තාරකාවකට උපත ලබා දෙන තිඹිරිගෙය.
විශ්වයේ ගණන් කළ නොහැකි තරම් තාරකා ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. ඒ තාරකා වෙනත් ග්රහවස්තූන්ද එක්ව විශ්වය නිර්මාණය කරනවා. ඒ නිසා සාමාන්‍යයෙන් විශ්වයේ තැනුම් ඒකකය ලෙස අප සලකන්නේ තාරකායි. අහස නිරීක්ෂණය කරනවිට අපට විවිධ වර්ගයේ , තාරකා දැකගැනීමට ලැබෙනවා. සමහර තරකා ළදරු අවදියේ පසුවන අතර තවත් සමහර ඒවා පරිණත අවස්ථාවට පත්ව තිබෙනවා. තවත් සමහර තාරකා තම ආයු කාලය අවසන් කර මිය යාමට සූදානමින් පසුවෙනවා. ඒ අනුව ජීවින්ට පමණක් නොව විශ්වයේ පවතින ග්රහවස්තූන්ටත් උපතක් සහ මරණයක් තිබෙන බව පෙනී යනවා. මිය යන සමහර තාරකා කළු වාමනයින් බවට පත්වන අතර තවත් සමහර තාරකා කළු කුහර බවට පත්වෙනවා.
තාරකාවක අවසානය එසේ සිදුවුණත් තාරකාවක උපත මොන විදියට සිදුවෙනවාද කියා ඔබ මොහොතකට වත් සිතුවාද? අන්න ඒ පිළිබඳව තමයි අද අපි කතා කරන්නට අදහස් කරන්නෙ. තවත් විදියකින් කියනවනම් තාරකාවකට උපත ලබා දෙන තිඹිරිගෙය පිළිබඳවයි අද අපි කතා කරන්නෙ . තාරකාවක් උපත ලබන මේ ස්ථානය අපි නිහාරිකාවක් යනුවෙන් හඳුන්වනවා. ඉංගීසි භාෂාවෙන් එය ව්ඥඡභතච යනුවෙන් හඳුන්වනවා. ලතින් භාෂාවට අනුව එහි තේරුම් වළාකුළු යන්නයි.
ඇත්තෙන්ම නිහාරිකාවක් කියන්නෙත් වළාකුලක් තමයි. ඒත් අපි අහසේ දකින වළාකුළු වගේ මේවා ජලවාෂ්ප වලින් නිර්මාණය වී නැහැ. මේවා සැදී තිබෙන්නේ දූවිලි සහ විවිධ වායු වර්ග වලින්. ඒ වගේම මේවා ඈත විශ්වයේ යෝධ අණුක වළාකුළු ලෙස පිහිටන නිසා පියවි ඇසින් දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. මේවායේ ප්‍රධාන වශයෙන් හයිඩ්රජන් සහ හීලියම් යන වායුන් අන්තර්ගතවන අතර සුළු වශයෙන් ඔක්සිජන් සහ සල්ෆර්ද දක්නට ලැබෙනවා. මෙවැනි වායු බොහෝ ගණනක් දූවිලි අංශුත් සමග එක්ව පිහිටන නිසා මේ යෝධ අණුක වළාකුළු ඉතාමත් අලංකාර වර්ණවලින් දිස් වෙනවා. පෘථිවියේ සිට අලෝක වර්ෂ දහස් ගණනක් දුරින් පිහිටා ඇති, අලෝක වර්ෂ වලින්ම මැනිය හැකි තරමේ විශාලත්වයකින්ද යුක්ත වන නිහාරිකා යනුවෙන් හඳුන්වන මේ යෝධ අණුක වළාකුළු තුළ තමයි තාරකාවක උපත සිදුවෙන්නේ . ඒ නිසා තාරකාවක ජීවන චක්‍රයේ පළමු අවස්ථාව ලෙසත් නිහාරිකාව හැඳින්විය හැකියි.
අතීතයේ තාරකා විද්‍යාඥයින් ක්ෂීරපථය මන්දාකිණියට පිටතින් පිහිටි මන්දාකිණි හැඳින්වීට නිහාරිකා යන වදන භාවිතා කළා. එඩ්වින් හබල් විසින් මන්දාකිණි හඳුනාගැනීමට පෙර පැරණි තාරකා විද්‍යාඥයින් ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය හැඳින්වූයෙ ඇන්ඩ්‍රොමීඩා නිහාරිකාව යන නමින් .නිහාරිකාවක් තුළ තාරකා නිර්මාණය වන ප්‍රදේශ පිහිටා තිබෙනවා. මෙම ප්‍රදේශ තුළ නිරන්තරයෙන් ප්රතිකි්රයා සිදුවන අතර එවිට එහි ඇති වායු සහ දූවිලි අංශු හැකිලීමට පටන් ගන්නවා. නිහාරිකාවේ ප්‍රබල ගුරුත්වාකර්ෂණයේ බලපෑම නිසා තව තවත් සංකෝචනය වන මෙම වායු සහ දූවිලි අංශු එකට එක් වි විශාල ස්කන්ධයක් නිර්මාණය කරනවා. මෙම කි‍්‍රයාවලිය තවතවත් සිදු වී එම ස්කන්ධය තාරකාවක් වීමට තරම් ප්‍රමාණවත් තරමට විශාල වූ පසු එයින් තාරකාවක් උපත ලබනවා. එම කි‍්‍රයාවලියේදී ඉතිරි වන ද්‍රව්‍යයන්ගෙන් ග්‍රහලෝක සහ අනෙකුත් සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වස්තූන් නිර්මාණය වෙතැයි විශ්වාස කෙරෙනවා.
නිහාරිකාවක් ආකාර තුනකට උපත ලබන බව විශ්වාස කෙරෙනවා. විශ්වයේ ඇති අන්තර්තාරීය මාධ්‍ය තුළ ඇති විසිරුණු වායුන් ගුරුත්වාකර්ෂණය නිසා එකිනෙක ගැටීම සිදුවෙනවා. මෙම ද්‍රව්‍ය ඒවායේ බර අනුව එකිනෙක ගැටෙන විට එහි මධ්‍යයේ විශාල තාරකාවන් උපත ලබනවා. ඒවායේ පාරජම්බුල විකිරණ හේතුවෙන් වටා පිහිටි වායුන් අයනීීකරණය වීමෙන් නිහාරිකා නිර්මාණය විය හැකියි. රොසෙටා නිහාරිකාව මේ ආකාරයේ නිහාරිකාවකට හොඳම උදාහරණයක් .
මේවායේ විශාලත්වයන්ද විවිධ වන අතර ඒවා තුළ විශාල වශයෙන් තාරකාවන්ද උපත ලබනවා.සුපිරිනෝවා පිපිරුමකින්ද නිහාරිකාවක උපත සිදුවිය හැකියි. කෙටි ආයු කාලයක් ඇති දැවැන්ත තාරකාවක් පුපුරා විනාශ වන අවස්ථාව අපි හඳුන්වන්නේ සුපිරිනෝවා පිපිරුමක් යනුවෙන් .එම අවස්ථාවේදී ඉවතට විසිවන ද්‍රව්‍ය මගින් එම පිපිරුම අයනීකරණයට ලක්වීමෙන් නිහාරිකාවක් උපත ලබනවා. කකුළු නිහාරිකාව මේ සඳහා දියහැකි හොඳම උදාහරණයයි. වර්ෂ 1054 දී වාර්තා වී ඇති සුපිරිනෝවා පිපිරුමකින් මේ නිහාරිකාව නිර්මාණය වී තිබෙනවා.
අනෙක් නිහාරිකා වර්ගය ග්රහලෝකිය නිහාරිකා ලෙස උපත ලබනවා. අපගේ සූර්යයා වැනි අඩු ස්කන්ධයක් සහිත තාරකාවක ආයුකාලයේ අවසාන අවස්ථාව ලෙස මේ ආකාරය පෙන්වා දිය හැකියි. සූර්ය ස්කන්ධ 8- 10 ත් අතර ප්‍රමාණයක ස්කන්ධ සහිත තාරකා අවසාන අවස්ථාවට එළඹි විට රතු යෝධ අවස්ථාවට පත් වෙනවා. එහි වායුගෝලීීය කම්පනයන් සිදුවන අතර වාරයේ සෙමින් සෙමින් එහි පිටත ස්ථරය හැලී යනවා. ප්‍රමාණවත් තරම් මූලද්‍රව්‍ය තාරකාවකට නැති වූ විට උෂ්ණත්වය ඉහළ යන අතර පාරජම්බුල විකිරණ නිකුත් වීමෙන් වටා ප්‍රදේශය අයනීකරණය වී නිහාරිකාව ඉවත් වෙනවා.මේ ආකාරයට විවිධ ආකාරවලට නිහාරිකා නිර්මාණය වෙනවා වගේම ඒවා ආලෝකයට දක්වන ප්රතිකි්රයාවනුත් එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා නිහාරිකා වර්ගීීකරණයේදී ඒවා අලෝකයට දක්වන ප්‍රතිචාරය සැලකිල්ලට ගනිමින් ඒවා වර්ගීකරණය කෙරෙනවා.
අන්තර්ජාලය ඇසුරිනි




