තවත් සුනෙත් සර් කෙනෙක් ද?

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    තවත් සුනෙත් සර් කෙනෙක් ද?


    මගේ ටියුෂන් පන්තියේ 11 වසර, හැම දරුවෙක්ම මගේම දරුවෙක් වගේ. හැමෝමම මටත් ඒ වගේ ආදරෙයි, දඩබ්බර කොලූ ගැටයෙක් දෙකෙක් ඇරුණම අනිත් හැම කොල්ලෙක් කෙල්ලෙක්ම කියන දේ අහන් පංතියේ වැඩ කළා. මේ අතරේ පන්තියේ ඉස්සරහම පේළියේ වාඩිවෙන එක පුංචි කෙල්ලෙක් මගේ ජීවිතේ අමතක කරන්න බැරි චරිතයක් වුණා. ඒකි හැමදාම පන්තිය ඉවරවෙලා තේරුන්නැති දේවල් මගෙන් ආයෙත් අහගත්තා. අහගෙන මටත් වැඳලා යන්න හැමදාම වගේ පුරුදු වෙලා හිටියා.
    ටික දවසක් යද්දියි මම දැක්කේ මේ පුංචි කෙල්ල මගේ දිහාම බලන් ඉන්නවා. මාත් එක්ක කතා කරන කොටත් හරි වෙනස් විදිහට ආදරෙන් කතාකරන්නේ. මෙයාගේ නම දිලූ... දිලූගෙ ඉගෙනීම ගොඩාක් හොඳයි. මෙහෙම ටික දවසක් යද්දි දිලූගෙ වෙනසක් මට දැනුනා. දිලූ මට කියනවා, සර්ට මං ආදරෙයි කියලා...
    මං කිව්වා දරුවො හැමෝටම මං ආදරෙයිනෙ, ඔයාලත් ඉතින් මට ආදරෙයිනෙ කියලා. දිලූ හිනාවෙලා ඇස් කොනින් කියනවා නෑ සර්, මට සර්ව හැමදාම මගේම කරගන්න ඕනේ කියලා. මට දෙයියො සිහි වුණා... දිලූගෙත් මගෙත් වයස් පරතරය අවුරුදු 12 ක්. පිස්සු කෙල්ලෙක් කියලා මට එවෙලෙ හිතුණා... තත්ත්වය මෙහෙම වෙද්දී මෙකි දවසක් පන්තිය ඉවරවෙලා මගේ අත අල්ලන් කියනවා... මට සර්ලයි ගෙදර යන්න ඕනේ, සර්ලයි අම්මටත් මම හරි කැමති කියලා, එතකොටයි දැනගත්තේ මෙයා අපෙ අම්මත් අඳුරනවා.. මම ඒ දරුවට පැහැදිලි කරලා දුන්නා. මගෙයි එයාගෙයි වයස සහ ගුරු ගෝලකම ගැන. ඒත් කෙල්ලගේ වෙනසක් නෑ... මටත් හරි ආසයි මේ පුංචි කෙල්ලගෙ හුරතලේට... ඒත් මම කැමති නෑ වැරැුද්දක් කරන්න. මෙහෙම යද්දි මේකි මට කෑම ජාති පවා හදන් එනවා. මම එපා කිව්වොත් ඉකි ගගහා අඩනවා. ඊට පස්සෙ මම මේ ළමයා ගැන විස්තර ටිකක් හෙව්වා. ඒ කතාව මාර දුකක්, ඒ දරුවගේ අම්මා නැති වෙලා ලෙඩක් හැදිලා. තාත්තා දාලා ගිහින්. ආච්චියි සීයයි දරුවා හදන්නෙ. හැබැයි කිසි අඩුපාඩුවක් නෑ... ඒත් කෙල්ලට ආදරේ ඕන වෙලා මේ වයසට, තනිකම පාලූව අතරේ දිලූත් මගේ ජීවිතේ කොටසක් වුණා... මමත් ඒකිට ආදරේ කළා....
    කාලය ඔහොම ගියා.. දිලූ උසස් පෙළත් සමත් වුණා.... කැම්පස් යන්න බෑ කිව්වා... මගෙ කටේ බලෙන් යැව්වේ... උපාධිය ගත්තා ඉංග‍්‍රීසි භාෂාව බී.ඒ. එකත්, අද අපි දෙන්නාගෙ මතක වලින් පොඞ්ඩක් මේ කිව්වෙ... දිලූගෙයි මගෙයි වෙඩින් එක අද..... පුදුම සතුටින් ඉන්නෙ මම අද... මේ වගේ කතා ලංකාවේ අනන්තවත් ඇති, ඒත් මගේ කතාවෙ දිනුම දිලූ ඔයා විතරමයි මගේ ජීවිතේ......

     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මමත් දන්න ඔයවගේ කතා එක දෙකක් තියනවා. ඔය වගේම නෙමෙයි ඉතින්. ඔය නුගේගොඩ ක්ලාස් කරන ගොඩක් ප්‍රසිද්ද ගුරුවරු බැදල තියන්නෙ තමන්ගෙම ගෝලයින්ව තමයි. මට මතක විදියට බන්දුල ගුණවර්ධන සර් මොහාන් ලාල් ග්‍රේරො එහෙමත් ඒ ගොඩේමයි