පතක්‌ බලාපොරොත්තු වීමේදී කාන්තාවට මෙන්ම පිරිමියා සතුව ද පවතින වගකීම බොහෝය. එබැවින් විවාහ වී දරු සම්පතක්‌ උදා කර ගැනීම සඳහා වූ නිරෝගී බව තරුණ වියේ සිට පවත්වාගෙන යැම පිරිමි දරුවන් සතු එක්‌ වගකීමකි.

වෛද්‍යතුමනි, දරු සම්පතක්‌ ලබා ගැනීමේදී පිsරිමියා සතු වගකීම ඔබ දකින්නේ කෙසේද?

බිරිඳකට තම කුසින් දරුවකු බිහි වීමට සැමියාගේ දායකත්වය අවශ්‍ය බව අප අමුතුවෙන් කිව යුතු නැත.

නිරෝගී දරුවකු බිහිකර ගැනීමේදී බිරිඳගේ නිරෝගී ඩිම්බ හා සමානව සැමියාගේ නිරෝගී ශූක්‍රාණුත් වැදගත් වෙනවා.

වර්තමානයේ බොහෝ තරුණයන් තම ශරීරයේ ශුක්‍රාණු නිපදවන ඉJද්‍රිය වන වෘෂණ කෝෂ නිසි අයුරින් ආරක්‍ෂා කර නොගැනීම නිසා විවාහයේදී දරුඵල අහිමි කර ගැනීමට හේතුවෙක්‌ බවට පත්කර ගෙන තිබෙනවා. මෙය දරුපල අහිමි වීමක්‌ හෝ ප්‍රමාද වීමේ එක්‌ හේතුවක්‌ පමණයි. මීට අමතරව තව බොහෝ හේතු තිබෙනවා.

දරු ඵල ප්‍රමාද බව පවසමින් මා වෙත පැමිණි අඹු සැමියන්ගේ ගැටලුවලට හේතු විමසා බැලීමේදී අනාවරණය වූ එක්‌ ගැටලුවක්‌ තමයි බොහෝ පුරුෂයන් තම වෘෂණ කෝෂ නිසි ලෙස ආරක්‍ෂා කර නොගැනීම.

ඒ සම්බන්ධව උදාහරණ කිහිපයක්‌ මට දැක්‌විය හැකියි. මා වෙත පැමිණි එක්‌ යුවළක්‌ විවාහ වී වසර පහක්‌ පමණ ගත ව තිබෙනවා. ඔවුනට තවම දරුවන් නැහැ. දරු සම්පත් බලාපොරොත්තුවෙන් නොයෙකුත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඉන් සාර්ථකත්වයක්‌ ලැබී නැහැ.

බිරිඳගේ ඩිම්බවල හෝ ප්‍රජනන පද්ධතියේ ගැටලුවක්‌ නැහැ. පැවැතියේ සැමියාගේ ශුක්‍රාණුවල සක්‍රීය බව දුර්වලව පැවතීමයි.

ඔහු අවිවේකී රැකියාවක නිරත වන කෙනෙකුත් නෙමෙයි. ශුක්‍රාණු දුර්වලවීමට බලපාන රෝගාබාධවලට ලක්‌ වූ අයෙකුත් නොවන බව තොරතුරු විමසීමේදී දැන ගන්නට ලැබුණා.

ඔහු සමඟ දීර්ඝව කතාබහ කිරීමේදී අනාවරණය වූයේ ඔහු තරුණ කාලයේදී ලිංගික උත්තේජනයක්‌ ලබා ගැනීම සඳහා වෘෂණ කෝෂ උණුසුම් ජලයේ බහා තබා ගැනීමට හුරුව තිබෙනවා.

ඔහුගේ මෙම ක්‍රියාව නිසා වෘෂණ කෝෂ තුළින් ශුක්‍රාණු නිපදවීමේ දුර්වලතාවක්‌ හට ගෙන තිබෙනවා.

තවත් එක්‌ තරුණයෙක්‌ වයස අවුරුදු 10 – 12 සිට තද යට ඇඳුම් දෙකක්‌ පමණ දවස පුරා ඇඳීමට පුරුදුව සිට තිබෙනවා. ඔහුට ඊට හේතුව වශයෙන් ඔහුගේ වැඩිහිටියන්ගෙන් ලැබුණු උපදෙසක්‌ වී ඇත්තේ තද යට ඇඳුම් ඇන්දේ නැත්නම් වෘෂණ කෝෂ විශාල වන බවයි. මෙම තත්ත්වයට බියෙන් ඔහු දවසේ පැය 24 පුරා තද යට ඇඳුම් දෙකක්‌ ඇඳීමට පුරුදු වී තිබෙනවා. මින් සිදු වී ඇත්තේ ඔහුගේ වෘෂණ කෝෂ තුළින් නිපදවන ශුක්‍රාණුවල සක්‍රීය බව දුර්වල වීමයි.

වෛද්‍යතුමනි, මේ අනුව අපට පැහැදිලි වන දෙයක්‌ තමයි පිරිමියකු තම වෘෂණ කෝෂවලින් නිපදවන ශුක්‍රානු නිරෝගීව පවත්වාගෙන යැමට නම් එම වෘෂණ කෝෂ ආරක්‍ෂා කර ගත යුතු බව. එය සිදුකරන අයුරු පැහැදිලි කළ හැකිද?

පිරිමියකුගේ ශරීරයේ වෘෂණ කෝෂ සිරුරින් පිටත පිහිටා තිබෙන්නේ එහි නිපදවන ශුක්‍රාණු ශරීර උෂ්ණත්වයෙන් ආරක්‍ෂා කර ගැනීමටයි. ශරීර උෂ්ණත්වයේදී පවා ශුක්‍රාණු විනාශයට පත් විය හැකියි.

එබැවින් වෘෂණ කෝෂවලට නිතරම අධික උෂ්ණත්වයක්‌ සහිත පරිසරයක්‌ පැවතීම ශුක්‍රාණු නිපදවීමට බාධා මතු වෙනවා.

තමා අඳින යට ඇඳුම් ඉතා තද ඝනකමින් යුක්‌ත ඒවා නොවියයුතුයි. සැහැල්ලු කපු රෙද්දෙන් සකස්‌ කළ ඒවා භාවිතා කළ යුතුයි.

වර්තමානයේ ඇතැම් තරුණයන් යට ඇඳුමට අමතරව කොට කලිසමක්‌ ඇඳ ඉන් පසු ඩෙනිම් කලිසමක්‌ අඳිනවා. ඩෙනිම් කියන්නේ ඉතා ඝනකම් රෙද්දකින් මැසූ කලිසමක්‌ දිනපතා මේ ආකාරයෙන් දවසේ පැය 12 ක්‌ පමණ ඇඳුම් ඇඳ සිටියොත් ඔහුගේ වෘෂණ කෝෂවලින් නිපදවන ශුක්‍රාණුවලට හානි සිදුවෙනවා.

එනිසා තරුණයන් ඇඳුම් පැළඳුම් භාවිතා කරන විට විලාසිතාව ගැන පමණක්‌ නොසිතා ශරීරයේ නිරෝගී බව පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි.

මීට අමතරව පෝරණු ආශ්‍රිත රැකියාවල යෙදෙන පුද්ගලයන් සේවා කටයුතුවල යෙදෙන අවස්‌ථාවලදී හැර අන් අවස්‌ථාවලදී එම උෂ්ණත්වය සහිත පරිසරයෙන් ඈත් වී සිටීමට අවධානය යොමු කළ යුතුයි. මෙවැනි උණුසුම් පරිසරයක රැකියා කරන අය නිතරම සැහැල්ලු ඇඳුම් භාවිතා කළ යුතුයි.

ශුක්‍රාණු සක්‍රීය බව දුර්වල පුද්ගලයන්ට ඊට අදාළ හේතුව අනුව කළ යුතු ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවා. නමුත් වැරදි අවබෝධ, නොදන්නා කම සහ වැරදි පුරුදු නිසා ශුක්‍රාණු සක්‍රීය බව දුර්වල තත්ත්වයට පත් කර ගැනීම වළක්‌වා ගැනීමට නිතරම අප අවධානය යොමු කළ යුතුයි. එසේ නොවුණ හොත් මද දරු බව ඇතිවීම පමණක්‌ නොව වඳ භාවයට ද පත් විය හැකියි. එවැනි පුද්ගලයන් අපට බොහෝ හමු වී තිබෙනවා.

WADAGATHNAM REP++++++
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕවට වඩා අපේ හින්හලු අවුරුදු 15න් පැණි බොනවා,සිගරට් බොනවා,බාබුල් කනවා.අරක්කු බොනවා.ඔන්න ඕවා තමයි මූලික හේතු..බදිනකන්ම ඉතින් ඕවා කරලා බැදලා ළමයෙක් නැති උනහම එක්කෝ ගෑණිගේ වැරදි කියනවා.නැත්නම් පොඩි කාලේ හැදුන ලෙඩක් ගැන කියවනවා.ඒ අස්සේ හම්බයෝ ළමයි හදනවා කියලත් බණිනවා..:lol::lol::lol:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඕවට වඩා අපේ හින්හලු අවුරුදු 15න් පැණි බොනවා,සිගරට් බොනවා,බාබුල් කනවා.අරක්කු බොනවා.ඔන්න ඕවා තමයි මූලික හේතු..බදිනකන්ම ඉතින් ඕවා කරලා බැදලා ළමයෙක් නැති උනහම එක්කෝ ගෑණිගේ වැරදි කියනවා.නැත්නම් පොඩි කාලේ හැදුන ලෙඩක් ගැන කියවනවා.ඒ අස්සේ හම්බයෝ ළමයි හදනවා කියලත් බණිනවා..:lol::lol::lol:
    :yes::yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,923
    9,748
    113
    ඕවට වඩා අපේ හින්හලු අවුරුදු 15න් පැණි බොනවා,සිගරට් බොනවා,බාබුල් කනවා.අරක්කු බොනවා.ඔන්න ඕවා තමයි මූලික හේතු..බදිනකන්ම ඉතින් ඕවා කරලා බැදලා ළමයෙක් නැති උනහම එක්කෝ ගෑණිගේ වැරදි කියනවා.නැත්නම් පොඩි කාලේ හැදුන ලෙඩක් ගැන කියවනවා.ඒ අස්සේ හම්බයෝ ළමයි හදනවා කියලත් බණිනවා..:lol::lol::lol:

    :rofl:මේකනම් පට්ට ඇත්ත.:yes:
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    ඕවට වඩා අපේ හින්හලු අවුරුදු 15න් පැණි බොනවා,සිගරට් බොනවා,බාබුල් කනවා.අරක්කු බොනවා.ඔන්න ඕවා තමයි මූලික හේතු..බදිනකන්ම ඉතින් ඕවා කරලා බැදලා ළමයෙක් නැති උනහම එක්කෝ ගෑණිගේ වැරදි කියනවා.නැත්නම් පොඩි කාලේ හැදුන ලෙඩක් ගැන කියවනවා.ඒ අස්සේ හම්බයෝ ළමයි හදනවා කියලත් බණිනවා..:lol::lol::lol:

    උඹ කියන විදිහට මගේ එව්වා පට්ට අක්‍රිය වෙන්න ඕනේ
    මොකද මම බොන්න පටන්ගත්තේ 10 වසරේ ඉදන්
    මේ ලඟදි ටෙස්ට් කලා නිකං කොහොමද කියල බලාගන්න
    ගින්දර වගේ ටෙස්ට් රිසල්ට් එලටම තියෙනවා
     
    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    ඕවට වඩා අපේ හින්හලු අවුරුදු 15න් පැණි බොනවා,සිගරට් බොනවා,බාබුල් කනවා.අරක්කු බොනවා.ඔන්න ඕවා තමයි මූලික හේතු..බදිනකන්ම ඉතින් ඕවා කරලා බැදලා ළමයෙක් නැති උනහම එක්කෝ ගෑණිගේ වැරදි කියනවා.නැත්නම් පොඩි කාලේ හැදුන ලෙඩක් ගැන කියවනවා.ඒ අස්සේ හම්බයෝ ළමයි හදනවා කියලත් බණිනවා..:lol::lol::lol:
    Defa defa
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    උඹ කියන විදිහට මගේ එව්වා පට්ට අක්‍රිය වෙන්න ඕනේ
    මොකද මම බොන්න පටන්ගත්තේ 10 වසරේ ඉදන්
    මේ ලඟදි ටෙස්ට් කලා නිකං කොහොමද කියල බලාගන්න
    ගින්දර වගේ ටෙස්ට් රිසල්ට් එලටම තියෙනවා

    Uba man of steel neh :rofl: