තවත් එක ගුරු ගීතයක්

Jul 25, 2012
7
1
0
Colombo
තවත් එක ගුරු ගීතයක්

මේ කතාව කොහෙන් පටන් ගන්නද කියල මට තේරෙන්නේ නැ. ම්ම්ම්ම්ම්ම් ගොඩක් වෙලා හිතල හිතල අන්තිමට මෙහෙම පටන් ගත්තා...


(කතාව ඇත්ත වුනාට නම් ගම මන කල්පිතයි )

1 shy එක ගොඩාක් හොදට පාස් වුන නිසා හා හා පුරා කියල 2shy ඒකට පන්ති යන්න පටන් ගත්තා.අද පලවෙනි දවස.
දැන් medial college ඉන්න අයිය කෙනෙක් කියපු නිසාම වලට හොයා ගත්තා අලුත්ම පන්තියක්.
medical select වෙන්න තමා ආසවනම් :D:D
පන්ති යන මුල්ම දවසේ හිත ගත්තා මේ සැරේනම් කොහොමහරි හොදට කරනවා කියල ..
මමයි , මගේ අතිජාත යාළුවයි ලස්සනට ඇඳගෙන කරගෙන ලස්සනට පිට කවර දාපු පොත් ටිකක් අරගෙන ඔන්න ඉතින් ගිහින් වැඩි වුන පන්තියේ මැද හරියකින්...

ලස්සනට ඇදුම් අදින එක එදා ඉදන් මගේ පුරුද්දක්.එහෙම තමා ඉතින් ගැනු ළමයි . තාත්තා අදටත් කියනවා මන් හම්බ කරපුව තියෙන්නේ මෙයාගේ අල්මාරියේ කියල. :yes: අනේ එවුනට අපි ඉතින් ගොඩක් ලොකු සල්ලි කරයෝනම් නෙමෙයි.

යාලුවත් එක්ක කතා කරන ගමන් හතර වටේට රබර් ඇහැ දල බැලුව ඉන්නේ කව්ද කියල.දැකල පුරුදු පිරිමි ළමයි වගයක්නම් ඉන්නවා. එත් දැක්කේ නැ වගේ ගණන් උස්සලම හිටිය..කෝ අනේ sir නැනේ.දැන්නම් නිදිමතකුත් එනවා. මගේ යාළුවා අන්ජි (ඇත්ත නමනම් අන්ජානා ) දිහා බැලුව .එය මටත් වඩා දොයි මතේ.මදැයි ඉතින්...:rolleyes: මට මහා කැත පුරුද්දක් තිබ්බ. පන්ති වලදී හරියට නිදිමත එනවා.මන් නිදා ගත්තේ නැති පන්තියක් නැ .එත් දවසක් ආවා ඒ හැමදෙයක්ම වෙනස් වුනු,නිදා ගන්න ඕන වුනත් නින්ද ගියේ නැති...:no:


මෙන්න එක පාරම ළමයි ටික නැගිට්ටා. sir ඇවිත්. අපිත් ඉතින් නැගිටලා එ හැමෝම එක්ක ආයුබෝවන් කිව්වා.sir ඉතින් පොඩි හැදින්වීමකුත් කරලා පාඩම පටන් ගත්තා. revision පන්තියක් නිසා වැඩි විකාර කරන්නේ නැ.වැඩම විතරයි.අපරාදේ කියන්න බැ.මට හොඳට නින්ද යනවා. ඇස් දෙක ඇරන් ඉන්න ෆුල් ට්‍රයි එක, කොහොමහරි interval එක වෙනකන් දරාගෙන හිටිය.
interval එකේදී ගෙදරින් ගෙනාපු ලොකුම ලොකු බත් දෙකක් කන ගමන් අන්ජි මට කියපි "අනේ බන් මටනම් මේ පන්ති එන්න බැ.පුදුම නිදිමතයි." මමත් ඒකට එකහෙලාම එකග වුන.interval එකේ ගෙදර යන්න බැ හරි නැනේ.එනිසා පංති ඇරෙනකන්ම දරාගෙන හිටිය.
 
Last edited: