තවත් දුම්රිය අනතුරක්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
තවත් දුම්රිය අනතුරක්

ඔන්න අදත් දුම්රිය වැන් අනතුරක් සිද්ධ වෙලා . මම දැක්ක ගොසිප් ලංකා එකේ දාල තියනවා. මේ අනතුරින් පෙර පාසල් යන පොඩි දරුවෙක් සහ රියදුරු මරුමුවට පත්වෙලා තියනවා. එයට හේතුව තමයි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක්. ඒ කියන්න රේල් ගේට්ටුවක් නැහැ.


යකෝ මම අහන්නේ මේ ආණ්ඩුව රුපියල් බිලියන ගණන් වැය කරලා ගුවන් යන එන්න නැති ගුවන් තොටුපොළවල් හදනවා , නැව් එන්න නැති වරායවල් හදනවා... මුන්ට බැරිද හැම තැනකටම රේල් ගේට්ටුවක් සවි කරන්න. මේක ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් වැඩක්. මෙමගින් ජීවිත කීයක් බේරා ගන්න පුලුවන්ද.

තව ඉස්සරහට කී දෙනෙක් මැරෙන්න ඉන්නවද දන්නා නැහැ මේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග නිසා. මේවා මැති ඇමතිවරුන්ට පෙන්න නැද්ද .





browse.php


browse.php
 
Last edited: