තවත් ඖෂධ වංචාවක තතු හෙළිවෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා අද (08) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

    ඒ අනුව, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් කොමිසමට නියෝග කළේ, පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙසය.

    ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝගොබියුලින් එන්නත් මිලදී ගැනීමේදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායක මහතාගේ පාලන සමයේ සිදුවූ තවත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

    එම කොට්ඨාසය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මීණී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ, "ලැක්ටියුලෝස්" නම් ඖෂධය මිලදී ගැනීමේදී මෙම වංචාව සිදුව ඇති බවය.

    "ස්වාමිනී, ලැක්ටියුලෝස් 120 mlකියන සිලින්ජරය වෛද්‍ය සැපයුම් අංශයට සපයන්න මෙඩිකොම් කියන ආයතනය වසර 05කට ගිවිසුම්ගත වී තිබෙනවා. නමුත් එම ආයතනය සතු ඖෂධ සැපයීමට අදාළ ලියාපදිංචි සහතිකය කල් ඉකුත්වීම නිසා, 2023 වසරේ යම් කාලයකට ඖෂධය සැපයීමට ඔවුන්ට නොහැකි වනවා. එම සමාගම එවකට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායකට දැනුම් දී තිබුණේ අදාළ ඖෂධ සිලින්ජර කුප්පියක් රුපියල් 1,408කට ලබාදිය හැකි අතර, ලියාපදිංචි සහතිකය හැකි ඉක්මණින් සකස් කරගන්නා බවටය. එසේ තිබියදීත් වෛද්‍ය සැපයුම් අංශය එක් එන්නත් සිලින්ජරයක් රුපියල් 2,490 බැගින් ලබාගැනීම සඳහා ටෙන්ඩරය නිව්ජන් නැමැති වෙනත් සමාගමකට ලබාදෙනවා. එලෙස එන්නත් සිලින්ජර 90,000ක් සඳහා ටෙන්ඩරය ලබාදීමෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 97.3ක්. මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අල්ලස් කොමිසමට යොමුකර විමර්ශනයක් ආරම්භ කරන ලෙස මා ඉල්ලා සිටිනවා."

    කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය මෙම පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට නියෝග කළාය.

    මේ අතර ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර එන්නත් සම්බන්ධයෙන් වූ නඩුව අද යළි මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඖෂධය සැපයූ සැපයුම්කරු වෙනුවෙන් නීතීඥවරුන් ඉදිරිපත් කළ ඇප අයැදුමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සිය විරෝධය පළ කළාය.

    "ස්වාමීනි, මෙම සැකකරුට ඇප ලබාදීමට මම තරයේ විරුද්ධයි. ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අංගොඩ ජාතික මානසික රෝග විද්‍යා ආයතනයට ගොස් ඒ වනවිට එහි ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු, කිසිඳු නීත්‍යානුකූල නියෝගයක් නොමැතිව බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. ස්වාමීනි,මෙය දැඩි සැකයට තුඩුදෙන හේතුවක්. මොකද, මෙම සැකකරු නිදහස් කරගැනීමට විශේෂ උනන්දුවක් දක්වන කිනම් හෝ පුද්ගලයෙක් සිටින බව පේනවා. සැකකරු ටියුලිප් බෑග්වලින් අරගෙන ගිය ලක්ෂ 1444කට සිදුවූ දෙය තවම හොයාගන්න බැහැ. අපි ඒ ගැන තවදුරටත් විමර්ශනය කරනවා. සැකකරු අංගොඩ මානසික රෝග විද්‍යා ආයතනයෙන් පිටතට ගැනීම ගැනත් විමර්ශනයක් කළ යුතුයි. එමනිසා මොහුව ඇප මත මුදා නොහරින ලෙස මා ඉල්ලා සිටිනවා."

    කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඔක්තෝබර් 22 දක්වා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ලොක්කො ඔක්කොම යාළුවො... නබඩුකාරයින් ගේ.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    යකෝ, මුන්ට සිරාවටම ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද බන් මෙහෙම හොරා කන්න. :baffled:
    චෝදනා ඔප්පු උනොත් ආයේ දෙන්න ඕනේ උපරිම දඩුවම අනිත් උන්ටත් උණ ගැනෙන්න