😡 මහත්තයා තමුසෙ මාර බඩුවක්නෙ ඕයි! 🤬

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ජීවිතේට පොලීසියකට උසාවියකට බඩගාල නැති මට පලමු වතාවට පැමිනිල්ලක් විභාග කරන්න පොලීසියකට එන්න කියල පොලීසියෙන් දුරකතන ඇමතුම ලැබුනම ඇති උනේ පට්ටම ලැජ්ජාවක් මට හිතාගන්න බැරි උනා කව්ද මට විරුද්දව පැමිනිලි කලේ කියල.

    "සර් මොකද්ද පැමිණිල්ල කව්ද පැමිණිලි කරල තියෙන්නෙ"

    "සජීවනී කියල නෝන කෙනෙක් පැමිනිලි කරල තියෙන්නෙ මහත්තයට අනියම් සම්බන්දයක් තියනව කියල"


    මට පොලොව පලාගෙන යනතරමේ ලැජ්ජාවක් තමයි ඇති උනේ..

    යකෝ මේකි මාර ගෑනියෙක්නෙ මෙච්චර කාලයක් එකට ඉන්න මට විරුද්දව පොලීසි ගියානෙ ගෑනු කියන්නෙ එක පතේ බෙදාගෙන කෑවත් සතපහකට විශ්වාස කරන්න පුලුවන් උං නෙමේ කවදාවත් විස්වාස කරංඩ බෑ.

    ටික කාලෙකට කලින් මට මුනගැහුන ජයනි එක්ක මගේ තියන සම්බන්දකම සජීවනීට ආරංචිවෙලා මං එක්ක අඩව් අල්ල අල්ල ඉන්න බව ඉංතේරුවෙංම ඇත්ත ඒත් මේකි පොලිසි ගියා කියන්නෙ හත්පොලේ ගාගත්ත වගේ වැඩක්..

    ජයනි හරි ලස්සන තරුණ කෙල්ලක් තාම එයා බැඳලවත් නෑ එයා තමයි මාව දවසපුරා සතුටින් තියන කෙනා දැං ඉතින් ඔක්කොම ඉවරයි...

    මේ සම්බන්දෙ ආරංචි උන දා ඉදං සජීවනී හැසුරුනේ යක්ශනියක් වගේ මේ තීරනය ඇය ගන්න ඇත්තේ ප්‍රබල සාක්කි අතේ තියාගෙනම තමයි එක අතකට ඉතිං එයත් වැරදි නෑ.

    මම සජීවනීගෙ අංකය ඔබන්න ගත්තා

    "මොකක්ද සජීවනී මේ ඔයා නටන නාඩගම මොකටද පොලීසි ගියේ"

    "නාඩගම... නාඩගම තමුසෙට නටල පෙන්නන්නම් හොද නාඩගමක් තමුසෙට මාවත් මදිවෙලාද අර ජයනි කියන බැල්ලි එක්ක නාඩගම් නටන්නේ වරෙංකෝ පොලීසියට මම බලාගන්නම්"

    දීර්ග කාලයක ඉදන් මං එක්ක ඉන්න සජීවනී ගැන මං හොදටම දන්නවා කිව්වොත් කිව්වා අසාදාරනේ අයුක්තිය පේංඩ බෑ මමත් දාගත්තේ හරිම තොප්පියක් බව වැටහෙනකොට වැඩේ කෙලවරටම ගිහින් ඉවරයි...

    ඇය මම එක්ක කතා කරන එකත් නැවැත්තුවා පොලීසි නොගිහින් බේරෙංඩ මං ගහපු දහංගැට එකක්වත් එයා ඉස්සරහ වැඩ කලේ නෑ

    ගමේ පොලීසියට විලිලැජ්ජාවක් ඇතුව මෙවැනි දෙයක් සදහා යෑම රෙදි නැතුව යාමක් හා සමානය..

    කෙසේ හෝ පොලීසියට ගොස් වැරැද්ද පිලිගෙන ශේප් එකේ මෙයින් ගැලවීමට මා සිතා ගත්තෙමි
    ළමයි දෙන්නගෙ කනට මෙව්ව ගියොත් මගේ පීතෲ ගෞරවය පවා නැතිවී යනු නියතයි...

    නිදි නැති රාත්‍රියකින් පසු මම ජීවිතයේ මුහුනදෙන්නට සිදුවූ කුජීතම අවස්තාවට මුහුනදීම සදහා පොලීසිය බලා පියනැගුවෙමි...

    පොලීසිය යනු මා නිකමටවත් ගොඩවැදීමට කැමති නැති අප්‍රසන්නම ස්ථානයකි ඒත් එතනට යන්න ජීවිතේ අපි කරන මේ වගේ පුංචිම පුංචි වරදකුත් ඇති..

    මා සමගම පොලීසියේ එකම බංකුවේ පැමිණිල්ල විභාග කරන අවස්ථාව එනතෙක් සිටියත් සජීවනී සිටියේ කේන්තියෙන් රවාගත් මුහුනින් යුතුවය හැබැයි ඒ රතුවූ මුහුණ ඇයට සරාගී බවක් එක්කොට තිබිනි මුහුනට වැටීතිබූ කෙස් රොඳ එය දෙගුන කොට තිබිනි...යකෝ ඒ පාර ජයනිටත් වඩා මෙයා ලස්සනයිනේ මට සිතිනි..

    "වික්‍රමාආරච්චි ඊ...ඊ..ඊ..."

    "ඉන්නවා සර්"


    මම කාමරය ඇතුලට ගිය පසු නඩු බලවන වයසක නිලදාරියා මට ඉදගන්නා මෙන් අතින් සන් කරනවාත් සමගම
    මා පසුපසින් පැමිනි සජීවනීද තරහින් පුපුරමින් ගස්සාගෙනම මා අසලින්ම ඉද ගත්තා

    මදක් වේලා තම උපැස් යුවල පහත්කරමින් පැමිණිල්ල කියවූ වයසක නිලදාරියා තම ඔලුව උස්සා මා දෙසත් සජීවනී දෙසත් බලමින්...

    "මහත්තය මොකෝ මෙච්චර හැඩකාර නෝන කෙනෙක් ඉන්නැද්දි මේ වෙන නෝනල එක්ක පැටලිලා කියන්නෙ"

    " අනේ මේ බොරුනෙ සර් මේ කටකතා මෙයාල විස්සාස කරනවනෙ"

    "මේ තමුසෙ මගෙං අහගංඩ එපා කටකතා.. මං ගාව ඔක්කොම සාක්කි තියාගෙන තමයි ආවෙ ඕනෙනං ඒව සේරම පෙන්නංනං"

    "හරි හරි කලබලවෙංඩ එපා නෝන කොරොස් කටෙත් අතදාංඩ බෑ කලබොල වෙලා..

    "මහත්තය දැං දරුමල්ලංගෙ වයස එහෙම කීයක් වෙනවද"

    "ලොක්කට විසිදෙකයි පොඩ්ඩට විස්සයි සර්"

    "බොහෝම හොදයි...නෝනා දැං කොච්චර කාලයක් මේ මහත්තය එක්ක ජීවත් වෙනවද"

    "අව්රුදු පහලොවකට කිට්ටුයි මහත්තය"

    "ඇහ් දැන් මහත්තය කිව්වනෙ ළමයි දෙන්නට විස්සට වැඩී කියල මට ඒක පැහැදිලි මදි නෝන කියන්න බලන්න ලමයින්ගෙ වයස"

    "ලොකු ලමයට දා හතරයි පොඩ්ඩිට දොලහයි.."

    "මේ මොන මගුලක්ද නෝනේ එතකොට දෙන්නට ළමයි හතරදෙනෙක් ඉන්නවද"

    "නෑ සර් එයාට දෙකයි මට දෙකයි"

    "තමුං දෙන්න බැදලද..?"

    "නෑ සර්.. මේ මිනිහා මං එක්ක යාලුවෙනකොට මගෙ ලොකු පුතා හම්බවෙලා හිටියේ එදා ඉදං මං මේ මිනිහගෙ දුක සැප බලාගෙන අද වෙනකම් ඉන්නවා එහෙව් මටයි මේ මිනිහ මෙහෙම කරන්නේ.."

    රෙදි ගැලවී යාමේ ලැජ්ජාසහගත මොහොත උදාවී ඇති බැවින් මම එයට සූදානම් උනෙමි

    "මහත්තයා තමුසෙ මාර බඩුවක්නේ ඕයි එතකොට තමුසෙගෙ නෝන කෝ"

    "එයා ගෙදර ඉන්නවා සර්"

    "නෝන ඔයාගෙ මහත්තය දන්නෙ නැද්ද මේ සම්බන්දෙ"

    "මොකෝ නොදන්නෙ මහත්තය. අපේ ගෙදර කාලෙක ඉදං ප්‍රශ්න මගේ මිනිහා කොච්චරනං තඩිබාල ඇද්ද මේ මිනිහ එක්ක තියන සම්බන්දෙ නිසා ඒව ඔක්කොම ඉවසගෙන මම අවංකව එකහිතින් ආදරේ කරං ඉන්නෙ මේ මිනිහට ඒ ඔක්කොම දැනගෙන මේ මිනිහා මට මෙහෙම කරනවා සර්....ර්...ර්.. මීට ඉස්සරත් මේ වගේ ගෑනු හුටපට මේ මිනිහට තිබ්බ එකියෙක්ට දවසක් මං පාරෙදි ගහලත් තියනවා යකෝ මේකිලටත් වෙන මිනිස්සු නෑ වගේ මේ මිනිහගෙ ඇඟේමයි එල්ලෙන්නෙ."

    "හා හා නාඩ ඉංඩ නෝන නාඩ ඉංඩ අපි මේක විසදමු"

    "දැං නෝනගෙ තීරනේ මොකද්ද?"

    "සර් මේ මිනිහට කියංඩ වෙන ගෑනු පස්සෙ නොගිහිං එයාගෙ ගෑනිගෙනුයි මගෙනුයි විතරක් සැනසෙංඩ කියල පිං සිද්දවෙයි සර් ගෑනු දෙන්නෙක් මෙයාට මදිද..නැත්තං මං මේක ලේසියෙං අරින්නෙ නෑ සර්"

    "හරි දැං ඇහුනනේ මේ නෝන කියපු දේ මහත්තය ඒකට එකඟද?"

    "මම එකඟයි සර්!"

    "මම නිකමට ඔය නෝනගෙං අහන්නේ නෝන... ඔය නෝනගෙයි මේ මහත්තයගෙයි සම්බන්දෙ මේ මහත්තයගෙ නෝන දන්නෙ නැද්ද..."

    "මොකෝ නොදන්නෙ සර් මෙයා අර ජයනි කියන එකී එක්ක කරපු චැට් ඔක්කොම ස්ක්‍රීන් ශොට් ගහල මට එව්වෙ මෙයාගෙ නෝන තමයි එයාට උවමනාවක් නෑ තමංගෙ මිනිහ හදාගංඩ ඒකිට ඒකත් කරලදෙංඩ ඕනෙ මං
    එයා කොච්චර කිව්වත් මේ මිනිහ අහන්නෙ නැතිනිසා ඇතිවෙලාලු ඉන්නෙ ඒවනං කොහෙද මූට මං එක්ක මරාගෙන මැරෙනව මං...."

    නිලදාරියා තම උපැස් යුවල ගලවා මේසය මත තබමින් මදෙස බලමින් කටහඬ අවදිකලා

    "මහත්තය මෙන්න මේ යතුර ගංඩකෝ.."

    "ඇයි සර්?"

    "අන්න අතන පෙට්ටිය ඕකෙං ඇරල ඒකෙ තියෙන පිස්තෝලෙ අරගෙන හරියට මෙන්න මෙතනට තියල කොකා ගස්සපංකෝ"

    කියමින් තම නළල පෙන්වීය

    "මේව අහං ඉන්නවට වඩා ඒක හොදයි යකෝ #$%&&&**"

    © Dhammika Wickramaarachchi
    2024/03/02
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,634
    13,294
    113
    🤍
    Haaalla diga wadi bn .

    Summary eka dpnko kauri hri
    ------ Post added on Apr 3, 2024 at 4:58 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Haaalla diga wadi bn .

    Summary eka dpnko kauri hri
    ------ Post added on Apr 3, 2024 at 4:58 PM
    Read Snoop Dogg GIF by Cameo
     
    • Like
    Reactions: eksudda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔය වගේ Case එකක් මන් දන්න යාලුවෙක් ට වෙනවා.
    කෙල්ලත් Mage යාලුවෙක්. Kollath යාලුවෙක්.
    කොල්ලට කෙල්ලෙක් ඉන්නවා තව
    මුලින් ඉන්න කෙල්ලත් එක දන්නවා.
    කොල්ල හිතන් ඉන්නේ උන් දෙන්න දන්නේ නෑ කියලා.

    කෙල්ලො දෙන්නම දන්නවා ඌ ට වටේම ගෑනු කියලා. ඒත් උගේ Gym එකට එන අනික් කෙල්ලෝ ඌ ට තව line වෙනවා
    උන් දෙන්න කියන්නෙ අපේ මහත්තයා කියලා අරූ ට :rofl:
    එක කෙල්ලෙක් ට තව friends with benefit relationship එකක් තියනවා
    ඒක sex only relationship එකක් ලු. අරූ වත් ඕන ලු.
    ඔය අවුල් ලිහනව කියන්නේ ලොවෙත් බැරි වැඩක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,222
    1
    101,056
    113
    34
    Kalutara
    WTF did I just read 🥴🥴🥴


    වටේ යෑම සාධාරණීකරණය කරන්න ලියපු කතාවක් වගේ මට පේන්නේ. මට නම් වමනෙට එනවා මෙව්ව්ව කියවද්දී... 🤮
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔය වගේ Case එකක් මන් දන්න යාලුවෙක් ට වෙනවා.
    කෙල්ලත් Mage යාලුවෙක්. Kollath යාලුවෙක්.
    කොල්ලට කෙල්ලෙක් ඉන්නවා තව
    මුලින් ඉන්න කෙල්ලත් එක දන්නවා.
    කොල්ල හිතන් ඉන්නේ උන් දෙන්න දන්නේ නෑ කියලා.

    කෙල්ලො දෙන්නම දන්නවා ඌ ට වටේම ගෑනු කියලා. ඒත් උගේ Gym එකට එන අනික් කෙල්ලෝ ඌ ට තව line වෙනවා
    උන් දෙන්න කියන්නෙ අපේ මහත්තයා කියලා අරූ ට :rofl:
    එක කෙල්ලෙක් ට තව friends with benefit relationship එකක් තියනවා
    ඒක sex only relationship එකක් ලු. අරූ වත් ඕන ලු.
    ඔය අවුල් ලිහනව කියන්නේ ලොවෙත් බැරි වැඩක්
    wtf adeh :eek::lol: