තරු සමග හරකෙක්

ncbrando

Member
Jan 31, 2014
838
115
0
තරු සමග හරකෙක්

තරු සමග හරකෙක්

මරණයට කැපවුණු හරකාත් මං වුවත්
අයිතිකරු නුඹම වී නුඹම දක්කගෙන ගියත්
නුඹට මං ආදරේ කළේ මන්දැයිද යත්
නොදන්නෙම් සඳවතියෙ කියන් මට දැන්වත්

දංගෙඩිය නොදැනම නුඹ දක්කගෙන ගියත්
අතරමගදී නුඹම මා අතරමං කළත්
සිංහයන් කොටියන් දන්න වනයේ වුවත්
හිතුවාද මංමුළා වේවි යැයි මං තවත්

දුන්නු ආදරේ මං මහමෙරක් වූමුත්
නුඹ උන්නෙ වෙනතකයි කෙසේ නැණ පහදත්
තරු එළිය නිවන්නට හැකිය නම් දුවවිත්
නුඹව මං ගන්නවාමයි ළඟට ආයෙමත්

මාලන් විදානපතිරණ
 
Last edited: