ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, ගත් කතුවරයෙක් මෙන්ම ප්රමුඛ පෙළේ පරිසරවේදියෙක් වන නයනක රන්වැල්ල මහතා සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් සංවිධායක ලෙස පත්කරනු ලැබ තිබේ. විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම පත්කිරීම සිදුකරනු ලැබීය.
දශක කිහිපයක් තිස්සේ පරිසරය ආශ්‍රිතව සක්‍රීය කාර්යභාරයක් ඉටුකර ඇති ඒ මහතා මාධ්‍යවේදියෙක් ලෙස ද පරිසරය පිළිබඳව ප්රශස්ත මැදිහත්වීමක් සිදුකර ඇත. දිවයින, රිවිර වැනි පුවත්පත්වල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ලෙසද, පසුව නිදහස් මාධ්‍යවේදියෙක් ලෙසද කටයුතු කළේය. රිවිර ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කතෘ ලෙසද කටයුතු කළ ඒ මහතා තම්බපණ්ණි වැනි සගරා තුළින් පරිසරය සම්බන්ධව සාධනීය මැදිහත්වීමක් කරනු ලැබීය. පරිසරය සංරක්ෂණවේදියෙක් ලෙස හෙතෙම දිගු කලක් තිස්සේ අනවරත අරගලයක යෙදෙමින් සිටී.
sirawatama mun nisa aththa prashna yata yanawa... hamoma kiyanna gannawa oya vipakshe deal ekak kiyala 