මේක තමයි යථාර්ථය. කයිය නම් සමාජවාදී. ඒ උනාට කොහෙද සමාජවාදේ ගොඩ ගියේ ඇහුවොත් උත්තර නෑ. චීනේ, වියට්නාම් ගත්තත් සමාජවාදී ආර්ථික තිබිලා ගොඩයන්නෙ නැති තැන් වල උන් වෙලඳපොල ආර්ථික ප්‍රතිපත්ති රටට ගෙනාවා. මුන්ට දැන් වෙලා තියෙන්නෙ එදා ඉඳන් දරදිය ඇදපු කැපුවත් රතු එවුන් ටික පරිස්සම් කරගන්නත් ඕන, ඒ අස්සෙ ඉස්සර මහා ලොකුවට හොඳයි කියපු සමාජවාදේ වැරදියි කිව්වොත් ඒකෙන්ම අල්ලලා වෙන උන් ගහනව කියන එකත් මුන් දන්න නිසා ලැජ්ජාවක් නැතුව ධනවාදී වෙන්න බැරිකම. ඒ නිසා ශේප් එකේ ධනවාදෙත් නරක නෑ කියනවා. කරන්නෙ කොහොමද කියලා ඇහුවොත් ඒ කාලේ විජේවීරගෙන් පස්සෙ SYU එකේ සිලබස් තවම update නොවුනු නිසා ප්‍රශ්නයක් ඇහුවොත් කියවන්න තියෙන්නෙ සමාජවාදේ විතරයි. ඒ නිසා ත්‍රිකුණාමලේ උක්වවලා රට ගොඩගමු වගේ ගොන් කතා කියලා හිටී ගමන් හොඳම එකෙන් නානවා. නැතිවෙලාවට හරි ප්‍රශ්නයක් ඇහුවොත් වටේ යනවා.
යාළුවො දීපු ඇඳුම් අඳිනව කියන්නෙත් ඔය වගේම සීන් එකක්. හම්පඩ සමාජවාදේ ඇතුලේ විවේචනය කරපු මිනිස් උන්නතිකාමය (human ambition) නිසා සමාජේ පරතරය ඇතිවෙලා සමාජ පංති බිහිවෙලා මිනිස්සු ඇණ කොටාගන්නව කියන මතෙත් එක්ක තමයි මහන වුණ කෙනෙක් වගේ කතා කියන්නෙ. දැන් ලෝකේ දියුණුවත් එක්ක සල්ලි අල්ලන්නෙ නැති හතර පෝයට සිල් ගන්න උන් දේශපාලනේට එන්නෝන කියලා එකක් නෑ. හරි ප්‍රතිපත්ති ටිකක් තියන මිනිහෙක්නම් සිස්ටම් එකෙන් ඒ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනවා ඇරෙන්න සල්ලි අතින්වත් අල්ලන්නෙ නෑ කියන උන් පාලනේට ඕන නෑ. යාන්ත්‍රනේ විතරයි වැදගත්. සල්ලි නොඅල්ලපු, ආශාවන් නැති උන් මේ ලෝකේ රටවල් කරල නෑ. ඒක ප්‍රායෝගිකත් නෑ. මෙහෙම ඊගෝ එකක් නැති දාර්ශණික පාලකයෙක් රට පාලනය කරන්නෝන කියන අදහස ගේන්නෙ ඉස්සෙල්ලම ප්ලේටෝ. මේක ගෙනාපු කාලෙම මේකට කිව්වේ ප්ලේටොගේ මනෝ රාජ්‍ය කියලා. Utopia කියලත් කියනවා. මොකද මේක ප්‍රායෝගික නැති නිසා.
චීනේ සහ සමහර ආසියාතික රටවල සමහර අවස්ථා වලදී රාජ්‍ය සේවයට ගනිද්දි වල්ල පිටින්ම කපලා මිනිස්සු වැඩට අරන් තිබිලා තියනවා ඊගෝ එක අඩු, පුද්ගලික අරමුණක් නැති මිනිහෙක් රට ගැන විතරක් හිතලා වැඩකරාවි කියලා.
මිනිස්සු උන්ට ඡන්දෙ දෙන්නෙ අනිත් උන් එක්ක තියෙන ඇරියස් එකක් කවර් කරගන්න මිසක් උන්ට වැඩපිළිවෙළක් තියෙන නිසා නෙවෙයි. Corruption අඩු කිරීමෙන් විතරක් දැන් මේ රට ගොඩ ගන්න බෑ..
මේක තමයි ඇත්ත. දැන් ඔය කඩේ යන එකෙක්ගෙන් හරි ඇහුවොත් "සමාජවාදේ කියන්නේ මොකක්ද?" කියලා, "ඒ පණ්ඩිතකම් උඹට වැඩක් නෑනේ, මේ පාර මාලිමාවට ඡන්දේ දීපන්." කියයි.
------
Post added on Jan 26, 2024 at 1:53 PM