තල්ලුව

wasanthahwr

Junior member
  • Jun 30, 2007
    115
    42
    18
    වෙලාව රාත්‍රී 3 පසු වී තිබුණි.. එක්වරම කවුදෝ කෙනෙක් දොරට තට්ටු කරන හඬ ඇසී මම අවධි වුණෙමි.මගේ සිත කෝපයෙන් දැවෙන්නට විය..මා කාමරයෙන් එළියට ගොස් දොර ඇරියෙමි.. එළියේ පතරංග වැස්සය..බීපු මිනිහෙක් වැස්සෙ තෙමි තෙමි මිදුලේ සිටියේය..

    "මොකද ඕයි මේ මහ රෑ දොර කඩන්න හදන්නෙ.."

    "අනේ මහත්තය මට පොඩි තල්ලුවක් දාන්නකෝ..

    "මේ වෙලාවෙ මොන තල්ලුද..යනව යනව ගිහින් වෙන මිනිහෙක් හොයාගන්නව.."

    එසේ කියූ මා දොර වසා කාමරයට ඇතුළු උනෙමි.මා කාමරයට යන විටත් බිරිඳ අවධි වී තිබුණි..

    "මොකද ඩාලින් වෙලා තියෙන්නෙ..කවුද ඒ කතා කලේ.."

    "මේ කොහෙද යන බීපු මිනිහෙක් මට කියනව මිනිහගෙ වාහනේට තල්ලුවක් දාන්න කියල..මන් මිනිහව එලව ගත්ත.."

    "අනේ එහෙම හරි නෑනෙ..ඔයාට මතකද දවසක් රෑ අපේ වාහනෙත් කැඩුණු වෙලාවක මනුස්සයෙක් අපිට උදව් කලා..ඒක නිසා ඔයා ගිහින් වාහනේ තල්ලු කරල දීල එන්න.."

    මා තව තවත් කෝපයෙන් දැවෙන්නට විය..බිරිඳගේ කීම නිසා දැන් කොහොමත් තල්ලු කරන්නම වෙනවාය..මා නැවතත් දොර ඇරගෙන එළියට ගියෙමි..

    "කෝ තමුසෙ ඉන්නවද..."

    "ආ ඔව් මහත්තය ඉන්නව ඉන්නව.."

    "තමුසෙට තල්ලුවක් ඕනෙද.."

    "අනේ ඔව් මහත්තය..පුළුවන් නම් ලොකු දෙයක්.."

    "කෝ ඉතින් කොහෙද තමුසෙ ඉන්නෙ..මට පේන්නෙ නෑනෙ..කෝ කොහෙද.."

    "ආ මෙහෙ මහත්තයා.... මන් මේ ඔන්චිල්ලාවෙ ඉන්නෙ.."

    උපුටා ගැනීම බුකියෙන්
     
    Last edited:
    • Like
    Reactions: topkollek