තවත් සුනාමියක් අත ලගම එනවා?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
තවත් සුනාමියක් අත ලගම එනවා?

අද පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක්
(අමල් වික්‍රමරත්න)

දිවයින වටා පිහිටි දිස්ත්‍රික්ක 14 හි අද (05) පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මෙම පෙරහුරු අවස්ථාවලදී දැනට වෙරළබඩ ප්‍රදේශවල පිහිටුවා ඇති සියලුම සුනාමි අනතුරු ඇඟවීම් කුළුණුවල අනතුරු අැඟවීමේ සංඥා නාදකරන බැවින් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බව ආපදා කළමනාකරණ ඒකකය මහජනතාව දැනුවත්කරමින් පවසයි.


මේ සඳහා දිවයින වටා පිහිටා ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 74 සක්‍රීය කර පෙරහුරු වැඩසටහන පවත්වන බවද පැවසීය.

සූනාමි අවස්ථාවකදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව මුහුදු බඩ ප්‍රදේශ වල ජනතාව ප්‍රායෝගිකව දැනුවත් කිරීම අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙම වැඩසටහනට සමගාමීව සුනාමි පෙරහුරුවෙහි ජාතික උස්සවය කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවත්වීමට නියමිතව ඇත.