තරුණියන්~5ක්

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    උඩවලව හා ඇඹිලිපිටියේ තරුණියන් 5ක් අතරුදන් වෙලා

    ඇඹිලිපිටිය සහ උඩවලව යන ප‍්‍රදේශවලදී යුවතියන් පස්දෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

    මෙම අතුරුදහන්වීම් සිදුව ඇත්තේ දින 5ක් තුළ බවද පැවසේ.

    මෙසේ අතුරුදන්ව ඇති එක් යුවතියක් මාතර ගන්දර ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.

    විසිහැවිරිදි තරුණයෙකු විසින් ඇය රවටාගෙන ඇඹිලිපිටියට කැටුවවිත් ඇතැයි පොලිසිය සැක කරයි.

    එසේ අතුරුදන්ව අති තරුණියගේ වයස අවුරුදු 23ක් පමණ වන බවත්, ඇය කැටුව පැමිණි පුද්ගලයාද මේ වනවිට අතුරුදන්ව ඇතැයි පැවසේ.

    විමර්ශනවලින් හෙළි වී ඇත්තේ සැකකරු දෙවරක් විවාහ වූවෙකු බවයි.

    අතුරුදන්ව සිටින තවත් යුවතියක් රැකියාවක් සඳහා ඇඹිලිපිටියට පැමිණි තැනැත්තියකි.

    ඇගේ වයස අවුරුදු 24ක් පමණ වන බවත්, පැවසේ.

    අතුරුදන්ව සිටින අනෙක් දෙදෙනා එකම පවුලේ සහෝදරියන් වන අතර, වැඩිමහල් සහෝදරියගේ වයස අවුරදු 19 ක්ද බාල සහෝදරියගේ වයස අවුරුදු 17ක්ද වන බව වාර්තා වේ. දාහත් හැවිරිදි තරැණිය පාසල් සිසුවියකි.

    මෙම අතුරුදන්වීම් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ප‍්‍රදේශවාසීන් විසින් කොටුකරගෙන පොලිසියට භාරදී ඇත.

    ඔවුන්ගෙන් එක් අයෙකු ප‍්‍රශ්න කිරීම්වලින් පසු මුදාහැර ඇති අතර එලෙස මුදාහැර ඇත්තේ උඩවලව ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකි.

    අනෙක් පුද්ගලයාගෙන් පොලිසිය ප‍්‍රශ්නකරමින් සිටින බවත්, ඔහු එම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු නොවන බවත් පැවසේ.

    මේ අතර කහවත්ත ප‍්‍රදේශයේ දී වැඩිහිටි කාන්තාවන් ඝාතනය කිරීම සහ ඇඹිලිපිටිය සහ උඩවලව ප‍්‍රදේශවල අතුරුදන්වීම් අතර සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමට පොලිසිය පරීක්‍ෂණ ආරම්භකර තිබේ.