තවත් විදෙස් කතක් හික්කඩුවේදී

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
තවත් විදෙස් කතක් හික්කඩුවේදී

හික්කඩුව ගෝණපීනුවල ප්‍රදේශයේදී නිවසකට පසුගියදා ඇතුළුවූ පුද්ගලයින් දෙදෙනෙක් එහි සිටි හැට හය හැවිරිදි පින්ලන්ත ජාතික කාන්තාවක් ඇඳ මත බැඳ දමා දූෂණය කර තිබෙනවා.

ඇය හික්‌කඩුව බේරතුඩුව ප්‍රදේශයේ අක්‌කර පහක ඉඩමක්‌ මිලටගෙන නිවසක්‌ තනා පදිංචිව සිට ඇති අතර දූෂණය කිරීමෙන් අනතුරුව ඇය සතු යූරෝ හාරදහසක්, රුපියල් ලක්ෂ දෙකක් ඇතුළුව ඇයගේ ජංගම දුරකථනය හා විදෙස් ගමන් බලපත්‍රයද කොල්ලකා ඔවුන් පලාගොස් තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් පොලීසියට හසුවී තිබෙන අතර අනෙක් තැනැත්තා සොයා හික්කඩුව පොලීසිය පරීක්ෂණ අරඹා තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේද කොළඹ බදුල්ල අතර ධාවනය වන පොඩිමැණිකේ දුම්රියේදී ප්‍රංශ ජාතික කාන්තාවක් අතවරයට ලක්වූ අතර ඊට පෙර 2011 ඔක්තෝබර් සිට 2012 පෙබරවාරි දක්වා ගතවූ මාස 5ක කාලය තුළ මසකට එක්කෙනා බැගින් විදේශීය කාන්තාවන් ලංකාවේදී අතවරයට ලක්වී තිබුණා.


 
  • Like
Reactions: pcud

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    munwa maranna ona
    117.gif