තවත් ඩීසල් වර්ගයක් අද සිට

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
තවත් ඩීසල් වර්ගයක් අද සිට

තවත් ඩීසල් වර්ගයක් අද සිට​

32cba9d5e1afedb46c47fa30f684447b_XL.jpg

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් "ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර්" නමින් ඉන්ධන විශේෂයක් අද (22) වෙළෙඳපොළට අඳුන්වා දෙයි.

ආසියානු වෙළෙඳ පොළෙහි සුලබව දක්නට ලැබෙන "ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර්" ප්‍රමිතියෙන් උසස් අතර එම ඉන්ධන විශේෂය අද (22) සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම් හල්වලින් පාරිභෝගිකයන්ට මිලදී ගත හැකි බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ඉන්ධන පිරවුම්හල්වල දැනට පවතින සුපර් ඩීසල් ලීටරයක විකුණුම් මිල රුපියල් 145ක් වන අතර ඒ මිල යටතේම ලංකා සුපර් ඩීසල් ෆෝ ස්ටාර් වෙළෙඳ පොළට හඳුන්වා දීමට නියමිත බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඉන්ධන පිරවුම්හල්වල දැනට පවතින සුපර් ඩීසල්වල සල්ෆර් ප්‍රමාණය මිලියනයකට කොටස් 500ක් වන බවත්, නව ඩීසල් විශේෂය සල්ෆර් ප්‍රමාණය මිලියනයකට කොටස් 10ක් වන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මෙරට භාවිතා කෙරෙන නවීන වාහනවලට ගැලපෙන සහ පරිසරයට සිදුකෙරෙන හානිය අවම කිරීමේ අපේක්ෂාවෙන් නව ඉන්ධන ප්‍රභේදය හඳුන්වා දී ඇති අතර මෙම ඩීසල් ප්‍ර‍භේදය ගුණාත්මක බවින් ඉහළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේදී ඊයේ (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.


LFN . lk​
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
බම්ප් සහ කොමෙන්ටු දමා, රෙප් දී සහය දැක්වූ එළකිරියන්ට හදපිරි තුති