තවත් පාසල් දැරියක් කොවිඩ් ආසාදිතව මියයයි...

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    පාසල් දැරියක් කොවිඩ් ආසාදිතව මියගොස් ඇතැයි වාර්තා වේ.

    අද (31) දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා සඳහන් කළේ දැරිය කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

    රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව කොවිඩ් රෝගය වැලඳුණු දරුවන් 25 දෙනෙකු පමණ ඇතුළත් වන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

    "අපිට ඊයේ දිනයේ දී වාර්තා වුණා, මාරවිල ප්‍රදේශයෙන් අවුරුදු 11ක පමණ ගැහැණු දරුවෙක් කොවිඩ් ආසාදිතව මියගිය බවට. සම්පූර්ණ තොරතුරු අපිට තාම ලැබුණේ නෑ. යම්කිසි ප්‍රමාණයකට තරබාරු දරුවෙක් බවට තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව තවදුරටත් අපි කරුණු සොයාගෙන යනවා. අපි කාරුණිකව ඉල්ලා සිටිනවා දෙමාපියන්ගෙන් තවමත් අවුරුදු 12ට අඩු පිරිසට එන්නත ලබාදෙන්නේ නෑ. එම දරුවන් මේ වනවිට පාසල් යනවා. රට විවෘතව පවතිනවා. දරුවන්ගේ යම්කිසි ආකාරයක රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවට රැගෙන ගොස් වෛද්‍ය උපදෙස් මත පමණක් නිවෙස්ගත ප්‍රතිකාර කරන්න. ඒ මාරවිල අපි හිතන්නේ, රෝහලට ඇතුළත් කර එක දිනක් ඇතුළත මියගොස් තිබෙනවා. පුළුවන් තරම් ඉක්මනින් රෝහල්ගත වෙන්න පුළුවන් නම්, ඒ වෛද්‍යවරු පරීක්ෂා කර බලලා තීරණය කරයි නිවෙස්ගත ප්‍රතිකාර ද නැතිනම් සංකූලතා තියෙනවා නම් යම් ප්‍රතිකාර ලබාදීම සඳහා. කිසිම කෙනෙක් රෝහලට යන්න බයවෙන්න එපා. රෝහල් පරිසරය ඉතාම සුරක්ෂිතව සුදානම් කරලා තියෙනවා."

    ප්‍රශ්නය - අවුරුදු 12ට අඩු අයට එන්නත් ලබාදෙන්නේ නැහැ. මියගිය දරුවාට වෙනත් රෝග තිබිලා නැත්නම් ඇති ආරක්ෂාව කුමක් ද?

    "ලෝකයේ සමහර රටවල්වල අවුරුදු 5ට වඩා වැඩි පිරිස්වලට මේ එන්නත ලබාදෙනවා. අපි තව සුළු කාලයක් මේ පිළිබඳ අධ්‍යයනය කරනවා. මේ දරුවන්ට ලබාදීම පිළිබඳ යම් යම් ගැටලු සිදුවෙනවා ද කියලා. මේවා අලුත් එන්නත් වර්ග. එම නිසා එවැනි අධ්‍යයනයකින් පසුව තමයි අපි දරුවන්ට ලබාදීමට සුදානම් වෙන්නේ. මේ වෙද්දි අපි ඒ අධ්‍යයනය කරනවා. ඒ කටයුතු හමාර වු පසුව වෙනත් රටවල මේ වයස් කාණ්ඩයට එන්නත ලබාදීමෙන් ගැටලුකාරි තත්ත්වයක් ඇති වෙන්නේ නැත්නම්, අපේ දරුවන්ටත් මේ එන්නත ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනවා."

    ප්‍රශ්නය - දැරිය මියයෑමට හේතුව නියමිත කාලයේ දී රෝහල් නොකිරීම ද හේතුව ?

    "ඔව් ඇත්තටම ඒ පිළිබඳ අපි තාම පරීක්ෂණ කරනවා. ඊයේ දිනයේ දී තමා මේ දරුවා මියගියේ. ඒ නිවෙස්වලට ගිහින් පරණ ප්‍රතිකාර සටහන් සියල්ලම පරීක්ෂා කරන්න ඕනේ. අද දිනයේ දී ඒ පරීක්ෂණ වාර්තා ලබාගැනීමේ හැකියාව ලැබේවි. කෙසේවෙතත් මරණ පරීක්ෂණයේ දී අනුව දරුවා කොවිඩ් නියුමෝනියා තත්ත්වය තිබු බවට වාර්තා වෙනවා. එක දවසක් තුළ එතරම් ප්‍රමාණයක් නියුමෝනියාව වර්ධනය වීමට හැකියාවක් නෑ. අපිට ලැබුණ තොරතුරු අනුව මීට පෙර දරුවාගේ දෙමාපියන්ටත් මේ රෝගය වැලඳී තිබෙනවා."

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ප්‍රාථමික අංශය වහන්න වැක්සින් දෙන්න ගන්නකං. ලමයින්ව ඔන්ලයින් දාන්න.

    ලමයි මැටේටෝ වෙනවා වගේ කතානම් කියලා වැඩක් නැ. මොකද අවුරුද්දකට වැඩි කාලයක් ලමයින්ට හරි අධ්‍යාපනයක් නැ කොහොමත් හානිය වෙලා ඉවරයි අධ්‍යාපනය පැත්තෙන්, ඉස්කොලෙ ගිහින් මෙහෙම දේවල් වෙද්දි ලමයත් නැ අධ්‍යාපනයත් නැ. ⁣ වැක්සින් එක දෙන වැඩපිලිවෙලක් හදලා ඒ හානිය අවම කරගන්න විතරයි ඉතුරු.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    den oya hadanne 11-5 kandeta vaccine gassa vanna

    kalayak me vagema news ava eka digata 12-18 gahanna patan ganna kota..hebeyi magak veddi e serama missing

    ubalath hemadama ahu venava lankave media game valata..

    derana thama best.. un lassanata unge gema gahanava lol
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    godak iskola walin thamai spread wela thiyenne ban me sare. ahana ahana hamoma positive wenawa. Friday - Monday laginma wada karana 16 kata positive una.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පොඩි ළමයි පරිස්සම් වෙන්න දන්නෙ නැති නිසා පැතිරෙන වේගය වැඩියි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    den oya hadanne 11-5 kandeta vaccine gassa vanna

    kalayak me vagema news ava eka digata 12-18 gahanna patan ganna kota..hebeyi magak veddi e serama missing

    ubalath hemadama ahu venava lankave media game valata..

    derana thama best.. un lassanata unge gema gahanava lol
    ගොබ්බ කතා කියන්න එපා
    මීඩියා සංදර්ශන නෙමේ
    මීඩියා වලින් ඕව හෙළි කරන හින්ද සෞක්‍ය අංශ පියවර ගන්නවා
    එහෙම නිසා තමා පොඩි අයටත් වක්සින් කලේ

    මේ වගේ සින් එලීයට එන්න ඕනේ මීඩියා වලින්
    එතකොට තමා එකට ගන්න ඕනේ පියවර ඉක්මන් වෙන්නේ

    වක්සින් නිසා කි දාහකගේ ජිවිට බෙරුනද අමතක කරන්න එපා
     
    • Like
    • Dislike
    Reactions: Die-hard and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගොබ්බ කතා කියන්න එපා
    මීඩියා සංදර්ශන නෙමේ
    මීඩියා වලින් ඕව හෙළි කරන හින්ද සෞක්‍ය අංශ පියවර ගන්නවා
    එහෙම නිසා තමා පොඩි අයටත් වක්සින් කලේ

    මේ වගේ සින් එලීයට එන්න ඕනේ මීඩියා වලින්
    එතකොට තමා එකට ගන්න ඕනේ පියවර ඉක්මන් වෙන්නේ

    වක්සින් නිසා කි දාහකගේ ජිවිට බෙරුනද අමතක කරන්න එපා
    ගොඩක් උන් කුහකයි එක එකාගෙ පුද්ගලික ආසාවන්ට මිනිස්සු මළත් කමක් නැ කියන කුහලකමේ ඉන්නෙ..බේත් විදල ටොයො බයි ජෙපි මොකා හරි ජිවත් වෙනවනම් ඒකයි වෙන්ඩ ඕන, එහෙම නැතුව බේත් විදිනවට විරුද්ද වෙලා බිල්ලො මවල මිනිස්සු මැරෙද්දි හු හු හු හු ගානව කියන්නෙ තිරිසන්නු..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගොබ්බ කතා කියන්න එපා
    මීඩියා සංදර්ශන නෙමේ
    මීඩියා වලින් ඕව හෙළි කරන හින්ද සෞක්‍ය අංශ පියවර ගන්නවා
    එහෙම නිසා තමා පොඩි අයටත් වක්සින් කලේ

    මේ වගේ සින් එලීයට එන්න ඕනේ මීඩියා වලින්
    එතකොට තමා එකට ගන්න ඕනේ පියවර ඉක්මන් වෙන්නේ

    වක්සින් නිසා කි දාහකගේ ජිවිට බෙරුනද අමතක කරන්න එපා

    image_2022-01-31_143416.png

    danata 0-19 athare merila tiyenne 65 mulu covid kaletama.... den oya kale normal kale ekka baluva nam bala ganna tibuna aeththatama beruna lama marana gana...

    podi lamayinta vaccine gahapu eken aeththama une nirogi lamayi leda karapu eka...kalayak yaddi eka eka athuru abada eddi terevi kara moada kama

    v2.png

    den balapan me podi lamayinta vaccine gahanna kalin meruna % eka... ekath 2%

    hebeyi vaccine gahvata passeth merena % eka 2% yi

    image_2022-01-31_143416.png

    den mona media ekeda menna me data aragena menna me karanava pennuve?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    View attachment 158943

    danata 0-19 athare merila tiyenne 65 mulu covid kaletama.... den oya kale normal kale ekka baluva nam bala ganna tibuna aeththatama beruna lama marana gana...

    podi lamayinta vaccine gahapu eken aeththama une nirogi lamayi leda karapu eka...kalayak yaddi eka eka athuru abada eddi terevi kara moada kama

    View attachment 158947

    den balapan me podi lamayinta vaccine gahanna kalin meruna % eka... ekath 2%

    hebeyi vaccine gahvata passeth merena % eka 2% yi

    View attachment 158943
    den mona media ekeda menna me data aragena menna me karanava pennuve?
    ඉතින් 2% පැවතිම තමයි හරි දේ, වැක්සීම් නැත්ව ඔක 5%-10 % වෙන්ඩ බැරිද, ඕකෙන් ලෙඩ ළමයි කියක් මැරෙන්ඩ තිබ්බද වැක්සීන් නැත්තන්,