තලේබාන් ෆැන්ටසි පිළුණු වීමේ ආරම්භය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,469
    100,533
    113
    උන්ට ඉතින් අව්ලක් නැනේ .. උන්ට මොකද ඇෆ්ගන් වලට කෙල උනාට ... උන් ගැහුවේ 9/11 එකේ case එකටනේ ... අනිත් ඒවා නිකන් ඉතින් උන් වැඩිපුර කරන්න හදනව වගේ ඒවානේ power project කරගන්න ... ඒවා ඔක්කොම අතරල දැම්මත් .. උන්ගේ රට ඇතුලට එන්නේ නැතුව defend කරගන්න පුලුවන් නං උන්ට අව්ලක් වෙන් නැනේ
    තම්බි ඉන්නව කියන්නෙ ආයෙ අමුතුවෙන් එන්න දෙයක් නෑ උන් තමා ට්‍රෝජන්ල. මැසේජ් එක දීල වැඩේට ලෑස්ති කරගන්න විතරයි තියෙන්නෙ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තම්බි ඉන්නව කියන්නෙ ආයෙ අමුතුවෙන් එන්න දෙයක් නෑ උන් තමා ට්‍රෝජන්ල. මැසේජ් එක දීල වැඩේට ලෑස්ති කරගන්න විතරයි තියෙන්නෙ.
    මන් නං හිතන් නෑ එචර ලොකුවට කෙල වෙයි කියලා ... ඕනේ නං බෝම්බයක් දෙකක් පුපුරයි ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,533
    113
    මන් නං හිතන් නෑ එචර ලොකුවට කෙල වෙයි කියලා ... ඕනේ නං බෝම්බයක් දෙකක් පුපුරයි ..
    ඔව් ඉතින් උන්ටත් ඕනි එච්චර තමා උන්ගෙ ප්‍රෆෝමන්ස් පෙන්නල අරමුදල් තියාගන්න. උන් පුපුරනකොට ඇමරිකන් උනුත් ඕනි නන් ජෙට් එකක් දෙකක් යවල බෝම්බයක් දෙකක් දායි බැලන්ස් වෙන්න.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    "ලෝක ඉතිහාසය පුරා රටවල් වල සමාජ ප්‍රගමනය දක්වා රැගෙන ගොස් ඇත්තේ ලිබරල් වමයි. ලිබරල් වම යනු, වමට කිට්ටු මැද ආස්ථානයකි. මොවුන් ධනවාදය ප්‍රශ්න නොකරන අතර මානව අයිතීන්, වැඩකරන ජනතාවගේ අයිතීන් ආදිය ලබා ගැනීමට සටන් කරයි. මෙය රැඩිකල් වමද නොවේ. සමාජවාදී විප්ලවය සිදු කළ යුතු බව කියන්නේ රැඩිකල් වමයි. රැඩිකල් වම සමාජ ප්‍රගමනය දක්වා ගෙන ගිය උදාහරණ බොහෝ නැති බැවින් අප එය දැනට නොසලකා හරිමු. ලෝක සමාජය දක්ෂිණාංශික මතවාදවලින් ප්‍රගමනය කරා ගෙන නොගිය බවත්, අධ්‍යනය කරන්නෙකුට, මේ වන විට වැටහී තිබිය යුතුය.

    ඇෆ්ගනිස්තානයේ අභාග්‍යයට ලිබරල් වමේ අඩුව ඉස්ලාම් මූලධර්මවාදයෙන් ආවරණය වීමට පටන් ගති. තාලිබානුවන් අද දින වන විට, හයවන ශ්‍රේණියෙන් පසු කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කරන බව දන්වා සිටියි. සිනමාව හා සංගීතය ඔවුනට තහනම්ය. අවුරුදු 15ට වැඩි ගැහැනු දරුවන් හා අවුරුදු 45ට අඩු වැන්දඹුවන් වහාම ඇෆ්ගන් සටන් කරුවන් හා විවාහ ගිවිස ගන්නා ලෙස දැනුම් දී ඇත. කාන්තාව සිය මුහුණ වැහෙන ලෙස බුර්කාව පැළඳිය යුතුය. කාන්තාව පිරිමියාගේ අවශ්‍යතා පමණක් ඉටු කරයි. මේවා උල්ලංඝනය කළහොත් ප්‍රසිද්ධියේ කස පාර දෙන බව දන්වා සිටී."

    Maybe I have read more into it than the author intended. 🤷‍♂️
    ඔතන ලිබරල් වැල්‍යුස් ගැන කතා කරන්නෙ නේද. බේසික් හියුමන් රයිට්ස්, ෆ්‍රීඩම් ඔෆ් ස්පීච්, යම් තරමකට ඉගැලිටේරියන් වීම වගේ ඉතාම බේසික් දේවල්. හැත්තෑ ගනන් වලට කලින් ඇෆ්ගන් සමාජය තිබුන තැන බලපුවම මේක අසාධාරණ බලාපොරොත්තු වීමක් නෙවේ මන් හිතන්නෙ.

    මන් හිතන්නෙ අපි මුස්ලිම් ලෝකයට බාහිරින් එන oppression එකකින් තොරව මූලධාර්මික වීමට හැකියාවක් නැතිය කියන උපග්‍රහණය අයින් කරල දාන්න අවශ්‍යයි. ඉස්ලාම් දෘශ්ඨිවාදයට ඒ තැනට යන්න අවශ්‍ය දේවල් සැපිරිල තියෙනව. ඒක කළමනාකරණය කරගැනීම ඒ මිනිස්සුන්ට කරගැනීමට නොහැකි වෙන්නෙ ප්‍රෝග්‍රෙසිව් කතිකාවක් එයාල සතුව නැතිවීම. ඒක ඇතිකිරීම අපේ වගකීමක් (white man’s burden) වගේ සුදු ස්වෝත්තමවාදී නැරටිව් විවේචනය කරන ගමන්ම අර ගැටලුව ගැන කතා කිරීම අප්සට් වෙන්නෙ ඇයි? (ඒක ගැන කතාකරන්න වෙනත් ආගමික අන්තවාදීන්ට ලොකු අයිතියක් නැති බව වෙනම කතාවක්. ඒව ඇරියස් කවර් කිරීම් නෙ.)
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඔතන ලිබරල් වැල්‍යුස් ගැන කතා කරන්නෙ නේද. බේසික් හියුමන් රයිට්ස්, ෆ්‍රීඩම් ඔෆ් ස්පීච්, යම් තරමකට ඉගැලිටේරියන් වීම වගේ ඉතාම බේසික් දේවල්. හැත්තෑ ගනන් වලට කලින් ඇෆ්ගන් සමාජය තිබුන තැන බලපුවම මේක අසාධාරණ බලාපොරොත්තු වීමක් නෙවේ මන් හිතන්නෙ.

    මන් හිතන්නෙ අපි මුස්ලිම් ලෝකයට බාහිරින් එන oppression එකකින් තොරව මූලධාර්මික වීමට හැකියාවක් නැතිය කියන උපග්‍රහණය අයින් කරල දාන්න අවශ්‍යයි. ඉස්ලාම් දෘශ්ඨිවාදයට ඒ තැනට යන්න අවශ්‍ය දේවල් සැපිරිල තියෙනව. ඒක කළමනාකරණය කරගැනීම ඒ මිනිස්සුන්ට කරගැනීමට නොහැකි වෙන්නෙ ප්‍රෝග්‍රෙසිව් කතිකාවක් එයාල සතුව නැතිවීම. ඒක ඇතිකිරීම අපේ වගකීමක් (white man’s burden) වගේ සුදු ස්වෝත්තමවාදී නැරටිව් විවේචනය කරන ගමන්ම අර ගැටලුව ගැන කතා කිරීම අප්සට් වෙන්නෙ ඇයි?
    ඔයාගේ තර්කෙට පෝඩ්ඩක්වත් එකඟ වෙන්න බෑ. ඉන්ඩිවිඩුවල් රයිට්ස් කියන්නෙ ශිෂ්ඨත්වයේ මිම්ම නෙමේ.
    බේසික් හියුමන් රයිට්‍ස් ගැන සාකච්චාවක් නැතුව මේ ලෝකේ ඕන තරම් ශිෂ්ඨ සමාජ බිහි වෙලා තියෙනව.
    ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කරන්න ඔය කියන ඉස්ලාම් සංකල්ප වලටම ඕන තරම් පුලුවන්.
    කාන්තා අයිතින් ගැන කතා නොකර කාන්තාවන් සහ පිරිමින් අතර තියෙන සමානතාවය ගැන ඕන තරම් අයිඩියොලොජි ඇති වෙන්න පුලුවන්.
    නමුත් ඒව ජජ් කරන්න බටහිර ඉන්ඩිවිජුවල් රයිට්ස් ඕන කියන එකේ පදනම මොකද්ද.
    බටහිර බුද්ධි සම්ප්‍රධායට ආගම නැති නිසා මිනිසුන්ගේ ආචාර ධර්මික වගකීම ගැන කතා කරන්න ඉතුරු වෙලා තියෙන එකම නිරාගමික විකල්පය
    ඉන්ඩිවිජුවල් රයිට්ස් වුනාට අනෙක් හැම සමාජයක්ම එහෙම වෙන්න ඕන නෑ නේද.
    සදාචාරය, කාන්තාවට සමාජය සලකන විදිහ, සමලිංගිකත්වය ව්ගේ ඔන දෙයක් ගැන සමාජයේ ඉන්ඩිවිජුවල් රයිට්ස් අවධාරණය නොකරන
    සාකච්ඡාවන් ඕනතරම් ඇති වෙන්න පුලුවන්.
    නමුත් තමන්ගේ ඔලුවට උඩින් ආක්‍රමණිකයෝ බෝම්බ අතෑරල යන සමාජයකින් ශිෂ්ටත්වය බලාපොරොත්තු වෙනව කියන්නෙ අපි ආක්‍රමණිකයාගෙ පැත්ත
    අයිඩියොලොජිකල් කොන්ත්‍රාත් එකක් කරනව කියන එකයි මගේ මතය.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    මම හිතන විදිහට ඇමෙරිකාවේ උපාය මාර්ගය දැනටත් ඉෂ්ට කරගෙන ඉවරයි. මේක පෙන විදිහට ඇමෙරිකාවේ පරාජයක් වගේ උනාට මූලික අරමුණ ඔය ලිබරල් කියාගත්ත ආයුධ වෙළෙන්දන්ගේ මඩිය තර කරගන්න එක. ඒක උන් හොඳට කරගෙන තියෙන්නේ. කාලෙකදී යුද්දෙ මාකට් කරලා කාලෙකදී සාමය මාකට් කරනවා. ඒකට හරියන එකෙක්ව ජනාධිපතියෙක් විදිහට ඔබා ගන්නවා. ඇමෙරිකන් හමුදාවේ පහළ මට්ටමේ උන් කටු කෑවට යුද්ධ මෙහෙයවන සහ supply කරන උන් සුපිරියට ගොඩ ගිහින් ඉන්නේ තාලිබාන්, මුජහිදීන්, අල් කයිඩා පිහිටෙන්…. උන්ගේ අරමුණ සම්පුර්ණයි.
    උන් ආයුධ දීල ලොකු කරපු සංවිධානෙ රටේ ඉතුරු කරලා ඩීල් දාල ගිහින් ඊළඟට පටන් ගනියි චීනෙට පහර ගහන්න තාලිබාන් එක්ක වැඩ කරනවා කියලා…

    ඇෆ්ගන් ආක්‍රමණය පටන් ගන්නෙත් ඒකට වෙන්න අවශ්‍ය ටැක්ස් මුදල් වෙන් යෙදවෙන්නෙත් ඇමරිකානු කන්සර්වෙටිව් කන්සෙන්සස් එක උඩ බව මතක් කරන්න කැමතියි. ඒක වැරදි තීරණයක් බව කියන්න ඉතුරු වෙලා හිටියෙ ලිබ්බො තමා. Principles නැති ප්‍රාග්ධන හිමියොන්ට ලිබ්බො කීම ගැන බලවත් සාංකාව 🙂

    උන්ට එච්චර නටන්න ඕනි නෑ ලෝන් ඇප්ලයි කරන්න කියල ගූගල් ෆෝර්ම් එකක් හැදුව නන් ඇති.

    @lovethebomb උබ හිතන විදියට පැනල යන ගොඩේ ගෑණු, ළමයි අඩු ඇයි.
    ------ Post added on Aug 17, 2021 at 1:58 PM

    ප්‍රශ්නෙ පැහැදිලි නෑ මචන්. පැනල යන කිව්වෙ?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,469
    100,533
    113
    ඇෆ්ගන් ආක්‍රමණය පටන් ගන්නෙත් ඒකට මුදල් යොදවන්න අවශ්‍ය ටැක්ස් මුදල් වෙන් වෙන්නෙත් ඇමරිකානු කන්සර්වෙටිව් කන්සෙන්සස් එක උඩ බව මතක් කරන්න කැමතියි. ඒක වැරදි තීරණයක් බව කියන්න ඉතුරු වෙලා හිටියෙ ලිබ්බො තමා. Principles නැති ප්‍රාග්ධන හිමියොන්ට ලිබ්බො කීම ගැන බලවත් සාංකාව 🙂

    ප්‍රශ්නෙ පැහැදිලි නෑ මචන්. පැනල යන කිව්වෙ
    ප්ලේන් වල එයාපෝට් එකේ වැඩිපුර ඉන්නෙ පිරිමි. ගෑණු නෑ.මට හිතෙන්නෙ ඒකත් තවත් ප්‍රශ්න ගොඩකට මුල කියල. උන් යන රටවලින් ගෑණු ගත්තම එතනත් උන්ට කොළණියක් හැදෙනවනෙ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ඔයාගේ තර්කෙට පෝඩ්ඩක්වත් එකඟ වෙන්න බෑ. ඉන්ඩිවිඩුවල් රයිට්ස් කියන්නෙ ශිෂ්ඨත්වයේ මිම්ම නෙමේ.
    බේසික් හියුමන් රයිට්‍ස් ගැන සාකච්චාවක් නැතුව මේ ලෝකේ ඕන තරම් ශිෂ්ඨ සමාජ බිහි වෙලා තියෙනව.
    ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කරන්න ඔය කියන ඉස්ලාම් සංකල්ප වලටම ඕන තරම් පුලුවන්.
    කාන්තා අයිතින් ගැන කතා නොකර කාන්තාවන් සහ පිරිමින් අතර තියෙන සමානතාවය ගැන ඕන තරම් අයිඩියොලොජි ඇති වෙන්න පුලුවන්.
    නමුත් ඒව ජජ් කරන්න බටහිර ඉන්ඩිවිජුවල් රයිට්ස් ඕන කියන එකේ පදනම මොකද්ද.
    බටහිර බුද්ධි සම්ප්‍රධායට ආගම නැති නිසා මිනිසුන්ගේ ආචාර ධර්මික වගකීම ගැන කතා කරන්න ඉතුරු වෙලා තියෙන එකම නිරාගමික විකල්පය
    ඉන්ඩිවිජුවල් රයිට්ස් වුනාට අනෙක් හැම සමාජයක්ම එහෙම වෙන්න ඕන නෑ නේද.
    සදාචාරය, කාන්තාවට සමාජය සලකන විදිහ, සමලිංගිකත්වය ව්ගේ ඔන දෙයක් ගැන සමාජයේ ඉන්ඩිවිජුවල් රයිට්ස් අවධාරණය නොකරන
    සාකච්ඡාවන් ඕනතරම් ඇති වෙන්න පුලුවන්.
    අපෝ නෑ. ඔය කිව්ව ලිබරල් වැල්‍යුස් කියන්නෙ වාස්තවිකව නිවැරදි වගේ අදහසක්ය කියල නෑ. අඩුම තරමෙ මම හිතන්නෑ අපේ රටවල්වලටත් ප්‍රෝගෙසිව් අදහස් පත්තියන් වෙනව කියල (පහත බලන්න)

    නමුත් තමන්ගේ ඔලුවට උඩින් ආක්‍රමණිකයෝ බෝම්බ අතෑරල යන සමාජයකින් ශිෂ්ටත්වය බලාපොරොත්තු වෙනව කියන්නෙ අපි ආක්‍රමණිකයාගෙ පැත්ත
    අයිඩියොලොජිකල් කොන්ත්‍රාත් එකක් කරනව කියන එකයි මගේ මතය.

    ඒත් පොදු අවකාශයක ගැටුම් අවම කරගෙන ඉන්න ලේසිම ක්‍රමය ප්‍රෝග්‍රෙසිව් වීම බව තෝරගන්නව. මචං "ඉස්ලාම් ලෝකය සිවිලයිස්ඩ් නැතිය" කියන එකයි "ඉස්ලාම් ලෝකයෙ තරඟකාරී ලිබරල් අදහස් නැති හෙයින් ඔවුනටම පාඩුවක් සිදුවේ" කීම ෆන්ක්ෂන් වෙන්නෙ එකම විදිහටද. ඔය දෙවනි assertion එක සිදු විය යුත්තෙ පුද්ගල මට්ටමින් මිසක් රාජ්‍ය තාන්ත්‍රිකව නෙවේ.

    බෝම්බ දැම්මට පස්සෙ වෙන දේවල් ගැන පරමාදර්ශී බණ කීම් වැඩක් නෑ කියල තමා මාත් කියන්නෙ. බෝම්බ දැම්මෙ ඇයි කියල තමයි මාත් අහන්නෙ. මුස්ලිම් ලෝකය එයාලට බාර දිය යුතුව තිබුනෙ අවුරුදු පනහකත් කලින් ඉඳන්.

    ඇෆ්ගන්ස් ලම කොච්චර ඉන්නවද තලේබාන් ලට අවංකවම කැමති. ඒක එහෙමනම් ඒ තෝරාගැනීමට ගරු කරන්න වෙනව. එතනින් එහා cultural kinks ගැන විවෘතව කතා කිරීමෙ වැදගත්කමක් තියෙනව කියලයි මම කිව්වෙ.
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ලිබරල් එවුන්ට උනත් දැන් ඔය සෙතේම තමා
    දෙයක් කියලා පැහැදිලි කරන්න බෑ

    අන්තිමට තලේබාන් තමා හොදටම කරේ 👀
    මොක දැම්මත් ලිබි ඇරියස් එකක් කවර් කරනවනේ. තෝ නන් 😁
     
    • Haha
    Reactions: EnIgma001

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඇමරිකන් කාරයො ආක්‍රමණය කරන්න කලින් ඇෆ්ගන් අමු චාටර් රටක්. තලේබාන්‌ ලා කුඩු බිස්නස් එක කරන් සැපේ හිටියෙ.

    ඇමරිකන් උන් ආපු එකෙන් ගොඩක් ඇෆ්ගන් උන්ට ජොබ් හම්බ වුනා. දැන් ආයිත්‌ නහුතෙට කෙල වෙලා ඉන්නෙ උන්.

    අරුන්‌ බේස් පිටින් අත ඇරලා දාලා ගිහිල්ලා. හදපු විදිහට‌ මම නම් හිතුවා දිගටම ඉදීවි කියලා.

    බැග්රෑම් බේස් එකේ පත‌ හොස්පිටල්‌ එකක් තිබ්බා‌. ඇදන් 500ක විතර. ඇදන් ඔක්කොම ICU ඇදන්. අපේ කොල්ලෙක් අත කඩාගෙන හිටියෙත් ICU ඇදක.
     
    IKKW

    Well-known member
  • Jun 9, 2021
    307
    709
    93
    Destruction_of_Buddhas_March_21_2001.jpg
     
    • Sad
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම හිතන විදිහට ඇමෙරිකාවේ උපාය මාර්ගය දැනටත් ඉෂ්ට කරගෙන ඉවරයි. මේක පෙන විදිහට ඇමෙරිකාවේ පරාජයක් වගේ උනාට මූලික අරමුණ ඔය ලිබරල් කියාගත්ත ආයුධ වෙළෙන්දන්ගේ මඩිය තර කරගන්න එක. ඒක උන් හොඳට කරගෙන තියෙන්නේ. කාලෙකදී යුද්දෙ මාකට් කරලා කාලෙකදී සාමය මාකට් කරනවා. ඒකට හරියන එකෙක්ව ජනාධිපතියෙක් විදිහට ඔබා ගන්නවා. ඇමෙරිකන් හමුදාවේ පහළ මට්ටමේ උන් කටු කෑවට යුද්ධ මෙහෙයවන සහ supply කරන උන් සුපිරියට ගොඩ ගිහින් ඉන්නේ තාලිබාන්, මුජහිදීන්, අල් කයිඩා පිහිටෙන්…. උන්ගේ අරමුණ සම්පුර්ණයි.
    උන් ආයුධ දීල ලොකු කරපු සංවිධානෙ රටේ ඉතුරු කරලා ඩීල් දාල ගිහින් ඊළඟට පටන් ගනියි චීනෙට පහර ගහන්න තාලිබාන් එක්ක වැඩ කරනවා කියලා…
    matath hithenne meka parajayak newei. unge mokak hari wena plan ekak athi.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    අපෝ නෑ. ඔය කිව්ව ලිබරල් වැල්‍යුස් කියන්නෙ වාස්තවිකව නිවැරදි වගේ අදහසක්ය කියල නෑ. අඩුම තරමෙ මම හිතන්නෑ අපේ රටවල්වලටත් ප්‍රෝගෙසිව් අදහස් පත්තියන් වෙනව කියල (පහත බලන්න)

    ඒත් පොදු අවකාශයක ගැටුම් අවම කරගෙන ඉන්න ලේසිම ක්‍රමය ප්‍රෝග්‍රෙසිව් වීම බව තෝරගන්නව. මචං "ඉස්ලාම් ලෝකය සිවිලයිස්ඩ් නැතිය" කියන එකයි "ඉස්ලාම් ලෝකයෙ තරඟකාරී ලිබරල් අදහස් නැති හෙයින් ඔවුනටම පාඩුවක් සිදුවේ" කීම ෆන්ක්ෂන් වෙන්නෙ එකම විදිහටද. ඔය දෙවනි assertion එක සිදු විය යුත්තෙ පුද්ගල මට්ටමින් මිසක් රාජ්‍ය තාන්ත්‍රිකව නෙවේ.

    බෝම්බ දැම්මට පස්සෙ වෙන දේවල් ගැන පරමාදර්ශී බණ කීම් වැඩක් නෑ කියල තමා මාත් කියන්නෙ. බෝම්බ දැම්මෙ ඇයි කියල තමයි මාත් අහන්නෙ. මුස්ලිම් ලෝකය එයාලට බාර දිය යුතුව තිබුනෙ අවුරුදු පනහකත් කලින් ඉඳන්.

    ඇෆ්ගන්ස් ලම කොච්චර ඉන්නවද තලේබාන් ලට අවංකවම කැමති. ඒක එහෙමනම් ඒ තෝරාගැනීමට ගරු කරන්න වෙනව. එතනින් එහා cultural kinks ගැන විවෘතව කතා කිරීමෙ වැදගත්කමක් තියෙනව කියලයි මම කිව්වෙ.
    "ඉස්ලාම් ලෝකයේ තරඟකාරී ලිබරල් අදහස් නැති හෙයින් ඔවුනටම පාඩුවක් සිදුවේ"

    අයිඩියොලොජි වැඩ කරන්නෙ ඊට වඩා පහල මානසික මට්ටමක කියලයි මම නම් හිතන්නෙ.
    උදාහරණයක් විදිහට මිනිස්සු කන්න නැතුව වුනත් ගෞරවයෙන් ජීවත් වෙන්න කැමතී.
    එකොනොමිකලි රටක් වශයෙන් තරඟකාරී වෙන්න කලින් මිනිස්සුන්ට ඕන තමන්ගේ ආශාවන්ට අනුව රටක් නිර්මාණය කරගන්න.
    අනිවාර්යෙන් මේක යතාර්ථයක් කරගන්න බැරුව යනවා.
    ඒත් ඒක තමා අයිඩියොලොජි වල ස්වභාවය.
    ලංකාවම මේක හොඳ උදාහරණයක් විදිහට ගන්න පුලුවන්.
    ඉකොනොමිකලි තරඟකාරී වෙන්න අයිඩියොලොජි වැඩ කරනව කියල හිතුවනම් අපිට ලංකාවෙ
    ජනවාර්ගික ප්‍රශ්න, 56 කේස් එහෙම තේරුම් ගන්න ගියාම හෙන ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනවා.
    මොකද සිංහලයො එහෙම බැලුවාම කරගෙන තියෙන්නෙ තමන්ටම ඉකොනොමිකලි අවාසි වෙන වැඩ.
    නමුත් මම නම් හිතන්නෙ මිනිස්සුන්ගෙ අයිඩියොලොජි වැඩ කරන්නෙ ඊට වඩා ප්‍රාථමික ට්‍රයිබල් ලෙවල් එකක.
    සිංහලයට ඉකොනොමිකලි අනෙක් රටවල් එක්ක තරඟකාරි වෙන එකට වඩා තමන්ගේ ගෝත්‍රයට වාසිවෙන විදිහට රටක්ගොඩ නඟා ගන්න අවශ්‍යය වුනා.
    මේ අයිඩිලොජි වලට බනින එක මම නම් කියන්නෙ තේරුමක් නෑ.
    අයිඩියොලොජි වලට බැනල මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ.
     
    • Like
    Reactions: EnIgma001

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ට්
    "ඉස්ලාම් ලෝකයේ තරඟකාරී ලිබරල් අදහස් නැති හෙයින් ඔවුනටම පාඩුවක් සිදුවේ"

    අයිඩියොලොජි වැඩ කරන්නෙ ඊට වඩා පහල මානසික මට්ටමක කියලයි මම නම් හිතන්නෙ.
    උදාහරණයක් විදිහට මිනිස්සු කන්න නැතුව වුනත් ගෞරවයෙන් ජීවත් වෙන්න කැමතී.
    එකොනොමිකලි රටක් වශයෙන් තරඟකාරී වෙන්න කලින් මිනිස්සුන්ට ඕන තමන්ගේ ආශාවන්ට අනුව රටක් නිර්මාණය කරගන්න.
    අනිවාර්යෙන් මේක යතාර්ථයක් කරගන්න බැරුව යනවා.
    ඒත් ඒක තමා අයිඩියොලොජි වල ස්වභාවය.
    ලංකාවම මේක හොඳ උදාහරණයක් විදිහට ගන්න පුලුවන්.
    ඉකොනොමිකලි තරඟකාරී වෙන්න අයිඩියොලොජි වැඩ කරනව කියල හිතුවනම් අපිට ලංකාවෙ
    ජනවාර්ගික ප්‍රශ්න, 56 කේස් එහෙම තේරුම් ගන්න ගියාම හෙන ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනවා.
    මොකද සිංහලයො එහෙම බැලුවාම කරගෙන තියෙන්නෙ තමන්ටම ඉකොනොමිකලි අවාසි වෙන වැඩ.
    නමුත් මම නම් හිතන්නෙ මිනිස්සුන්ගෙ අයිඩියොලොජි වැඩ කරන්නෙ ඊට වඩා ප්‍රාථමික ට්‍රයිබල් ලෙවල් එකක.
    සිංහලයට ඉකොනොමිකලි අනෙක් රටවල් එක්ක තරඟකාරි වෙන එකට වඩා තමන්ගේ ගෝත්‍රයට වාසිවෙන විදිහට රටක්ගොඩ නඟා ගන්න අවශ්‍යය වුනා.
    මේ අයිඩිලොජි වලට බනින එක මම නම් කියන්නෙ තේරුමක් නෑ.
    තරඟකාරී කිව්වෙ පෝලරයිස් වීම වලකන තරඟකාරී අදහස් කියන තේරුමෙන්. ඕතඩොක්සිය බැලන්ස් කරන්න.

    අයිඩියොලොජි වලට බැනල මිනිස්සුන්ව වෙනස් කරන්න බෑ

    බනිනව කියන එක තද වැඩියි. ගැටලු මතුකරනව කියමුකො.

    ඉතින් මිනිස්සු බලෙන් වෙනස් කරන්න අවශ්‍ය නෑ. මගෙ ටර්ෆ් එකට වෙන කෙනෙක්ගෙ විශ්වාසයක් වදයක් වෙනවනම් විතරයි එහෙම කරන්නෙ. මන් හිතන්නෙ අයිඩියොලොජි ගැන ගැටලු මතුකිරීම ඉතාම ඉෆෙක්ටිව්, ඒත් ඒක කරන්න උවමනා නෑ.
     
    Last edited: