තරුවිසිවුන facebook බීච් පාටිය

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    තරුවිසිවුන facebook බීච් පාටිය

    Beach-pic.jpg


    ෆේස්බුක් සහ අන්තර්ජාලය භාවිතා කර ප‍්‍රවර්ධන කටයුතු සිදු කර පැවැත්වු වෙරළ සාදයක් සුරාබදු නිලධාරීන් විසින් වටලා තිබෙනවා. මෙය පවත්වාගෙන ගොස් ඇත්තේ ඒ දෙහිවල ප‍්‍රදේශයේයි.

    ඉකුත් 23 වනදා සවස 5ට ආරම්භ වී ඇති මෙම වෙරළ සාදය ඊයේ දහවල් 12 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණු බවට වාර්තා වනවා.

    මෙම සාදය සඳහා ඇතුල්වීමට එක් අයෙකුගෙන් අය කර ඇති ගාස්තුව රුපියල් 1500ක්. සෑම ප‍්‍රවේශපත‍්‍රයක් සඳහාම බීර ටින් එකක් නොමිලේ ලබාදීමට ද සංවිධායකයන් කටයුතු කර තිබුණා.

    සුරාබදු දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ මත්පැන් මත්ද්‍රව්‍ය මෙලෙස ප‍්‍රවර්ධනය කිරීම නීති විරෝධී වන බවයි .
    ඒ අනුව ඉකුත් 23 වනදා රාතී‍්‍රයේ අදාළ වැටලීම සිදු කර තිබෙනවා.

    ඒ වන විට සාදය පැවැති භූමියේ 3000ක පමණ පිරිසක් රැඳී සිට ඇති අතර තවත් 2000ක පමණ පිරිසක් සාදයට ඇතුළුවීම සඳහා පිටත රැඳී සිටි බවටයි අනාවරණය වී ඇත්තේ.

    කෙසේ වෙතත් මෙහිදී මත් පෙති ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු හා කේරළ ගංජා ළඟ තබාගෙන සිටි 8 දෙනෙකු සහ රටබීම ළඟ තබාගෙන සිටි 3 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගත අතර අත්අඩංගුවට ගත් සියලූ දෙනා වයස අවුරුදු 17ත් 20ත් අතර පසුවන්නන්.

    මෙම සාද භූමියේදී අලෙවි කර ඇත්තේ රුපියල් 3000කටයි.