තලේබාන් පාලනය ඉන්දියාවට තර්ජනයක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීම සහ නව රජයක් පිහිටුවීම දකුණු ආසියානු කලාපයටත්, විශේෂයෙන් ඉන්දියාවටත් විශාල තර්ජනයක් වනු ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, තලේබාන්වරුන්ට පාකිස්තානයේ පමණක් නොව, චීනයේ ද සහාය හිමවීමය. තලේබාන්වරුන් පිහිටුවන නව රජය පළමුවෙන් පිළිගැනීමට ඉදිරිපත් වූයේ චීනයයි. ඇෆ්ගන් වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙහිලා තලේබාන් රජය සමඟ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමටත් පාකිස්තානය හරහා ඉදිවන නව සේද මාවතට ඇෆ්ගනිස්තානය ද ඇතුළත් කිරීමටත් චීනය බලාපොරොත්තු වෙයි.

    චීනය සහ තලේබාන්රුන් අතර හිතවත්කම් වර්ධනය කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කළේ ද පාකිස්තානය බව ලොවට රහසක් නොවන බව ද දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

    මාධ්‍ය නිදහස ලබා දීමට, ජාත්‍යන්තරය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට, කාන්තා අයිතීන් සුරැකීමට ඉස්ලාමීය නීතිය සහ සංස්කෘතිය ඇතුළේ අවසර ලබා දෙන බවත්, මධ්‍යස්ථ ප්‍රතිපත්ති අනුගමනය කරන බවත් තලේබාන් සංවිධානය ප්‍රතිඥා දී තිබේ.

    කෙසේ නමුත් දැඩි මූලධර්මවාදීන් පිරිසක් ලෙස සැලකෙන තලේබාන්වරුන් ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව ද ජගත් දේශපාලන විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

    ඇමෙරිකන් බුද්ධි අංශ සනාථ කර ඇත්තේ, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයත්, අල් කයිඩා සංවිධානයත් තලේබාන්වරුන් සමඟ එක් වී සිටින බවය. ඊට අමතරව කාශ්මීර බෙදුම්වාදී ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි ද පාකිස්තානය හරහා තලේබාන් සංවිධානය සමඟ හිතවත්ම් පවත්වන බව ද ඇමෙරිකා බුද්ධි අංශ පමණක් නොව ඉන්දීය බුද්ධි අංශ පවා තහවුරු කර තිබේ.

    (රොයිටර්/එන්.ඩී.ටීවී.)
     
    • Like
    Reactions: tha123 and Gemba98

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095
    113
    un corona udin dala game eka play karanne me welawe lokema covid walata baye inne.
    mun mehen game eka denawa, china kohomath unta support. corona awe china walin hariya....
     
    • Like
    Reactions: Bitter Truth