තරු~පංතියේ හෝටලයකින් ආහාර ගනිමු...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,805
    8,023
    113
    මෙන්න මෙතන...
    තරු~පංතියේ හෝටලයකින් ආහාර ගනිමු...

    තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!

    Iammisc_Dinner_Plate_With_Spoon_And_Fork_clip_art_hight.png

    ඔබ විධායක ශ්‍රේණියේ ‍රැකියාවක හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත අයෙක් නම්, බොහෝ විට තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ වලට ආරාධනා ලැබෙනවා. කුමක් හෝ විශේෂ දවසක, පවුලේ අය සමඟ මෙවැනි හෝටලයකින් ආහාර ගන්නා අයත් ඕනෑ තරම් ඉන්නවා. ඒසේත් නැත්නම් අඩුම තරමින් හිතවතෙකුගේ විවාහ උත්සවයකදීවත් ඔබ තරු පංතියේ හෝටලයකින් ආහාර ගන්න ඇති.
    ඔබ දන්නවාද.. එවැනි හෝටල්වල, ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ පිලිගත් සම්ප්‍රදායන් තිබෙන බව? ඒ ගැන හරි හැටි දැනුවත් නැත්නම්, මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.

    * භෝජන සංග්‍රහයට ආරාධනා ලැබුනු පසු, සතියක් පමණ ඇතුලත ඔබේ පැමිනීම ස්ථිර කරන්න. ආරාධනාපත හොඳින් කියවන්න. කොතැනක හෝ "dress code" එකක් සඳහන්ව තිබේනම්, ඔබ එදිනට ඇඳගෙන යා යුත්තේ එහි සඳහන් වර්ගයට හා වර්ණයට අයත් ඇඳුමක්. සමහරවිට ඔබ එදින ඉඳගත යුතු මේසයේ අංකයත් එහි සඳහන්ව ඇති.

    * නියමිත වේලාවට හෝටලයට යන ඔබ සුදුසු මේසයක් ‍තෝරාගතයුතුයි. කලින් වෙන්කරවාගත් මේසවල "Reserved" යනුවෙන් සඳහන්ව තිබෙනවා. ඒවගේම, ඔබේ කණ්ඩායමේ සිටින්නේ 4 දෙනෙක් නම්, 12කට පමණ ආසන පැනවූ මේසයක් ‍තෝරා නොගත යුතුයි.

    * සාමාන්‍යයෙන් හෝටල්වල ආහාර පිළිගන්වන්නේ ප්‍රධාන ක්‍රම 2කට අනුවයි.
    - බුෆේ ක්‍රමය
    - මෙනු ක්‍රමය

    මෙනු ක්‍රමයේදී "3 course, 4 course, 5 course... " ආදී ලෙස ආහාර වර්ග ප්‍රමාණය මත කෑම වට්ටෝරුව වෙනස් වෙනවා. මීට අමතරව අවශ්‍යනම්, තමාට කැමති ආහාරයක් තමා කැමති ලෙස පිලියෙල කර දෙන්නැයි, ඉල්ලා සිටින්නත් පුලුවන්.
    තමාට කැමති ආහාර වට්ටෝරුව ‍තෝරාගත් පසු ඔබ ආහාර ගැනීමට සූදානම්. දැන්, කෑම මේසයේ සැකැස්ම ගැන අවබෝධයක් ලබාගනිමු.

    placesettings-formal-dinner.png

    කෑම මේසයේ සැකැස්ම බොහෝ දුරට මේ වගේ. හොඳින් බලන්න. පිහිවල කැපෙන පැත්ත, තියෙන්නේ පිඟාන දෙසට. ඒ වගේම උපකරණ පාවිච්චිකල යුත්තේ පිඟානේ පිටත සිට පිඟාන දෙසට. රතු පාට ඊතල වලින් දක්වා ඇත්තේ එයයි.
    දැන් නැප්කිනය ගෙන දිගහැර උකුලේ තබාගන්න. එය කමිසය ආවරණය වනලෙස ඇඳුමේ කොලරයට පහතින් රඳවා ගන්නත් පුලුවන්. නමුත් එය තරමක් පැරණි ක්‍රමයක්. කෑම ගැනීම නිමවූ පසු නැවත පිඟානට වම් පැත්තෙන් තියන්න.
    දැන් ඔබ ‍තෝරාගත් මෙනුවට අදාල කෑම වර්ග එකින් එක ඔබට ලැබෙනවා.

    *මුලින්ම ඔබට ලැබෙන්නේ ඇපෙටයිසර් (ස්ටාටර්) විය හැකියි. එය ආහාර රුචිය වැඩිකිරීමට දෙන දෙයක් නිසා කුඩා ප්‍රමාණයක් ගැනීම ප්‍රමාණවත්.
    *දෙවනුව සුප් හා සලාද ලැබේවි. ඒ සඳහා අදාල හැඳි පාවිච්චි කරන්න. වරකදී, සුප් හැන්ද සම්පූර්ණයෙන් පුරවා ගැනීම නොකල යුතුයි. භාගයක් පමණ පුරවා ගැනීම සුදුසුයි.
    *අනතුරුව ප්‍රධාන ආහාරය ඔබට ලැබෙනවා. ඒ මෙනුවට අදාලව මාලු, කුකුල් මස් හා වෙනත් මස් වර්ග යන පිලිවෙලටයි.
    *අවසානයේ අතුරුපසත්, තේ හෝ කෝපිත් ඔබට ලැබේවි.

    කෑම බෙදීමේදී වේටර් පැමිණෙන්නේ ඔබට දකුණු පැත්තෙන්. ඔබේ මේසයේ සිටින කුඩා ලමුන්ට මුලිනුත්, කාන්තාවන්ට දෙවනුවත්, පුරුෂයන්ට තෙවනුවත් කෑම බෙදීම සිදු කරනවා. කෑම බෙදීමෙන් පසු වේටර්වරයාට ස්තුති කිරීමට අමතක කරන්න එපා.
    කෑම ගැනීමට ප්‍රථමයෙන් පිහිය සහ ගෑරුප්පුව අල්ලන නිවැරදි ක්‍රමයත්, ඔබ වයින් පානය කරනවා නම්, වයින් වීදුරුව අල්ලන නිවැරදි ක්‍රමයත් දැන සිටීම ප්‍රයෝජනවත් වේවි. පහත රූපවල ඇඟිලි තබාගෙන ඇති ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න.

    hold-wine-glass_300.jpg

    Knife+and+Fork.gif

    500px-BendWrist-Step-4.jpg

    රූපයේ දැක්වෙන පරිදි සුරතින් පිහියත් වමතින් ගෑරුප්පුවත් ගෙන ආහාර කපා ගැනීම සිදුකරන්න. ඇමරිකන් ක්‍රමයට නම්, කපාගත් පසු, පිහිය පසෙකින් තබා ගෑරුප්පුව සුරතට ගෙන ආහාර ගත යුතුයි. යුරෝපීය ක්‍රමයට නම්, ගෑරුප්පුව සුරතට මාරුකරන්නේ නෑ. නමුත් ඔබ ආහාරයට ගන්නේ බත් නම් එය රඳවා ගැනීමේදී ගෑරුප්පුව මදක් කරදරකාරී විය හැකියි. එවැනි විටක හැන්දක් පාවිච්චි කිරීමේ වරදක් නෑ.

    කෑම මේසයේදී නොකලයුතු දෑ

    * නාසය, මුහුණ හෝ හැඳි පිසදැමීමට නැප්කිනය කිසිවිටෙකත් යොදාගන්න එපා.
    * කෑම මේසයේදී ඔබේ ජංගම දුරකතනය නාදවීමට ඉඩ තබන්න එපා.
    * කෑම මේසයේදී රූපලාවන්‍ය උපකරණ හෝ දත් හෑරීමේ කූරු පාවිච්චි කරන්න එපා.
    * තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ කෑම ගැනීම ආරම්භ කරන්න එපා.
    * කෑම රස බැලීමටත් ප්‍රථමයෙන් ලුණු/ගම්මිරිස් යනාදිය එකතු කරන්න එපා.
    * වයින් ප්‍රතික්ෂේප කල යුත්තේ බඳුන මුනින් හැරවීමෙන් නොව, බඳුනේ කට අතින් වසා ගැනීමෙනි.
    * වැලමිට මේසය මත තබාගන්න එපා. වමත භාවිතා නොවන විටදී, එය උකුල මත තබා ගන්න.
    * බිම වැ‍ටුනු උපකරණ කිසිවිටෙකත් නැවත ගන්න එපා. ඒ වෙනුවට අලුත් උපකරණයක් ඉල්ලා ගන්න.
    * කෑම මේසයේදී ශබ්දනගා කතා කිරීම හෝ කිසිවක් කතා නොකර සිටීම නොකල යුතුයි. කෑම මේසයේ සියල්ලන් සමඟ ප්‍රසන්න මාතෘකාවක් ගැන සුලු කතාබහක නිරතවන්න.
    * කෑම කටේ තබාගෙන කතාකිරීම නොකල යුතුයි.
    * කැස්සක් හෝ කිවිසීමක් සිදුකරන විට මුඛය හා නාසය නිරාවරනය කරන්න එපා. නැප්කිනයෙන් වසාගන්න. දිගටම එය සිදුවේනම් විවේක කාමරයට යන්න. නැවත කෑම මේසයට එන්න පෙර දෑත් හොඳින් සෝදන්න.
    * පිඟානේ ආහාර මහා පරිමාණයෙන් ඉතිරි කිරීම හෝ කිසිවක් ඉතිරි නොකිරීම නොකල යුතුයි. කෑම බෙදාගැනීමට පෙර තමන්ගේ කුසගින්නේ ප්‍රමාණය ගැන ස්වයංනිර්ණායකයකට පැමිණෙන්න.
    * ආහාර ගැනීමෙන් පසු පිඟාන ඉවතට තල්ලු කිරීම හෝ පිඟන් ගොඩ ගැසීම කරන්න එපා.
    * සියලු දෙනාම ආහාර ගෙන නිමවන තෙක් කෑම මේසයෙන් නැගිටීම නොකල යුතුයි. ඊට ප්‍රථමයෙන් නැගිටීමට අවශ්‍යනම්, අනිකුත් සගයන්ගෙන් අවසර ගන්න.

    කෑම කන අතරතුරදී ආහාර දීසියක් තවත් අයෙකුට යැවීමට අවශ්‍යනම් සැම විටම තමාගේ දකුණුපසට යොමුකල යුතුයි. ඔබෙන් ඉල්ලා සිටින්නේ ලුණු හෝ ගම්මිරිස් නම්, ඒ බඳුන් දෙකම එකවර යැවීම තමයි සිරිත.
    හරි! දැන් ඔබ කෑම කා අවසන්. ඒ බව සංඥා කිරීමට පිහිය සහ ගෑරුප්පුව පහත රූපයේ දැක්වන ආකාරයට සමාන්තරව තබන්න.

    dining-etiquette-tips-M2_A5a_788.gif

    බිල ගෙවීමෙන් පසු වේටර්වරයාට Tip එකක් දීමත් සිරිතක්. Tip එක විදියට ඔබට කැමති මුදලක් දියහැකියි. සාමාන්‍යයෙන් බිල්පතේ වටිනාකමින් 15%-20% අතර මුදලක් දීම සුදුසුයැයි කියනවා.

    මේ තියෙන්නේ තරු පංතියේ හෝටලයක ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ සාමාන්‍ය සිරිත. ඔබට හැඳි සහ ගෑරුප්පු භාවිතය කරදරකාරී කියා සිතෙනවා නම්, අතින් වුවත් ආහාර ගතහැකියි. ඒ සඳහා පසුබට වියයුතු නෑ. නමුත් සිරිත් දැනගෙන යාම ඔබට විශාල පහසුවක් වේවි. ගොඩක් ප්‍රයෝජනවත් වේවි. එය එසේ නම්, මේ ලිපියේ අරමුණත් එයමයි.

    images

    Repost ද දන්නේ නෑ..එහෙමනම් සොරි මචන්ලා..කට්ටියට වැදගත් වෙයි කියල හිතල දැම්මේ..මෙහි සම්පුර්ණ ගෞරවය මුල් රචකයා සතුයි..

    උපුටා ගැනීම: මෙතනින්

    බලලා හොරෙන් යන උන්ට බඩම පලයන්..:yes::yes::yes:
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ මොන හුයන්නක් ද බන් මේ. යකෝ අස්ප ගණන් සල්ලි ගෙවල නිකන් හිර වෙලා වගේ කෑම කන්න ඕනේ. පිහිය ගරුප්පුව පිලිවලකට තියන්න ඕනේ ලු. පාවිච්චි කරන අත හරියට දන ගන්න ඕනේ ලු. බෙදාගන්න එකක එක විදිහටලු.

    යකෝ ඊට වඩා කොච්චර සැපද ටවුමේ තියන සයිවර් කඩේ. බඩ පැලෙන්න අඩු මුදලට නිදහසේ කාල එනවනේ.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අනේ මොන හුයන්නක් ද බන් මේ. යකෝ අස්ප ගණන් සල්ලි ගෙවල නිකන් හිර වෙලා වගේ කෑම කන්න ඕනේ. පිහිය ගරුප්පුව පිලිවලකට තියන්න ඕනේ ලු. පාවිච්චි කරන අත හරියට දන ගන්න ඕනේ ලු. බෙදාගන්න එකක එක විදිහටලු.

    යකෝ ඊට වඩා කොච්චර සැපද ටවුමේ තියන සයිවර් කඩේ. බඩ පැලෙන්න අඩු මුදලට නිදහසේ කාල එනවනේ.

    ou bn :yes::yes:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,805
    8,023
    113
    මෙන්න මෙතන...
    අනේ මොන හුයන්නක් ද බන් මේ. යකෝ අස්ප ගණන් සල්ලි ගෙවල නිකන් හිර වෙලා වගේ කෑම කන්න ඕනේ. පිහිය ගරුප්පුව පිලිවලකට තියන්න ඕනේ ලු. පාවිච්චි කරන අත හරියට දන ගන්න ඕනේ ලු. බෙදාගන්න එකක එක විදිහටලු.

    යකෝ ඊට වඩා කොච්චර සැපද ටවුමේ තියන සයිවර් කඩේ. බඩ පැලෙන්න අඩු මුදලට නිදහසේ කාල එනවනේ.

    උබ වගේ ගොඩේ බයියන්ට මොන තරු පංතියේ හෝටල්ද බන්..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අනේ මොන හුයන්නක් ද බන් මේ. යකෝ අස්ප ගණන් සල්ලි ගෙවල නිකන් හිර වෙලා වගේ කෑම කන්න ඕනේ. පිහිය ගරුප්පුව පිලිවලකට තියන්න ඕනේ ලු. පාවිච්චි කරන අත හරියට දන ගන්න ඕනේ ලු. බෙදාගන්න එකක එක විදිහටලු.

    යකෝ ඊට වඩා කොච්චර සැපද ටවුමේ තියන සයිවර් කඩේ. බඩ පැලෙන්න අඩු මුදලට නිදහසේ කාල එනවනේ.

    මිනිස්සු දවස් 365 තරු පන්තියේ හෝටල් වලින් කෑම කන්නේ නැහැ..
    ඉදල හිටලා හරි එහෙම නැත්තම් හදිසි අවස්ථාවක යන්න සිද්ද උනොත් අපහසුතාවක් ඇති නොවෙන්න වගබලා ගන්න හැටියි මේ කියල තියෙන්නේ..

    බඩ පැලෙන්න අඩු මුදලට කන හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැ..

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,805
    8,023
    113
    මෙන්න මෙතන...
    මිනිස්සු දවස් 365 තරු පන්තියේ හෝටල් වලින් කෑම කන්නේ නැහැ..
    ඉදල හිටලා හරි එහෙම නැත්තම් හදිසි අවස්ථාවක යන්න සිද්ද උනොත් අපහසුතාවක් ඇති නොවෙන්න වගබලා ගන්න හැටියි මේ කියල තියෙන්නේ..

    බඩ පැලෙන්න අඩු මුදලට කන හැටි අමුතුවෙන් කියන්න ඕන නැහැ..

    :yes::yes::yes::yes::yes:
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අනේ මොන හුයන්නක් ද බන් මේ. යකෝ අස්ප ගණන් සල්ලි ගෙවල නිකන් හිර වෙලා වගේ කෑම කන්න ඕනේ. පිහිය ගරුප්පුව පිලිවලකට තියන්න ඕනේ ලු. පාවිච්චි කරන අත හරියට දන ගන්න ඕනේ ලු. බෙදාගන්න එකක එක විදිහටලු.

    යකෝ ඊට වඩා කොච්චර සැපද ටවුමේ තියන සයිවර් කඩේ. බඩ පැලෙන්න අඩු මුදලට නිදහසේ කාල එනවනේ.

    pau ban uba

    :yes::yes: