තවත් වෛද්‍යවරයෙක්ට කොවිඩ්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    රිකිල්ලගස්කඩ දිසා මූලික රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණි.

    කැලණිය ප්‍රදේශයේ පදිංචි අදාළ වෛද්‍යවරයා පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයට පැමිණ තිබීම හේතුවෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී ආසාදිතයෙකු බව හඳුනාගැනුණි.

    මාතර වැලිගම ප්‍රදේශයෙන් හඳුනාගෙත් කොවිඩ් ආසාදිත මාළු ව්‍යාපාරිකයාගේ සහායකයින් දෙදෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    ස්වයං නිරෝධායනයට යොමු කර සිටියදී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයෙන් ඒ බව හඳුනාගැනුණු අතර ඔවුන් හම්බන්තොට රෝහල වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

    මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කටයුතුවල නිරත වූ රත්නපුර මාදම්පේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීම හේතුවෙන් මාදම්පේ නගරයේ මාළු වෙළෙඳ මධ්‍යස්ථානය ඇතුළුව සියලූම වෙළෙඳසැල් වසා දැමීමට ගොඩකවෙළ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බණ්ඩාර මහතා පියවර ගෙන තිබේ.

    රත්නපුර මුවගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත මාළු ව්‍යාපාරිකයාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් තවත් වෙළෙඳුන් තිදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු විය.

    ඔවුන් රත්නපුර කරන්ගොඩ, මල්වල සහ කිරිඇල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර රාත්‍රියේම ඔවුන්ව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කෙරුණි.

    අද දෙරණ
     
    • Like
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මාළුවිකුණන ගොඩක් අයට positive වෙලා නේද
    phi ල ගම්මාන වහන්න කිව්වට ඒක කරන්න බෑ කියල කියනවා


    එහෙ මෙහෙ යන්නේ නැතුව ඉදපල්ලා