තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න්කදුමුදුනේ කදවුරු බැද මිය ගිය තරුණියගේ අතේ ‘මධුසංඛ’ පච්චයක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කදුමුදුනේ කදවුරු බැද මිය ගිය තරුණියගේ අතේ ‘මධුසංඛ’ පච්චයක්..


    තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියේ තිබි හමු වු නාදුනන කාන්තා මල සිරුරේ පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය විරසේකර මහතා විසින් සිදු කරනු ලැබුහ.

    පශ්චාත් මරණ පරික්ෂණය සිදු කල විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මියගිය කාන්තාවගේ ශරිර කොටස් තවදුරටත් පරික්ෂා කල යුතු නිසා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සති තුනකින් නිකුත් කරන බවට පැවසු බව ලිදුල පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

    මියගිය කාන්තාව අවු 40 – 45 වයසේ පසුවන කාන්තාවක් බවත්, ඇයගේ වම් අතේ මදුසංඛ යනුවෙන් පච්චයක් කොටා ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙලි විය.

    මියගිය කාන්තාව පිලිබදව තොරතුරු වෙතොත් ලිදුල පොලිසිය වෙත ලබාදෙන ලෙසත්, කාන්තාවගේ මල සිරුර හමු වු ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියට පහලින් තවදුරටත් පුළුල් විමර්ෂණයක් සිදු කරන බව ලිදුල පොලිසිය පැවසිය.

    ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියේ කදවුරු බැදිම සදහා පැමිණි පිරිසක් විසින් කාන්තා මල සිරුරක් කදු මුදුණේ තිබෙන බවට තලවකැලේ පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත පොලිසිය විසින් කාන්තා මල සිරුර සොයාගනු ලැබුහ.

    ග්‍රේට් වෙස්ටර්න් කදු වැටියේ තිබි නාදුනන අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාවෙකුගේ මල සිරුරක් හමු විමත් සමග ග්‍රේට් වෙස්ටර්න් රක්ෂිතයට ඇතුල් විම සහ කදු මුදුණේ කදවුරු බැදිම තහනම් කරන ලෙසට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලඩබ මහතා විසින් වනජිවි සහ වන සංරක්ෂණ නිලධාරින්ට උපදෙස් ලබා දි ඇත.