තවත් ගැහැණු දඩයමක් !

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    තවත් ගැහැණු දඩයමක් !

    Srilankamirror – මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශනය වන සිහින පියාපත් ටෙලි නාට්‍ය, සිහින පියාපත් – 2 නමින් නැවතත් නිර්මාණය කරන බව පවසමින් පසුගියදා ලංකාදීප ලහිපිට අතිරේකයේ දැන්වීමක් පලකර තිබේ.

    ඒ අනුව, එහි දක්වා තිබු අංකයට ඇමතුමක් ලබාගත් යුවතියකට පිළිතුරක් දෙමින් පුද්ගලයෙකු පවසා ඇත්තේ ඔහු සිහින පියාපත් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන සඳුන් රාජකරුණා බවයි.

    සඳුන් රාජකරුණාගේ සැබෑ දුරකථන අංකය ද ඇය ළඟ තිබී ඇති අතර මෙම දැන්වීමේ සඳහන් අංකයත් ඇය ළඟ තිබු අංකයත් වෙනස් බැවින් ඇය පසුගිය බදාදා සඳුන් රාජකරුණාගේ අංකයට ඇමතුමක් ලබා ගෙන තිබේ.

    ලැබුණු දුරකථන අංකය ඔස්සේ සිදුවන්නට යන විපත්තිය හඳුනාගත් සඳුන් රාජකරුණා එම පුවත්පතේ සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන තිබේ.

    ඔහු එහිදී තම නැගණියට සිහින පියාපත් නාට්‍යයේ රඟපෑමට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා ඇති අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් අදාළ පුද්ගලයා පවසා තිබෙන්නේ දැන්වීමේ සඳහන් ලිපිනයට තම නැගණිය එවන ලෙසය.

    මින් අනතුරුව ඔහු තවත් සහෝදර ශිල්පිණියන් යොදවා අදාළ පුද්ගලයාට අමතා ඇති අතර ඒවාටද ප‍්‍රතිචාර වශයෙන් ලැබි ඇත්තේ එම පිළිතුරමයි.

    මෙම සිද්ධියෙන් පසුව අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා මිරිහාන පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර එය විභාග වෙමින් පවතී.

    පුවත් පතේ සඳහන්ව ඇත්තේ කුරුණෑගල ප‍්‍රදේශයේ දුරකථන අංකයකි.

    කෙසේ වෙතත් සම්මුඛ පරීක්ෂණයට පැමිණීම සඳහා බම්බලපිටිය මැජෙස්ටික් සිටිහී ස්ථානයක්ද පවසා ඇතැයි වාර්තා වේ.
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    machan giya sathiye paththare thawa ad ekak thibuna balangoda paththe ekek daala swiss wala shoot karana ad ekakata kattiya illala. broken english walin. oya wagema set ekak.