තරු

N Naruto

Member
Feb 19, 2012
174
32
0
Street
300px-Starsinthesky.jpg



තරු ඇති වෙන හැටි තරු නැති වෙන හැටි

ඔබ රාතී‍්‍ර කාලයේ අහස නිරීක්‍ෂණය කරන්නෙකු නම් නොයෙකුත් දේ දැක ගැනීමට හැකිවනු ඇත. චන්ද්‍රයා, තරු, තරු රටා වැනි දේ දැක ගන්නට ලැබේ.
රාතී‍්‍ර අහස පුරා මිලියන ගණනක් විසිරී ඇති තරු ඔබ දුටුවේද? ඒවා නිර්මාණය වන්නේ කෙසේද? තරුවලින් දීප්තිය ඇතිවන්නේ කෙසේද? හා ඒවා විනාශවන්නේද?


තරු ඇතිවීම

විශ්වය තුළ ඇති ඝන, ද්‍රව, වායු ආදී ද්‍රව්‍යයන් කල්යත්ම විශාල වලාකුළක් බවට පත්ව ඇත. එම වලාකළු බාහිර හා අභ්‍යන්තරිකව සිදුවූ විපර්යාස නිසා පිපිරුමකට ලක්වීමෙන් එයින් තරු රාශියක් බිහිවූ බව විද්‍යාඥයින්ගේ මතයයි. රාතී‍්‍ර අහස නිරීක්‍ෂණය කරන බවට මිලියන ගණනක තරු දිස්වේ. එවැනි තරු රාශියක් වලාකුළකින් නිර්මාණය වෙලා යන්න ගැටලූවකි.

තරුවක දීප්තිය ඇතිවීම

තරුවක දීප්තිය ඇතිවන්නේ එම තරුවෙන් නිකුත් කෙරෙන ශක්ති ප‍්‍රමණය අනුවයි. එමෙන්ම තරු පිහිටා ඇති දුර ප‍්‍රමාණය හා තරුවල විශාලත්වය අනුවද දීප්තිය වෙනස්වේ. පියවි ඇසට නොපෙනෙන තරුවල දීප්තිය ගණනය කරන්නේ ”දෘශ්‍ය දීප්තිය” අනුවය. මෙම ඒකකය පළමුව ලොවට හඳුන්වා දෙන ලද්දේ ගී‍්‍රක ජාතික ”හිහික්ස්” නමැති තාරකා විද්‍යාඥයා විසිනි. ඔහුගේ ගණනය අනුව තරුවක ”දෘශ්‍ය දිප්තියේ” අගය අඩු නම් එම තරුවේ දීප්තිය ඉතා වැඩිය. ඔහු තරුවේ දීප්තිය අනුව තරු කාණ්ඩ කීපයකට බෙදා දක්වයි.

තරු රටා බෙදීම

තාරුකා විද්‍යාවට අනුව අහසේ දිස්වෙන තරු රටා 88කට බෙදා දක්වයි. එයින් තරු රටා 48ක් උතුරු දෙසටත්, අනෙක් තරු රටා 40ක් දකුණු දෙසටත් අයත් වේ. මෙම තරු රටා 88න් 12ක් රාශි චක‍්‍රයට අයත්වේ.

තරු රටා

රාශි චක‍්‍රයට අයත් තරු රටා 12ක් නම් කර ඇත. එනම් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන ය.

1333578332-1154074272_m.jpg


වල්ගා තරු

වල්ගා තරුවලට අප ”ධූමකේතු” යැයි ද කියනු ලැබේ. මෙය එක් කොනකින් පටන්ගෙන කේතු රූපාකාරව ඉතා ඈතට දුම්පටලයක් මෙන් විසිරී යන බැවින් මෙය වල්ගාතරු යැයි හැඳින්වේ. ඉංගී‍්‍රසි බසින් මෙය ”කොමට්” ලෙසත්, ගී‍්‍රක බසින් මෙහි තේරම ”කේෂ කලාපය” යන්නයි.
මෙම වල්ගාතරු හිම බෝලයක් ආකාරයට නිර්මාණය වුවත් එය සූර්යයාට ආසන්නව ගමන් කරන විට එහි අඩංගු ද්‍රව්‍යයන් විහිදෙයි. එවිට එය වල්ගයක් ආකාරයට දිස්වේ. ඝනව පවතින වායු ප‍්‍රසාරණය වි වාෂ්පවී යයි. මෙහිදි හිම බෝලයෙන් වල්ගා තරුවේ හිස සෑදෙයි. එය සූර්යයාට ළංවෙත්ම සූර්යයාගේ විකීරණ පීඩනය හේතුවෙන් හිසෙහි එක්රැුස් වුණු වායු සහ ¥විලි අංශු ඉවතට විහිදුවාලයි.


4.JPG


තරුවල අවසානය

පරමාණුක බලශක්තියක් ගැබ්ව ඇති තරුවක් විනාශ වීම ගැන නිශ්චිතව යමක් කිව නොහැකිය. එහෙත් තරුවක් තවත් තරුවක් හා ගැටුණු විට තරු විනාශය. තරුවක් වෙනත් වස්තුවක් හා ගැටීමෙන් එසේ විනාශ නොවේ. තරුව නිසා නිල්පාට හා සුදුපැහැති එළිය නිකුත් වන්නේ නම් ඒ තරුවේ ආයු කාලය වැඩිය. එනමුත් තරුව රෝස පැහැයක් හා රතු පැහැයක් ගනීනම් එයින් හැෙඟන්නේ තරුවේ අවසාන කාලය ළඟාවී ඇති බවය. එමෙන්ම තරුවේ ආයුකාලය අවසාන වන විට තරුව විශාල වේ. එසේ විශාල වී තරුව පුපුරා යයි. නැතහොත් විශ්වයේ ඇති කළුකුහරයට ඇදීයයි. එසේ වන්නේ කළු කුහරයේ ඇති කාන්දම් බලය හේතුවෙනි. එසේ බාහිර හා අභ්‍යන්තරික බලපෑමක් සිදු නොවුණහොත් තරුවක් අවුරුදු මිලියන ගණනක් වුවත් පවතී.



මොනවා හරි කියල යන්න

:) :)
 

N Naruto

Member
Feb 19, 2012
174
32
0
Street
බොරලුගොඩ මහතා;14040742 said:
ස්තුතිය් දැනුවත් කරාට ;)


good article machan :)

Good Thread..:)
Rep + +

TFS
rep +

පට්ට බන් දන්නෙ නැති දෙයක් දැනගන්න හම්බුනා
එළකිරි මචෝ
සුපිරි

Thanks you