තවත් එක් ආදරයක්

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    @Heshan Daminda Elakiri යට හඳුන්වලා දුන්න group එකෙන්. :D
    අනේ මන්දා ඕයි, ඒකේ වැටෙන ඒවා ඇත්තද බොරුද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ :baffled:

    12.09.15 | 22.09.15

    අද වගේ දවසක දැනට අවුරුදු ගානට කලින් මට ජීවිතේ මා විසින්ම ඇති කරගත්ත අමුතු වේදනාවක පුංචි මතකයක් උබල එක්ක බෙදාගන්න හිතුනා..... 09.15 තමයි ඒ කෙනාව මම මුලින්ම දැක්කේ.. මොකද එයා එදා තමයි අපේ school එකට ආවේ...

    මම සල්ලි වලින් දුප්පත් කියන brand එක යටතට අයත් කොල්ලෙක්... පොඩි කාලේ ඉඳන් ම ලොකුවට ඉගෙන ගන්න බැරි ඒ ගැන ලොකුවට උනන්දුවක් දැක්වූවේ නැති කෙනෙක්...ඒ කාලේ මගේ ස්කුල් එකේ මගේ ගාවම වාඩි වෙලා හිටපු පට්ට ලස්සන ගෑණු ළමයෙක් එක්ක මම මගේ හිතින් අමුතු ලෝකයක් මවාගෙන ජීවත් උනා.. ඇය නොදන්නවා උනත් මම ඇයට කොච්චර ආදරේ කරා ද කියන්න මගේ ඇස් දෙක දන්නවා ඒ ආදරේ කොහොම ද කියන්න... මම ලස්සන කොල්ලෙක් නෙවෙයි.. ඉගෙන ගන්න පුළුවන් කියන category එකට අයිති කොල්ලෙකුත් නෙවෙයි.. ඉතින් කාලයත් එක්ක මට හිතුනා ඒ කෙනාට කියන්න.. මම එයාට ආදරේ කරනවා කියලා.. හිතුව විදියටම මම එයාට ඒ දේ කිව්වා.. ඒත් එයා ඒක ආරංචි උන ගමන් හොඳටම හිනා වෙලා තිබ්බ..මට ලැබුණු උත්තරේ උනේ

    "iya අනේ ඒ අලියට මම කැමති නෑ වදයක් නොවී ඉන්න කියන්න"

    ඒත් මට බැරි උනා ඒ දැකපු හීන දිය කරගන්න .. කොහොම හරි මම එයාගේ පස්සෙන් යන එක නැවැත්තුවේ නෑ.. එයා මට බැන්නා උනත්..මාව ආතල් එකට ගත්තා උනත් මම එයාට ගොඩක් ආදරේ කරා.. ලං වෙන්න ට්‍රයි කරා... ඒත් එයා මාව පිළිගන්න කැමති නෑ කියලා මම දන්නවා.. මගේ යාළුවෝ පවා මට විහිළු කරා.. ඕකි උබට සෙට් වෙන්නේ නෑ බං කියලා.. 11 වසරට එද්දී එයා සෙක්ෂන් 1st මම අපේ cls එකෙන් 50 වෙනියා.. 56 i පන්තියේ හිටියෙත්.. සෙක්ෂන් එකේ 450 ක් විතර ඉන්නවා.. එයා ඕවත් කියලා විහිළු කරලා තිබ්බා.. මගේ මූණට කියලා තියෙනවා තමුසේ වගේ ගොබ්බයෙක් එක්ක මම යාළු වෙන්නේ නෑ කියලා.. කොහොම හරි එයා 11 වසරේ මැද වාරේ පටන් ගත්තා ගමන් ම වගේ මගේ යාලුවෙක් එක්ක ආදරේ කරන්න පටන් ගත්තා.. හිතුවේ නෑ ඒ කෙනාව වෙන කෙනෙක් ගේ වෙනවා මගේ ඇස් දෙකට දකින්න වෙයි කියලා.. ඒත් ඒක එහෙම උනා.. ඒ දෙන්නා ආදරේ කරනවා දකින්න මගේ ඇස් දෙක අකමැති උන නිසා මම මගේ පාසල් ගමන අත් ඇරියා.. ගෙදරට වෙලා කල්පනා කර කර ඉන්න හුරු උනා.. එයා එක්ක මවපු හීන එකින් එක මතක් කර කර ඉදල ඇස් දෙක හෝද ගන්න තැනට වැටුණා.. ඒත් එයා කියපු එක වචනයක් බොරු කියලා ඔප්පු කරන්න මට ඕනේ උනා.. එයා දවසක් යාළුවෝ එක්ක කියලා තියෙනවා

    "ඕකා ටික දවසකින් කොහේ හරි කුලී වැඩක් කරන්න ගනී බං" කියලා ..

    මම o/l වලට මාස 5 ක් විතර තියලා මගේ හිත යම් මට්ටමකට හදාගත්තා.. ඉතුරු මාස 5 ගොඩක් මහන්සි වෙලා වැඩ කරා.. school එන්නේ නෑ කියලා ගෙදරට complain ආවේ නෑ මොකද ගොඩක් ගුරුවරු මම school ආවේ නෑ කියලා මුකුත් කියන්නේ නෑ.. දන්නවනේ ඉගෙන ගන්න බෑ කියලා.. ඒ නිසා .. කොහොම හරි admission ගන්න ගිය දවසෙත් අරයා යාළුවෝ එක්ක මාව ආතල් එකට අරන් තිබ්බ..

    "1+2 = කීයද කියලා අහපන් ලොවෙත් ඕකට බෑ " කියලා..

    දුකක් දැනුනේ නෑ මට.. මොකද මම ඇයට ගොඩක් ආදරේ කරපු කෙනෙක් .. කොහොම හරි exam කරලා මම high way එකේ වැඩට ආව... යකඩ බාර් උස්සන්න තිබ්බේ.. 32 mm බාර්.. අම්මෝ ඒව උස්සලා ගෙදර ඇවිත් නිදාගන්න බෑ.. උර රිදෙනවා.. කොහොම හරි එතන මාස 3ක් විතර වැඩ කරා ... O/l වලින් පස්සේ අපේ batch එකේ අය get එකක් තිබ්බ..මම ඒකට ගියේ නෑ සල්ලි නැති නිසා.. කොහොම හරි එදත් මම high way එකේ වැඩ කරනවා කියලා මගේ යාළුවෝ කියලා.. ඒත් එයාලා ආතල් අරන් තිබ්බ මගෙන්..පස්සේ result ආවා අපේ.. එයාට A9k මට A2i B4i C3i මගේ ආසාව නිසා මම bio කරන්න හිතුවා.. ගොඩක් අය හිනා උනා.. මම bio cls එකේ වාඩි වෙලා ඉද්දී අරයා මාව දැකලා යාළුවෝ එක්ක 5ක් දාලා හිනා වෙනවත් මම දැක්කා.. කෙල්ලොත් කිව්වා අන්න අරකි උබට විහිළු කරනවා කියලා.. මම මුකුත් කිව්වේ නෑ.. ආයේ ස්කුල් ගමන නැවැත්තුවා එයා නිසා ... මම මුල් කාලේ ඉගෙන ගත්තේ high way එකේ වැඩට යන ගමන්.. දවල්ට කම්බි අදින අත් දෙකෙන් ම රෑට ඇවිත් කදුළු බේරී බේරී පෑන අල්ලනවා.. අද එයා NIBM green university එකේලු... මම පේරාදෙණිය වෛද්‍ය පීඨයේ 1st year medical student කෙනෙක් විදියට ඉගෙන ගන්නවා
    ❤️‍🩹

    පුළුවන් ඉක්මනට තමන් ප්‍රශ්නෙක ඉන්නවා නම් ඒකෙන් මිදෙන්න බලපන්... ගොඩක් අය අමුතු අමුතු ප්‍රශ්න වල ඉන්නවා දැක්කා .. හැමදේම වෙන්නේ හොඳට ඒක මතක තියාගනින්..

    ඉගෙන ගන්න උවමනාව තියෙන.. ඒත් ප්‍රශ්නෙක ඉන්න උන් ( විශේෂයෙන් කොල්ලො ) කියපන්.. පුළුවන් විදියේ help එකක් දෙන්නම් ...

    Depression වෙන්නේ නම් නෑ, මට තියන එකම ප්‍රශ්නේ මේවා ඇත්තද බොරුද කියන එක :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,150
    1
    100,907
    113
    34
    Kalutara
    අග කෑල්ල අතැරියම අනික්වා ටිකෙන් මේක නම් බයිලාවක් වගේ දැනෙන්නේ. අරකිට පිස්සුද බන් මූට හැමතිස්සෙම හිනා වෙන්න මූව ආතල් එකට ගන්න. එහෙම කෙල්ලෝ ඉන්නවද. එක්කෝ මූ එහෙම හිතාගෙන ඉන්න ඇති.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    අග කෑල්ල අතැරියම අනික්වා ටිකෙන් මේක නම් බයිලාවක් වගේ දැනෙන්නේ. අරකිට පිස්සුද බන් මූට හැමතිස්සෙම හිනා වෙන්න මූව ආතල් එකට ගන්න. එහෙම කෙල්ලෝ ඉන්නවද. එක්කෝ මූ එහෙම හිතාගෙන ඉන්න ඇති.
    පෙළක් කෙල්ලො ඉන්නව ඔහොම මානසික ලෙඩ තියෙන😂
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    iya අනේ ඒ අලියට මම කැමති නෑ වදයක් නොවී ඉන්න කියන්න"
    මගේ මූණට කියලා තියෙනවා තමුසේ වගේ ගොබ්බයෙක් එක්ක මම යාළු වෙන්නේ නෑ කියලා..
    ඕකා ටික දවසකින් කොහේ හරි කුලී වැඩක් කරන්න ගනී බං" කියලා ..

    මනුස්සයෙක්ට ආත්ම ගරුත්වයක් නැද්ද? පිරිමියෙක් නේද? මිනිස්සු මුලින්ම තමන්ගෙ හැගීම් පාලනය කර ගන්න ඕනි. නැත්තම් අපි හැඟිම් වලට වහල් වෙනවා, අපේ මානසික නිදහස නැති වෙනවා.

    මේක බොරුවක් වගේ 🤔
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    අග කෑල්ල අතැරියම අනික්වා ටිකෙන් මේක නම් බයිලාවක් වගේ දැනෙන්නේ. අරකිට පිස්සුද බන් මූට හැමතිස්සෙම හිනා වෙන්න මූව ආතල් එකට ගන්න. එහෙම කෙල්ලෝ ඉන්නවද. එක්කෝ මූ එහෙම හිතාගෙන ඉන්න ඇති.
    පෙළක් කෙල්ලො ඉන්නව ඔහොම මානසික ලෙඩ තියෙන😂
    Eka eka kaaley eka eka ban raja karanne. School yana kaaley baduwa wage hitapu ganu passe un ganan gaththewath nathi kollo passe enawa bandinna kiyala. Salli tamai itin. Oya wage gaanu godak hoyanne financial security eka.

    Anika minisu godak welawata andumen maninawa anith unawa.

    Borunam balapan super market ekakata gihilla.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඊයේ එකේ female version එක අද :P

    මම මේ කියන්න යන දේ කාටහරි වැදගත් වෙයි කියලා හිතනවා...
    මම වයස 23දී පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුනා.එයාට වයස 31...එයා හොද රැකියාවක් කරන කෙනෙක්..මම එතකොට ඉගෙන ගන්නවා...මම සාමාන්‍ය පවුලක ගෑනු ළමයෙක්..අපි ගොඩක් ආදරෙන් හිටියා කිසිම ගැටළුවක් තිබුන් නෑ..ඔහොම ඉන්නකොට මම දවසක් එයාගෙ මැසේන්ජර් එකට ලොග් වෙනවා.එතනදි මට අදහා ගන්න බැරුව ගියා.මෙයා තව ගෑනු ළමයි එක්ක සම්බන්ධකම් පවත්වලා.වෙන අයට මැසේජ් කරලා තිබුනා...මම මෙයාට තදින්ම ඇබ්බැහි වෙලා හිටපු හින්දා එදා සමාව දුන්නා..ඔහොම කාලෙ ගත උනා...මම එයාට කියනවා දැන් මේ සම්බන්දෙ ගැන ගෙදරට කියන්න කියලා..නමුත් එයා කවදාවත් ඒකට කැමති උනේ නෑ..කිසිම කෙනෙක් මේ ගැන දැන ගන්නවට එයා කැමති උන් නෑ.....අඩුම තරමේ එයාගෙ ෆේස්බුක් එකෙන් මගෙ උපන්දිනේකටවත් විශ් කරලා පෝස්ට් එකක් දාලා නෑ...එයා රැකියාවෙන් මාසෙට ලක්ෂ ගානක් ගන්නවා උනත් මට කිසිම දෙයක් අරන් දෙන්න කැමති උනේ නෑ..රුපියලක්වත් මං වෙනුවෙන් වියදන් කරන්න කැමති උන් නෑ.මම ආස මොනාටද කියලා වත් අහලා නෑ... මගේ college එකේ යාලුවෝත් මාව විහිලුවට ගන්නවා.මොකද මගෙන් වෙන පිරිමි ළමයි ask out කරා..ඒත් අර සම්බන්ධෙට මම ඇබ්බැහි වෙලා හිටපු හින්දා මම එයාලව rejecte කරනවා.ආයෙම මට අහු වෙනවා මෙයා වෙන ගෑනු ළමයින්ට මැසේජ් කෝල් අරන්..එයාලට වියදම් කරලා සල්ලි යවලා එකේක දේවල් දීලා තිබුනා...මම එයාගෙන් ආදරෙ ,attention එක ඉල්ලලා බැගෑපත් උනා...එයා මම මහ බොළඳ ගෑනියෙක් කියලා පාඩුවේ ඉන්නවා..මගේ ප්‍රශ්නයක් උනන් ගනන් ගත්තෙ නෑ..හොයලා බැලුවෙ නෑ..මට කිසිම වටිනාකමක් දුන් නෑ...එයාගෙ අනාගතේ කවදාවත් මාත් එක්ක ප්ලෑන් කරලා නෑ ----------
    එතනින් තමා මගේ ජීවිතෙ ගොඩක් වෙනස් වෙන්නෙ...ඉවසලා බැරිම තැන මම එයාගෙන් ඈත් වෙන්න තීරණය කරා..ටික කාලෙකින් එයා ලස්සන ගෑනු ළමයෙක් එක්ක විවහා උනා කියලා මෙයාගෙ යාලුවො එයාගෙ profile එකේ පෝස්ට් ටැග් කරලා තිබුනා...
    මම counseling කෙනෙක් ගාවට ගියා..නින්ද යන් නැති නිසා දිගටම බෙහත් ගත්තා....මානසිකව බිංදුවට වැටිලා හිටියේ..කාලයක් යද්දි හැමදේම සාමාන්‍ය උනා..මට ආදරෙ කරන්න පටන් ගත්තා. .මගෙ අනාගතෙ මම ප්ලෑන් කරා..
    මම මගේම කියලා bussnes එකක් පටන් ගත්තා මුලින්ම සාර්ථක වෙන් නෑ..හැබැයි මාව විශ්වාස කරපු පිරිසක් හිටියා ..මම අතාරියේ නෑ .කාලයක් යද්දි හැමදේම වෙනස් වෙනවා..මම වෙන රටවල් එක්ක සම්බන්ධ වෙලා මගේ වයාපාර කරන්න පටන් ගන්නවා..දැනට මම මගේම කියලා bussnes 4ක් කරන් යනවා..මාසෙට ඉලක්කම් 6 වැඩි මුදලක් උපයනවා...එයාගෙ යාලුවෙක් මාර්ගෙන් මෙයා ගැන ලඟදි හොයලා බැලුවා..මට ආරංචි උනේ මෙයා කරපු රැකියාවෙන් පිට කොන්දට හානි වෙලා දැන් ඇවිදින්න බැහැ කියලා..මෙයාගෙ වයිෆ් අත් හැරලා..එදා එයාට හිතෙන්න ඇති මාව එයාගෙ තත්වෙට ගැලපෙන් නෑ කියලා...
    ඉතින් මේකෙන් මට කියන්න ඕනි උනේ සම්බන්ධයක් ඇතුලෙ අනවශ්‍ය විදිහට කිසිම කෙනෙක්ට සමාව දෙන්න සුදුසු නෑ .. කවුරුහරි ඔයාට තඳින්ම ආදරෙ කරනවා නම් එයාගෙ භාහිර රූපෙ වත් සමාජ තත්වෙවත් ප්‍රශ්නයක් කර ගන්න එපා..ආදරේට සහ කාලයට පුළුවන් ඒ දෙකම වෙනස් කරන්න..මිල මුදල් හැමදේම ක්ශනයෙන් නැති වෙන්න පුළුවන්.
    තව දෙයක් කෙනෙක් ඔයා වෙනුවෙන් අඩනව නම් එයාගෙ කදුළු වලට වටිනාකමක් දෙන්න..ඇස් වලින් කදුළු ආවට මිනිස්සු අඩන්නෙ හදවතින්
    💔

    මම ආයෙම කියනවා වැරදි කෙනෙක්ට ඇබ්බැහි වීම,සමාව දීම තමා ඔයා ඔයාට දෙන ලොකුම දඬුවම....

    • Wow
    Reactions: Heshan Daminda

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අග කෑල්ල අතැරියම අනික්වා ටිකෙන් මේක නම් බයිලාවක් වගේ දැනෙන්නේ. අරකිට පිස්සුද බන් මූට හැමතිස්සෙම හිනා වෙන්න මූව ආතල් එකට ගන්න. එහෙම කෙල්ලෝ ඉන්නවද. එක්කෝ මූ එහෙම හිතාගෙන ඉන්න ඇති.
    ඔව් ඔය post එක නම් බයිලාවක් වගේ තේරෙන්නේ.. හැබැයි ඔය ජාතියේ කෙල්ලො නම් ඉන්නවා කියල sure.. මට පුද්ගලිකව අත්දැකීම් තියෙනවා ඔහොම ගෑණු එක්ක :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,150
    1
    100,907
    113
    34
    Kalutara
    ඔව් ඔය post එක නම් බයිලාවක් වගේ තේරෙන්නේ.. හැබැයි ඔය ජාතියේ කෙල්ලො නම් ඉන්නවා කියල sure.. මට පුද්ගලිකව අත්දැකීම් තියෙනවා ඔහොම ගෑණු එක්ක :)
    කියපන්කො අපිටත් දැනගන්න අත්දැකීම්. :3
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    අග කෑල්ල අතැරියම අනික්වා ටිකෙන් මේක නම් බයිලාවක් වගේ දැනෙන්නේ. අරකිට පිස්සුද බන් මූට හැමතිස්සෙම හිනා වෙන්න මූව ආතල් එකට ගන්න. එහෙම කෙල්ලෝ ඉන්නවද. එක්කෝ මූ එහෙම හිතාගෙන ඉන්න ඇති.
    innawa innawa Man kalin talk krpu kallak hitiya ekiwa mata set unet na man talk karana kale wena ekek talk kala uta uge okkoma insecurities walata hariyanna eki facebook eke hint gahanawa eka apita hodata terenw eki terenw kylt dnnw owa patta samanyai muta eki munata kiyanna natuwa ati yaluwo ekka ehema kiyapu wge scene ekak wenna atte
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,577
    1
    51,269
    113
    ප*යාගල
    sorry.com
    ඩ්‍රොප්ශිපින් කෝස් එකක හෑල්ලක් වගේ බම්.අර අයියා නිසා මම ගොඩ ගියා වගේ සීන් එකක් ඔලුව්ට එන්නෙ.
    කොහොමහරි ඔය ලබ්බ දවස් ගානක් දැක්ක මන් හැබැයි කියෙව්වෙ නෑ. දැන් මේකට දැම්ම නිසා කියවන්න උනා 🤢
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ඊයේ එකේ female version එක අද :P

    මම මේ කියන්න යන දේ කාටහරි වැදගත් වෙයි කියලා හිතනවා...
    මම වයස 23දී පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුනා.එයාට වයස 31...එයා හොද රැකියාවක් කරන කෙනෙක්..මම එතකොට ඉගෙන ගන්නවා...මම සාමාන්‍ය පවුලක ගෑනු ළමයෙක්..අපි ගොඩක් ආදරෙන් හිටියා කිසිම ගැටළුවක් තිබුන් නෑ..ඔහොම ඉන්නකොට මම දවසක් එයාගෙ මැසේන්ජර් එකට ලොග් වෙනවා.එතනදි මට අදහා ගන්න බැරුව ගියා.මෙයා තව ගෑනු ළමයි එක්ක සම්බන්ධකම් පවත්වලා.වෙන අයට මැසේජ් කරලා තිබුනා...මම මෙයාට තදින්ම ඇබ්බැහි වෙලා හිටපු හින්දා එදා සමාව දුන්නා..ඔහොම කාලෙ ගත උනා...මම එයාට කියනවා දැන් මේ සම්බන්දෙ ගැන ගෙදරට කියන්න කියලා..නමුත් එයා කවදාවත් ඒකට කැමති උනේ නෑ..කිසිම කෙනෙක් මේ ගැන දැන ගන්නවට එයා කැමති උන් නෑ.....අඩුම තරමේ එයාගෙ ෆේස්බුක් එකෙන් මගෙ උපන්දිනේකටවත් විශ් කරලා පෝස්ට් එකක් දාලා නෑ...එයා රැකියාවෙන් මාසෙට ලක්ෂ ගානක් ගන්නවා උනත් මට කිසිම දෙයක් අරන් දෙන්න කැමති උනේ නෑ..රුපියලක්වත් මං වෙනුවෙන් වියදන් කරන්න කැමති උන් නෑ.මම ආස මොනාටද කියලා වත් අහලා නෑ... මගේ college එකේ යාලුවෝත් මාව විහිලුවට ගන්නවා.මොකද මගෙන් වෙන පිරිමි ළමයි ask out කරා..ඒත් අර සම්බන්ධෙට මම ඇබ්බැහි වෙලා හිටපු හින්දා මම එයාලව rejecte කරනවා.ආයෙම මට අහු වෙනවා මෙයා වෙන ගෑනු ළමයින්ට මැසේජ් කෝල් අරන්..එයාලට වියදම් කරලා සල්ලි යවලා එකේක දේවල් දීලා තිබුනා...මම එයාගෙන් ආදරෙ ,attention එක ඉල්ලලා බැගෑපත් උනා...එයා මම මහ බොළඳ ගෑනියෙක් කියලා පාඩුවේ ඉන්නවා..මගේ ප්‍රශ්නයක් උනන් ගනන් ගත්තෙ නෑ..හොයලා බැලුවෙ නෑ..මට කිසිම වටිනාකමක් දුන් නෑ...එයාගෙ අනාගතේ කවදාවත් මාත් එක්ක ප්ලෑන් කරලා නෑ ----------
    එතනින් තමා මගේ ජීවිතෙ ගොඩක් වෙනස් වෙන්නෙ...ඉවසලා බැරිම තැන මම එයාගෙන් ඈත් වෙන්න තීරණය කරා..ටික කාලෙකින් එයා ලස්සන ගෑනු ළමයෙක් එක්ක විවහා උනා කියලා මෙයාගෙ යාලුවො එයාගෙ profile එකේ පෝස්ට් ටැග් කරලා තිබුනා...
    මම counseling කෙනෙක් ගාවට ගියා..නින්ද යන් නැති නිසා දිගටම බෙහත් ගත්තා....මානසිකව බිංදුවට වැටිලා හිටියේ..කාලයක් යද්දි හැමදේම සාමාන්‍ය උනා..මට ආදරෙ කරන්න පටන් ගත්තා. .මගෙ අනාගතෙ මම ප්ලෑන් කරා..
    මම මගේම කියලා bussnes එකක් පටන් ගත්තා මුලින්ම සාර්ථක වෙන් නෑ..හැබැයි මාව විශ්වාස කරපු පිරිසක් හිටියා ..මම අතාරියේ නෑ .කාලයක් යද්දි හැමදේම වෙනස් වෙනවා..මම වෙන රටවල් එක්ක සම්බන්ධ වෙලා මගේ වයාපාර කරන්න පටන් ගන්නවා..දැනට මම මගේම කියලා bussnes 4ක් කරන් යනවා..මාසෙට ඉලක්කම් 6 වැඩි මුදලක් උපයනවා...එයාගෙ යාලුවෙක් මාර්ගෙන් මෙයා ගැන ලඟදි හොයලා බැලුවා..මට ආරංචි උනේ මෙයා කරපු රැකියාවෙන් පිට කොන්දට හානි වෙලා දැන් ඇවිදින්න බැහැ කියලා..මෙයාගෙ වයිෆ් අත් හැරලා..එදා එයාට හිතෙන්න ඇති මාව එයාගෙ තත්වෙට ගැලපෙන් නෑ කියලා...
    ඉතින් මේකෙන් මට කියන්න ඕනි උනේ සම්බන්ධයක් ඇතුලෙ අනවශ්‍ය විදිහට කිසිම කෙනෙක්ට සමාව දෙන්න සුදුසු නෑ .. කවුරුහරි ඔයාට තඳින්ම ආදරෙ කරනවා නම් එයාගෙ භාහිර රූපෙ වත් සමාජ තත්වෙවත් ප්‍රශ්නයක් කර ගන්න එපා..ආදරේට සහ කාලයට පුළුවන් ඒ දෙකම වෙනස් කරන්න..මිල මුදල් හැමදේම ක්ශනයෙන් නැති වෙන්න පුළුවන්.
    තව දෙයක් කෙනෙක් ඔයා වෙනුවෙන් අඩනව නම් එයාගෙ කදුළු වලට වටිනාකමක් දෙන්න..ඇස් වලින් කදුළු ආවට මිනිස්සු අඩන්නෙ හදවතින්
    💔

    මම ආයෙම කියනවා වැරදි කෙනෙක්ට ඇබ්බැහි වීම,සමාව දීම තමා ඔයා ඔයාට දෙන ලොකුම දඬුවම....

    ආදරය කරනවා කියන එකට ඇබ්බැහි වෙනවා කියලා මේ ගෑනු ළමය කීප තැනකම සඳහන් කරලා තියෙනවා
    Love, addiction මේ දෙක සමාන ලක්ෂණ තියෙන වෙනස් තත්ව දෙකක්. මට හිතෙන විදිහට