තවත් 13ක් ස්වාධීන වේ… 2/3 ආණ්ඩුව මහ පොලොවට පතබෑවේ… #GoHomeGota

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පවතින අර්බුදකාරී තත්වය මත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

    මෙම පිරිස ජනාධිපතිවරයාට තම තීරණය ලිඛිතව ද ලබාදී ඇති අතර පවතින ගැටලුකාරි තත්ත්වයට විසඳුමක් ලෙස අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා අග්‍රාමාත්‍ය ධුරයට සුදුස්සෙකු පත් කිරීම මේ මොහොතේ අවශ්‍යම කාර්යයක් බව පෙන්වා දී ඇත.
    නව අමාත්‍ය මණ්ඩලයට ද විරෝධය පළ කර ඇති මෙම පිරිස පෙන්වා දී ඇත්තේ අමාත්‍ය ධුර ලබාදීමට නිසි පරිදි සිදු නොවූ බවයි.
    මෙම මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද අද දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

    මෙම මන්ත්‍රීවරුන් දහතුන් දෙනා ස්වාධීන වී විපක්ෂයේ අසුන් ගතහොත් ආණ්ඩුවේ බහුතර බලය නිශ්චිතවම අහිමි යාමට නියමිතය.
    මීට පෙර ආණ්ඩුවෙන් හතළිස් එක් දෙනෙක් ඉවත්වූ අතර ඊයේ දිනයේ තවත් තුන් දෙනෙකු ඉවත් වූහ.
    මෙම 13 දෙනොගේ පිරිස ඉවත් වූවොත් ආණ්ඩුවෙන් ඉවත් වන මුළු පිරිස පනස් හත් දෙනකු දක්වා ඉහළ යයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නව අමාත්‍ය මණ්ඩලයට ද විරෝධය පළ කර ඇති මෙම පිරිස පෙන්වා දී ඇත්තේ අමාත්‍ය ධුර ලබාදීමට නිසි පරිදි සිදු නොවූ බවයි


    ☝️
    මේච්චර තෙල්, පොගොර, බෙහෙත් නැතිව බංකොලොත් වෙලත් slpf එක විපක්සෙට ගියේ ඇමති දූර ටික නැති උන දවසේ :lol:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    1650517377205.jpeg
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    නව අමාත්‍ය මණ්ඩලයට ද විරෝධය පළ කර ඇති මෙම පිරිස පෙන්වා දී ඇත්තේ අමාත්‍ය ධුර ලබාදීමට නිසි පරිදි සිදු නොවූ බවයි


    ☝️
    Nokiya kiyanne untath pattamak deepan neththam api yanawa kiyala pakku tika
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඊට පස්සේ
    යන්න වෙනවා
    මූට අය වැයක් තියා තුන්ඩු කෑල්ලක් වත් සම්මත කරගන්න වෙන්නෙ නෑ 😂
    ඕකුන් විශවාසභංගේ ආවම කොන්දේසි දාලා ඒවට එකග නෑනේ කියලා ජනාධිපතිමට සහය වෙනවා
     
    • Haha
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඊට පස්සේ

    ඕකුන් විශවාසභංගේ ආවම කොන්දේසි දාලා ඒවට එකග නෑනේ කියලා ජනාධිපතිමට සහය වෙනවා
    sanvedi vela sahaya dakvanava

    same shit
     
    • Haha
    Reactions: Kodiya97

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    මට ඔකුන් සුවර්ම නැ,
    පස්සෙ දොරෙන් ගිහින් ඇමති කැල්ලක් අරන්ගෙන හෙට අනිද්දා වෙද්දි නිවුස් එන්න පුලුවන්....
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මගෙන් අනාවැකියක්
    තව අවුරුදු 3ක් යනකල් ගෝටා ජනපති මහින්ද අගමැති. හ්ම්ම්
    කුම්බලා මාලු කෑවනම් විදවපන් බලලෝ.මොන අරගල කලත් එක්කො අරගල කාරයෝ වගෙ ඇදගත්ත කුලි හේවායෝ දාලා ඒවා අල කරලා මිනිස්සුන්ට කරදර කරලා ඒවා දිය කරනවා.එක්කො වෙඩි තියලා මරලා දානවා.රාජපක්ශ සාපය තමා මොනවා කරන්නද
     
    • Sad
    Reactions: Die-hard

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඊයේ දැක්කද අලුත් සීන් එක.
    විපක්ෂය චන්දයක් ඉල්ලනවා දවල් කෑම කන්න යන්නේ නැතිව දිගටම පාර්ලිමේතුව කරන්න
    උන්ට ඕනා කව්ද චන්දෙ පක්ෂව දෙන්නේ නැත්තේ කියලා හොයාගන්න
    ආණ්ඩු පක්ෂේ දන්නා වැඩ කිඩ ඔක්කොම දානවා චන්දෙ නොතියවා ඉන්න....


    විකාර වැඩකට චන්දෙ තියමු, එපා කියලා වාදේ.... වැඩේ නෙමේ විපක්ෂෙට ඕනා චන්දයක්. ආණ්ඩුවට ඕනා චන්දයක් නොතියා ඉන්න... පට්ට ගේම...

    වැඩේ තියෙන්නේ ආණ්ඩුවට 51% තහවුරු උනත් උන් මීට වඩා දරුණු වෙයි. නැති උනත් උන්ට කෙලම වෙලා යයි......
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    පිස්සා යන්න ඕන.
    සිප්පි වැඩක් නැහැ
    බහුතරයක් අනික් පැත්තේ ඉන්නවා නම් පාර්ලිමේන්තු පනත් පාස් කරගන්න බැරි වෙනවා.එතකොට මහ මැතිවරණයකට යන්න වෙනවා.ඊට පස්සේ ඒක ආණ්ඩු පක්ෂය පරාද උනොත් අගමැති කොහොමත් වෙනස් වෙන්න වෙනවා.
    ඊට පස්සේ පිස්සට කොහොමත් වැඩිය මුකුත් කරන්න බෑ.
     
    • Like
    Reactions: Walter White

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ඉස්සල්ලම නාකි මයිනව යවමු ඉලගට පිස්සව යවමු 😂😂😂 දවල් හීන එකාට ඩොලර් මිලියන් 2 ගානේ දෙනවා මමත් ඒ වෙලාවට රාජපක්ශලා එක්ක ඒ දෙක අර තව සති දෙක තුනක් රාජපක්ශලා එක්ක ඉදලා උන්ට කොකා පෙන්නලා විපක්ශයට එනවා . එමයි වින් වින් සිටුවේශන් එකක් හදාගන්නේ .
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    all these are equally responsible not only Gota , MR, Wilama, UdayG,Jhony, Rohitha, Jayasumana(new MOH) , Ali Sabr(MOF) ...
    They all supported GR's idiotic self destruciton Economic Policies knowingly that SL will face this situation
    They did not want to take the responsibility of austerity measures that will result loss of their power/seat or ministry.
    This is the reason that no corrective measure was taken.
    Now they again fear of their seat and change sides and may again change with money!
    do not believe any of them!
    GR and Wimal is doing the last Dance!(drama) -NCM