තරුවක් වෙමුද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉන්දියාවේ ASC ය අලුත්ම නියාමනයක් අරගෙන ඇවිත්.

    යමෙකුට ලක්ෂ 5 ඉක්මවූ followers ලා සිටී නම් ඔවුන් celebrities ලා විදියට හඳුනා ගන්නා අතර, සමාජ මාධ්‍ය ඔස්සේ එම ක්‍රියාකාරකම් මගීන් ඉන්දියානු රුපියල් ලක්ෂ 40 ක ආදායමක් වාර්ෂිකව ලබයි නම් ඔවුන් ද එම ගණයට ඇතුලත් කෙරෙනවා.

    මෙය වෘත්තීයක් හඳුනා ගැනීමක් වන අතර, එම ක්ෂේත්‍රය නියාමනයට හා බදු තීරණ ගැනීමට වෘත්තීය නිර්වචනය කර ගැනීම අත්‍යාවශ්‍යයි.

    ඉන්දියාවේ followers ලා සොයා ගැනීම ශ්‍රී ලංකාවේ තරම් අමාරු නෑ. ඒ විශාල ජනගහනය වගේම ලොව පුරා විසිරුණු දැවැන්ත ඉන්දීය ඩයස්පෝරාව නිසා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ආදේශ කර ගැනීමේදි එම අගයන් වඩාත් අඩු කර ගත යුතු වෙනවා.

    කෙසේ වෙතත් අන්තර්ජාලය තුලින් ඔබටත් තරුවක් වීමේ අවස්ථාව දැන් තියෙනවා. ඔබ අලුත් නිර්මාණ කළොත් වේදීකාව හැමෝටම විවෘතයි.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්