තවත්-වාහන-බද්දක්-සිතුවාටත් වඩා වාහන මිල ඉ&#352

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තවත්-වාහන-බද්දක්-සිතුවාටත් වඩා වාහන මිල ඉŠ

    වැඩිවූ බදු මුදලට අමතරව තවත් සුඛෝපභෝගී බද්දක් - සිතුවාටත් වඩා වාහන මිල ඉහළටම යන්නේ මෙහෙමයි


    අයවැයේදී කුඩා මෝටර්රථවලට වැඩි වූ බදු මුදල්වලට අමතරව සුඛෝපභෝගී බද්දක් ද පනවා ඇති බව වාහන ආනයනකරුවෝ පවසති.

    වාහනයේ නිෂ්පාදන මිල (පිරිවැය, ප්‍රවාහන හා නාවික ගාස්තු) රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා මෙම බද්ද පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල නොසිතූ ලෙස ඉහළ යා හැකි බවත් ඔවුන් සඳහන් කරයි.

    ඊයේ (7දා) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

    එන්ජින් ධාරිතාව 1800cc වැඩි වාහන සඳහා මීට පෙර සුඛෝපභෝගී බද්දක් පනවා තිබුණත්, වාහන ආනයනයේදී සුඛෝපභෝගී බද්දක් පැනවූ ප්‍රථම අවස්ථාව 2019 අයවැයේදී සිදුව ඇති බව මෙහිදී අණවාරණය විය.

    සුඛෝපභෝගී බද්ද මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ දී ප්‍රකාශ නොකළ අතර මෙම රේගු බදු වැඩිවීමද සමග සුඛෝපභෝගී බද්දට යටත් වන මෝටර් රථවල මුළු බදු මුදල් වැඩිවීම වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. ජනප්‍රිය සන්නාම කිහිපයක් සමග මෙම ප්‍රමාණයන් ගෙනහැර දැක්වීමේදී, හොන්ඩා සිවික් රථයක මුළු බදු වැඩිවීම රු.14,50,000ක්ද, හොන්ඩා CRV රථයක රු.29,75,000ක්ද, අවුඩි Q2 සහ අවුඩි A3 රථවල රු.27,50,000ක්ද, බෙන්ස් CLA 180 සහ බෙන්ස් GLA රථවල රු.39,00,000ක්ද, බෙන්ස් C200 රථයක රු.46,75,000ක්ද, BMW 318i රථයක රු.41,75,000ක්ද, BMW X1 රථයක රු.46,75,000ක්ද සහ රේන්ජ්රෝවර් රථයක රු.18,900,000ක්ද ලෙස සඳහන් විය.

    මීට අමතරව, ජනතාව අතර වඩාත් ජනප්‍රිය ටොයොටා ප්‍රෙමියෝ, ටොයොටා ඇක්සිඕ, හොන්ඩා වෙසල්, ටොයොටා CHR,හොන්ඩා ග්‍රේස් ආදී රථවලටද අයවැයේ දී වැඩිවූ රේගු බදුවලට අමතරව, රු.400,000ත් - රු.500,000ත් අතර සුඛෝපභෝගී බද්දක්ද එකතු විය හැකි බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

    එමෙන්ම, ඉලෙක්ට්‍රික් වාහන මත බදු අඩුවීමක් සිදුවන බව පැවසුණද, අලුත්ම නිසාන් ලීෆ් රථයද මෙම සුඛෝපභෝගී බද්ද ඇතුළත් විය හැකි බැවින්, එවැනි රථයක මිලද රු.ලක්ෂ 20කින් පමණ ඉහළ යා හැකි බව සඳහන් විය. මීට අමතරව, තීරු බදු රහිත බලපත්‍රලාභීන්ටද සුඛෝපභෝගී බදු ඇතුළත් විය හැකි බවද වැඩිදුරටත් අනාවරණය විය.

    මෙවර අයවැයේදී පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් වාහන සඳහා රේගු බදු වැඩි විම ජනප්‍රිය මෝටර් රථ සන්නාම කිහිපයක් අනුව ගත් විට සුසුකි ඇල්ටෝ, ඩයිහට්සු මිරා සහ සුසුකි ජෙමිනි ආදී රථ රු.150,000කින්ද, සුසුකි සෙලෙරියෝ, ටොයොටා විට්ස්, සුසුකි ස්විෆ්ට්, හොන්ඩා සිවික්, අවුඩි A1, සුසුකි ග්‍රෑන්ඩ් විටාරා ආදී රථ රු.250,000කින්ද, ටොයෝටා ඇක්සිෙයා් හයිබ්‍රිඩ් සහ හොන්ඩා වෙස්ල් ආදී රථ රු.525,000කින්ද, ටොයොටා CHR රථය රු.540,000කින්ද, ටොයොටා ප්‍රෙමිෙයා්, ටොයොටා ඇලිෙයාන් සහ හොන්ඩා CRV ආදී රථ රු.675,000කින් රේගු බදු වැඩිවීමක් සිදුව ඇති බව මෙම මාධ්‍ය හමුවේදී සඳහන් විය.



    Source : http://nethgossip.lk/article/33394?...VVoV2yVC1WICeVSmXakUrZLdhu6pruoqL061rvn5qpINU


    53355805_2181006205320990_2687887617277558784_n.jpg


    මොන ටැක්ස් වැඩිවුනත් අපි 16+ රෙප් දේනවා.
    :yes::rolleyes:
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පුංචි කාර් ගන්න ගිහින් අන්තිමට ඒ ගානට මෝටර් සයිකල් එකක් ගන්න වැඩ සලස්සගත්ත සිංහලු. :lol::lol::lol:
    හැට දෙලක්ෂය පැතූ වෙනස ඉටු වුනා :love::love:
     
    • Like
    Reactions: yosh371

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    :lol:ඔන්‍න බලපං ඕවා අඩු වෙන හැටි ජන්දෙ ලං වෙනකොට.මරාගේ අාණ්‍ඩුව කාලේ වගේම අඩු කරයි මුන් වැඩි කරපුවා කපලා දාලා..:D
     
    • Like
    Reactions: yosh371

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පුංචි කාර් ගන්න ගිහින් අන්තිමට ඒ ගානට මෝටර් සයිකල් එකක් ගන්න වැඩ සලස්සගත්ත සිංහලු. :lol::lol::lol:
    හැට දෙලක්ෂය පැතූ වෙනස ඉටු වුනා :love::love:

    "අර නංගිට ආයේත් අඩන්න වේයි නේ"
    +16
     
    • Like
    Reactions: Indika Buddika

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁

    සිංගප්පූරුවක් කරන්න වගේ හදන්නේ

    හැබැයි tax වලින් විතරක් :yes::yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    "අර නංගිට ආයේත් අඩන්න වේයි නේ"
    +16
    ඒ නංගිගෙ පරම්පරාවටම ආයෙ අඩන්න වෙන්නෙ නෑ, පොනිල දෙන්නැති ලක්ශ ගානක් ඒ ඇඩ් එකට හිටියට. :angry:
    මීහරක් හැට දෙලක්ශෙ නිසා අනිත් සිංහලුන්ට තමා කෙල වුනේ.:sorry:

    +rep
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගහන එක සුපිරියටම ගහනවා, මුංට චන්දේ පරදින්න ඔනිද දන්නේ නෑ. :rofl::rolleyes:

    කෝ කෝ කව්ද මේවට වග කියන්නේ....කෝ මේ skype call සෙට් එක..

    කෝ මේ මද්‍යස්ථ මතදාරී ටෝයියෝ....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන්ගේ බදු ගැහිල්ලට රටේ ආර්ථිකය තව තවත් වල පල්ලට යනවා....
     
    • Like
    Reactions: sithija.h

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන්ගේ බදු ගැහිල්ලට රටේ ආර්ථිකය තව තවත් වල පල්ලට යනවා....

    හා හා එහෙම කියන්න එපා...ආසියාවේ හොඳම මොලේ තමයි අපේ අගමැති රනිල් ...
     
    • Haha
    Reactions: N A K A M U R A